06

431 71 20
                                    

"ජිමින් එයා ....."

"ජොන් ජන්ග්කුක් ✋ මම ඉන්නවා"

ජිමින්ගෙත් ජේමින්ගෙත් ටේගෙත් හිතේ බය නැති උනේ ඒ කටහඩ ඇහුන නිසයි.

කුක්කා වටපිට නොබලම ගිහින් ඉන්දගත්තෙ තනියම ඉන්න සීට්  එකක.

ජේමින් : "බන් කොල්ලගෙ අතට මොකද්ද වෙලා තියෙන්නෙ ? "

ජිමින් :- " ජේමින් මට පේන්නෙ ජන්ග්කුක් අපිට හන්ගන දෙයක් තියෙනවා "

ටේගෙ මූන මැල වෙන හැටි ජිමින් හොන්දටම දැක්කා.

ජිමින් :- ටේ....හිතන්නෙපා එයාට අමාරු කාලයක් වෙන්න ඇති , අපි බලාගෙන ඉමු තේරුනාද ? "

ටේ ඔලුව වැනුවෙ ලොකු හුස්මක් පහලට දාන ගමන්.ටේගෙ හිතට ගොඩක් දුකයි.
..............................................................................

At the camp

හැමෝම වෙලාවට කලින්ම කෑම්ප් එකට ආවා. වටේටම කැලෑව. ඊටත් සීතල.  හැමෝම වගේ තමන්ගෙ ටෙන්ට් ගහගන්න පටන් ගත්තා

ප්‍රොෆෙසර් ජූන් : " ටිකකට මේපැත්ත ට හැරෙන්න ලමයි. හරි ඔයාල එලියට ගියාට කමක් නෑ. මේ කෑම්ප් එකෙ සීමාව දක්වා පමනක්. දැන් හිම වැටෙනවා . ඒ නිසාගොඩක් සීතලයි කැලේ. ඔයාලගෙ phones සියල්ලම මෙන්න මේ box එකට දාන්න අපි ආයෙ හෙට යන වෙලාවට මේව ඔයාලට දෙනවා. devices තියාගෙන ඔයාලට පරිසරය විදින්න බෑ. ඒ වගේම රෑ 9.00 වෙනකොට රාත්‍රී ආහාරය අරගෙන 10.00 වෙනකොට හැමෝම නිදාගන්න යන්න ඕන"

.................................................................................

ලමයි හැමෝම වගේ එයාලගෙ ටෙන්ට් ගහගත්තා. වටපිටාව සුදුම සුදු හිමෙන් වැහුනට ඒ පිහිටීම හරිම ලස්සනයි.

"ජන්ග්කුක් ...මම ඔයාට උදව් කරන්නද ? "

එක අතක බැන්ඩේජ් එකක් නිසා ජන්ග්කුක්ට තනියම ටෙන්ට් එක හදාගන්න බැරිව ඉන්න කොට එතනට ආවෙ මිසූ.

" අම්...Thanks මිසූ ඔයා මේ දේවල් කරන්න ඕන නෑ "

" ජන්ග්කුක් ...ඔයා...."

" මිසූ ...pls "

" Oh.......ok "

ජන්ග්කුක් එහෙම කිව්වෙ ඇස් දෙකත් පියාගෙනමයි.මිසූගෙ හිත රිදෙන්න ඇති. එයා උදව් කරන්නයි ගියේ. ජන්ග්කුක් ටිකක් හිතෙන් පසු තැවුනා. නමුත් ප්‍රශ්න ඇති නොවෙන්න වග බලාගන්නයි ජන්ග්කුක්ට ඕන උනේ.

ස්සිංජ්න්ල්ං‍බ්‍ඤ්ඥ්ඥ්ස්ස්බ්Where stories live. Discover now