Chapter 3

919 198 10
                                    

කලුපාට කෙස් තිබ්බ කෙල්ලෙක් මගේ පැත්තට හැරුණා..

ඔයාට ටේ ගේ මේට් වෙන්න ඕනෙමද ?... මම ජෙනී....ටේහියුන්ග්ගේ නංගි"


එහෙම කියලා එයාගේ අත මගෙ පැත්තට දික් කලේ අතට අත දෙන්න හිතාගෙන..

" ඔව් ජෙනී... මගේ නම ජන්ග්කුක්... ඔයා වෙච්ච දේ දන්නෙ නැතුව ඇති.... ඒක නෙවෙයි ටේහියුන්ග් කොහෙද ඉන්නේ.. "

මම එහෙම ඇහුවට එයා ටේහියුන්ග් ඉන්න තැන කියන්න කැමති බවක් නම් මූනෙන් පේන්න තිබ්බෙ නෑ...

මම රෑ කෑම අරගෙන ගේ වටේ ඇවිදින්න තීරනේ කලා.. මට ඕනේ වුනේ මේ විශාල ගෙදර තියන තැන් ගැන ටිකක් දැනගන්න.. මගේ පැක් එක ඉන්න තැන එක්ක මේ තැන සසදන්න හිතන්නවත් බෑ.. ඉක්මනට මේ ගේ වටේ ඇවිදල ආයෙ යනවා කියල හිතාගෙන ගේ කෙලවරටම ගියා....

ඒත්..මම දැක්කේ මම දකින්න ඕනේ දෙයක් නෙවෙයි

එතන තිබුන ලොකු ශාලවට පිටිපස්සේ ඉදන් ටේහියුන්ග් ගැහැනු ලමයෙක් කිස් කරන ගමන් හිටියා....

" කවුද ඒ කෙල්ල... ටේහියුන්ග් ට දැන්ම අමතක වෙලාද මම එයාගේ මේට් කියලා....."

ඒ දර්ශනේ දකිනවත් එක්කම මගේ කේන්තිය වැඩි වුනේ මටවත් නොදැනී..

"What the hell is this?! තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නේ.....මොනවද ඔය කරන්නේ......" මම ඒ ගෑනු ලමයට කෑ ගැහුවා..

" තමුන් මටද කතාකලේ.. තමුන් කවුද මට එහෙම කතා කරන්න..ආ?"

ඒ කෙල්ල හරිම තර්ජනාත්මක ස්වරූපෙකින් මගේ පැත්තට ඇදිලා ආවා..

" මම එයාගෙ මේට්..."

මම ඒ කෙල්ල දිහා බලලා හයියෙන් කෑ ගැහුවා...

" ඔයාගේ මේට් ට ඔයාව මදි හින්ද නෙවෙයි ද එයා මන් ගාවට එන්නෙ..."

ඒ කෙල්ල මට පල් හිනාවක් දැම්මා...

" මොකක්ද තමුන් කිව්වේ...."|

මට මගේ තරහ පාලනේ කරගන්නම බැරි වුනා... එතකොටම ටේහියුන්ග් මාව ඇදගෙන ගිහින් බිත්තියට තද කලා..

" ඔයා නමට මගේ මේට් විතරයි..."

ඒ වචන ටික මගේ හදවත සැහෙන්න බින්දා.......මට දැනුන මගේ අතේ ඇගිලි තද වෙන විදිහ....

BaD MaTe 💋 ( Completed Taekook ) Where stories live. Discover now