Chapter 5

840 197 6
                                    

මම පහුවදා උදේ නැගිට්ටේ නොසන්සුන් මනසකින්...... ටේ අද මාව මේට් විදිහට පැක් එකට හදුන්වල දෙනවා.... ඒත් ඇත්තටම ඒක ඇත්තක් නෙවෙයි. මම නමට විතරක් එයාගේ මේට් විතරයි...

මම ටේහියුන්ග් ට මුකුත්ම කිවේ නෑ..

මම සරල වගේම ලස්සන ඇදුමක් ඇදගෙන මගේ කොන්ඩේ පැත්තට පීරගත්තා...මම මගේ දිහාම කණ්ණාඩියෙන් බලගෙන හිටියා...

" ඇත්තටම අර කෙල්ල ලස්සනයි.... ටේහියුන්ග් එයාට කැමති එක පුදුමයක් නෙවෙයි...ඒත් ඉතින් මාත් සරලයි ලස්සනයි...ඒත් මම පිරිමි කෙනෙක් නේ...හැබැයි මට එයා ගැන අමුතු හැගීමක් දැනුණා...මට දැනෙනවා එයා මගේ මේට් කියල.."

ටේහියුන්ග් එකාපරටම කාමරේට ආවා....

" හෙයාර් ජෙල් ටිකක් ගාගන්න.....එතකොට ලස්සනයි...."

•••

උත්සවය වෙලාවෙ ටේහියුන්ග් මට කීකරු වෙයි කියල ඇත්තටම මම බලපොරොත්තු උනා...

ටේ උත්සවේ වෙලාවේ කොහෙවත් හිටියේ නෑ..... එයා මාව ලැජ්ජා කරන්න හිතාගෙනම මේක කලාද කියලත් මට හිතුනා..පැක් එකේ හැමෝම මට ලොකු අවදානයක් දීල හිටියා වගේ මට දැනුනා...මම ටේහියුන්ග් ව හැමතනම හෙව්වත් එයා පෙන්න හිටියේ නැ..අඩුම ගානේ ටේ එයාගෙ කෙල්ල එක්කවත් හිටියේ නෑ..මට මගේ තරහ පිට කරගන්න පොඩ්ඩක් හරි උදව් උනේ අතේ තිබ්බ වයින් කෝප්පේ විතරයි....

"ජන්ග්කුක්"

මට කව්රු හරි කතා කරනව ඇහුනා....මම පිටිපස්ස හැරිල බලද්දිම ඒ කෙනා මගේ කර වටේ අත දාගත්තා... ඒ වෙන කවුරුත් නෙවෙයි...එදා මාව දේශ සීමාවේ ඉදල පැක් හවුස් එකට එක්කගෙන ආව ලොම් පිරුනු වෘකයා හොබී....

"ඇයි ඔයා එදා පැනල යන්න හැදුවේ...."

" මම එදා පැනල යන්න හැදුවේ නෑ... මම ගියේ ටිකක් ඇවිදින්න...ඒත් මට මගේ වෘකයාව පාලනය කරගන්න බැරිවුනා....මම ඇත්තටම එදා ටිකක් කලබල වෙලා හිටියේ ටේහියුන්ග් එදා අර bitch එක්ක හිටපු නිසා..."

" ආ ඒකද....ඇත්තටම මම පුදුම වෙන්නෙ නෑ..මොකද ටේහියුන්ග් ඒ කෙනාව දකින්නේ සෑහෙන කාලෙක ඉදලා.......

BaD MaTe 💋 ( Completed Taekook ) Where stories live. Discover now