Chapter 8

775 184 1
                                    

මම පරිස්සමට අඩි තියන්න පටන් ගත්තා...එතකොටම ටේහියුන්ග් අපි ඉන්න තැනට ආවා...මම එයා දිහා බැලුවේ මේ පුහුණුව කලාට කමක් නැද්ද වගේ...

ටේ මගේ දිහා බලල හිනාවුණ නිසා මම මේ දේ කරල බලන්න හිතුවා..

ටේහියුන්ග්, ජෙනී දෙන්නම හිටපු නිසා බයක් දැනුනේ නෑ..ඒත් මම මීට කලින් කවදාවත් සද්ද නැතුව අඩි තියලා තිබුනේ නෑ... නොසැලකිලිමත් වෘකයෝ අඩි පටල ගන්නවද බලන්න සීනු වගේම කෑන් උඩ ඉදන් පාතටම එල්ලල තිබ්බා.. බිම, කොළ, අතු හා වයර් වලින් ආවරණය වෙලා තිබ්බ නිසා වරද්දන අය අදුරගන්න පුලුවන්.. මම බිමට නැමීලා පුහුණුවේ පලමු පියවර ආරම්භ කලා... ටේ කෙලවරේ ඉදන් නීති රීති පැහදිලි කලා....

ජෙනී කිව්ව විදිහට අපේ කකුල් වලින් පොඩි සද්දයක්වත් එන්න බෑ...ඒ වගේම තමන්ගේ ඉලක්කේ ගැන අවදානේ තියෙන්නත් ඕනේ... ටේහියුන්ග් කියපු විදිහට එයා අතේ තියන ලයිට් එක රතු පාට වුනොත් මම මේකෙන් අසමත්.......ටේහියුන්ග් විසිල් එක ගහල පටන් ගත්තා... මම බිමට පාත් වෙලා කෑන් වගේම නූල් අතරෙන් හෙමීට ඇවිද්දා..... මම හෙමීට අඩියෙන් අඩිය ඉස්සරහට ගියා. කොළ  වගේම අතු වල අවුල් ජාලයෙන් මම පරිස්සමට මගේ ගමන ගියා...

මම හුස්ම ගන්න එක පවා කලේ හෙමිට....මගේ ඉස්සරහ කකුල් වගේම පිටිපස්සෙ කකුල් වලටත් මම හොද අවදානයක් දුන්නා...ඊට පස්සේ මගේ කකුල ගාවට හම්බවුනේ වයර්....ඒව අතරින් මම හෙමීට කකුල තිබ්බා...

මට එකපාරටම සද්දයක් ඇහුන හින්දා මම හිතුවේ මම වැඩේ අවුල් කරගත්තා කියලා...ඒත් ජෙනී හිනාවෙලා අප්පුඩි ගහනවා දැක්කම හිතට සහනයක් දැනුනා...ටේහියුන්ග් වුනත් මගේ දිහා බලලා හෙමීට අප්පුඩි ගැහුවා...

"Good job....ඒත් ඕක ගොදුර පස්සේ හඹාගෙන යන්න කරන පාඩම් වල එක කොටසක් විතරයි....ඔයා හාවා පස්සේ පන්නගෙන යද්දි ගොඩක් වැරදි තිබුනා...ඔයා ඒවා හදගන්න ඕනේ...."

මම බිම බලාගත්තා...

" ඒත් ඔයාට ඒව හෙමීට වැඩිදියුනු කරගන්න පුලුවන්...."

ටේහියුන්ග් මන් දිහා බලලා හිනාවෙල එහෙම කියපු එකම මට ලොකු සතුටක් වුනා...

BaD MaTe 💋 ( Completed Taekook ) Where stories live. Discover now