Chapter 01

257 40 35
                                    

2012 වර්ෂය අගභාගය

ඔහුගේ කාර්‍යබහුල ජීවිතයට ⁣අදහස් ගොන්නක් එකතුවුනු පොතක් පවා ගෙනාවේ සැනසීමක්.

ව්‍යාකූලත්වයෙන් පිරුනු දවසකට එක් හෝරාවක් හෝ නිදහස් වීමට පොත් ඔහුට උපකාරී වුනා.

ඉඩක් ලැබුණු සෑම වෙලාවකම පාසල් පුස්තකාලයට යෑම ඔහු පුරුද්දක් කරගත්තේ ඒ නිසයි.

දින ගණනක් ඔහුගේ අවධානය රුදුනේ තනි මේසයක ඉදන් ඇගේ ගැඹුරු අවධානය පොතක් දෙසට යොමු කරගෙන සිටි පියකරු යුවතියක් ගාව.

දවස් කිහිපයක් තිස්සේ ඇයව ඇස ගැටුනත් ඇයත් සමඟ වචනයකුදු කතා කිරීමට අවස්ථාවක් ඔහුට හිමි වුනේ නැහැ.

මෙසේ පාසල් කාලය අවසන් වී අමතර කාලයක් පුස්තකාලයේ රැඳී සිටි ඔහුට ඇයට කතා කර මිතුරු වීමට තදින්ම උවමනාවක් දැනුනා.

පුස්තකාලයේ ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙන කිසිවෙකු සිටියේ නැහැ.

"ම්ම්..මම මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද?."

ඔහුගේ කටහඬින් ඇයගේ අවධානය බිදුනා.

ඇය හිස සැලුවේ එයට අවසර දෙන්න මෙන්.

"ස්තූතියි."

ඇයගේ එක් පසකින් හිඳ ගන්න ගමන් ඔහු හිනා වුනා.

"මගේ නම කිම් නාම්ජූන්..එතකොට ඔයා?."

ඇයගේ වතගොත දැනගැනීමේ අරමුණ ඇතුව නාම්ජූන් ඔහුව හඳුන්වා දුන්නත් ඇය තවමත් නිහඬයි.

ඒත් ඒ උපැස් යුවළ අතරින් පෙනුන ගැඹුරු දෑස් යොමු වෙලා තිබ්බේ ඔහු දිහාට.

ඇත්තටම ඇය සුන්දරයි.

ග්‍රීක මූර්ති ශිල්පියෙක් අතින් නිමවූ අනර්ඝ කිරිගරුඬ මූර්තියක්වන් පියකරු මුහුණ සහ දිග කොන්ඩය ඇයට මනාසේ ගැලපුනා.

ඈ අසලින් හැමුවේ ලැවැන්ඩර් මල් සුවඳක්.

"සමාවෙන්න.මම ඔයාට බාධා කරන්න හිතුවේ නෑ.ඇත්තටම සමාවෙන්න."

නාම්ජූන් සිතුවේ ඔහු,ඇයට බාධාවක් කියලා.

නාම්ජූන් එතනින් නැගිටලා යන්න සැරසුනා.

ඒත්...

ඔහුට යන්න හම්බුනේ නෑ.

ඇය,ඔහුගෙ එක් අතකින් අල්ලගෙන තිබුනා.

ඇය හිසින් සන් කරේ නැවතත් ඉඳගන්න ලෙසට.

නාම්ජූන් නැවතත් හිටි තැනම අසුන් ගත්තා.

"මගේ නම ජන්ග් හේසොල් "

ඇය ඒක කිව්වේ නෑ.

ඇය ඒක ඇගේ සටහන් පොතේ ලියා පෙන්නුවා.

ඇත්තටම අැයට ඒක කියන්න හැකියාවක් තිබුනේ නෑ.

මොකද දෙවියන් ඇයට දෙවඟනක් බඳු රූපයක් ලබා දී තිබුණද ඇගෙන් කථන හැකියාව උඳුරගෙන තිබුනා.

~~~~~~~~~~~~~~~~~~~~~
Hi Sakuras 🌸🌸

මම මගේ writing style එක ටිකක් වෙනස් කරා.අවුල් යයිද දන්නැ..මෙච්චර කාලයක් ලිව්වේ free style එකෙන්නේ....තේරෙන්නේ නැති තැනක් තියනවනම් අහන්න...අවුල් වැඩියි වගේනම් ඒත් කියන්න මම මේක අයින් කරන්නම් ☺️

_Saruu_🌸

𝐌𝐈𝐑𝐀𝐆𝐄 || KNJ [Completed]Where stories live. Discover now