Chapter 06

103 37 11
                                    

අද දින නාම්ජූන්,හේසොල්ව බිග්හිට් ආයතනයට රැගෙන ආවේ අනෙක් සාමාජිකයන්ට ඇයව හදුන්වා දීමට.

මෙම ගමන හේසොල්ගේ සිතට චකිතයක් ගෙන ඒමට සමත් වී තිබුනා.

"සොල් ඔයා ඉන්නේ බය වෙලාද?.බය වෙන්නෙපා මම ඉන්නවනේ."

නාම්ජූන්,හේසොල් සමඟ එහි ඇතුලු වන ගමන් හේසොල්ගේ සිතට ශක්තියක් වීමට උත්සහ කරා.

නාම්ජූන් අැතුලු වනවත් සමඟම එහි කාර්‍යමණ්ඩලය ඔහුට ආචාර කරත්,හේසොල් ගැන ඔවුන් උනන්දු වුනේ නැහැ.

නාම්ජූන් ඔවුන්ට ප්‍රතිචාර දක්වා හේසොල් සමඟ පුහුණුවීම් කාමරයට ඇවිදගෙන ගියා.

"ඔන්න මම සොල්ව එක්කගෙනවා."

නාම්ජූන්ගේ හඬ ඇසෙනවත් සමඟ අනෙක් සාමාජිකයන් එතනට රැස්වුනේ ⁣හේසොල්ව දැක ගැනීමේ උවමනාවෙන්.

ඒත් ක්ෂණිකයෙන් ඔවුන්ගේ මුහුණු මැලවී ගියා.

"කොහෙද ජූන්,සොල්?...ඔයා එයාව එලියේ තියලද ආවේ?..."

හොසොක් එසේ අසද්දි නාම්ජූන් කලබල වුනා.

මන්ද එම අවස්ථාවේ හේසොල් ඔහු අසලම රැඳී සිටියා.

"යාහ්...හෝබා විහිලු කරන්නෙපා..මේ ඉන්නේ සොල්."

"ඇත්තටම හ්යෝන්ග් මටත් මෙතන කාවවත් පේන්න නෑනේ."

සියලු දෙනා ඉතා විශ්වාසයෙන් එසේ පවසද්දි නාම්ජූන්,හේසොල් දෙසට හැරුනා.

ඇයත් නාම්ජූන් දෙස බලා සිටියා.

ඇගේ රත් පැහැ දෙකොපුල් අධික සීතල නිසා සුදුපැහැ ගැන්වී තිබුනා.

ඇයගෙන් පිටවන උණුසුම් සුසුම් නාම්ජූන්ගේ මුහුණ සිප ගත්තා.

නාම්ජූන් විශ්වාසයි ඇය මෙතන සිටින බවට.

නමුත් අනෙක් කිසිවෙකුට ඇයව නොපෙන්නේ ඇයි?

ඇත්තටම ඇය මෙතන සිටින්නේ නැද්ද?

නැත්නම් ඔවුන් විහිලු කරනවාවත්ද?

නාම්ජූන්ගේ මනස ව්‍යාකූල වුනා.

සත්‍ය,අසත්‍ය තෝරා ගැනීමට ඔහුගේ මනසේ ව්‍යාකූලත්වය ඉඩ දුන්නේ නැහැ.

අවසානයේදී ඔහු සිහිසුන්ව පුහුණුවීම් කාමරය තුළම අැද වැටුනා.

~~~~~~~~~~~~~~~~~~~~~

"ඇත්තටම මිස්ටර් මින් මේක ටිකක් බරපතල තත්වයක්.මේක හුඟක් මානසික ආතතියෙන් ඉන්න අයට වැළඳෙන අවදානම වැඩියි.එයාගේ මනස ව්‍යාකූල නිසයි මෙහෙම වෙලා තියෙන්නේ."

යූන්ගි,නාම්ජූන්ගේ වෛද්‍යවරයා සමඟ ඔහුගේ තත්වය ගැන කතා කරමින් සිටියා.

"එතකොට ඩොක්ටර්..ඔයා කියන විදිහට ජන්ග් හේසොල් කියලා කෙනෙක් නැද්ද?.එ් සේරම නාම්ජූන් හිතින් මවා ගත්ත ඒවද?."

"ඔව්.. ඇත්තටම නාම්ජූන් කියල තියෙන්නේ එයාගේ හිතේ මැවුනු චරිතයක් ගැන..සරලවම කිව්වොත් එයා ආදරේ කරල තියෙන්නේ නිකන්ම නිකන් සිතුවිල්ලකට විතරයි."

සිතුවිල්ලකට ප්‍රේම කිරීම විය හැක්කක්ද?

"එතකොට ඩොක්ටර්..එයාට සනීප වෙයි නේද?.."

නාම්ජූන්ට සිදුවූ දේ ගැන යූන්ගිට කනගාටුවක් දැනුනා.

කණ්ඩායමේ යහපත වෙනුවෙන් ඔහුගේ අධික මහන්සිය නිසා ඔහුට මෙලෙස දුක් විඳින්නට සිදු වීම ගැන සියල්ලන්ම දුක් වුනා.

"අනිවාර්‍යයෙන්ම එයාව සනීප කරන්න පුලුවන්...හැබැයි ඔයාලගේ ස⁣හයෝගය හම්බුනොත් විතරයි.."

"කියන්න අපි මොනාද කරන්න ඕන?"

වෛද්‍යවරයා ඔහුගේ පුටුවේ ඇන්දට බර වුනා.

"එයාට ඒත්තු ගන්වන්න ජන්ග් හේසොල් කියල කෙනෙක් නෑ කියලා,ඒක මවා ගැනීමක් විතරයි කියලා."

හිතන තරම් එය ලෙහෙසි කාර්‍යයක් නෙවේ.

නාම්ජූන්ගේ හදවතින් හේසොල්ව මරා දැමීමට ලෙහෙසි වේවිද?

~~~~~~~~~~~~~~~~~~~~~
2013 වර්ෂය දෙසැම්බරය

හිම වැටීම දැනටමත් ආරම්භ වෙලා.

මුළු පරිසරයම සුදු පැහැයක් අරන් තිබුනා...

සුදු පාට හිම දකින වාරයක් පාසා නාම්ජූන්ගේ හදවතට එබිකම් කලේ ජන්ග් හේසොල්..

ඇයටත් තිබුනේ හිම වගේ පිරිසිදු ආත්මයක්.

නමුත් ඇය තවදුරටත් නාම්ජූන් අසල සිටියේ නැහැ.

ඇගේ පියකරු සිනහව තවදුරටත් ඔහුට දකින්නට ලැබුණේ නැහැ.

එහෙත් ඇගේ සුන්දර මතකයන් ඔහුගේ හදවත තුල තාමත් ඉතිරිව පැවතුනා.

ඇගේ සිනහව,ගති පැවතුම් සහ ඈ අසලින් හැමූ ලැවැන්ඩර් මල් සුවඳ ඔහුගේ හදවත අතර තවමත් දඟ කරා.

නාම්ජූන් දිග සුසුමක් ගන්න ගමන් පුටුවකට බර වී හිස් අවකාශය දෙසට දෑස් යොමා සිටියා.

~~~~~~~~~~~~~~~~~~

_Saruu_🌸

𝐌𝐈𝐑𝐀𝐆𝐄 || KNJ [Completed]Where stories live. Discover now