Chapter 07

172 41 21
                                    

"කොහෙද ජූන්,සොල්?...ඔයා එයාව එලියේ තියලද ආවේ?..."

"ඇත්තටම හ්යෝන්ග් මටත් මෙතන කාවවත් පේන්න නෑනේ."

"ජන්ග් හේසොල්?මම එහෙම කෙනෙක්ව දන්නෑනේ..මම දන්න තරමින් එහෙම කෙනෙක් මෙහේ හිටියෙත් නැහැ."

ඔහුට හිස් බවක් දැනුනා.

ඔහුගේ ජීවිතයේ යම් කිසි තැනක හිස් බවක් තිබෙන බව ඔහුට හැඟුනා.

එක් හැඟීමක් නිසා අතරමං වී ඇති හැඩක් ඔහුට දැනුනා.

නමුත් හේසොල්....

හේසොල් කෙරෙහි ඔහුගේ හදේ පැවතුනු ප්‍රේමය තවමත් එලෙසම ඉතිරිව තිබුනා.

"ජූන්,අපි ඔයාගේ පරණ ඉස්කෝලේට ගියා..ඇත්තටම එහේ ජන්ග් හේසොල් කියලා කවුරුත් ඉඳලා නෑ."

සොක්ජින්,නාම්ජූන්ගේ උරහිසට අත තබා පවසද්දි නාම්ජූන් නිහඬවම උන්නා.

සැබැවින්ම ඔහු මොනා පවසන්නද?.

ඔහු එක් සිතුවිල්ලකට රැවටිලා කියා පිලිගන්නද?

ඔහුගේ හදවත නතර කෙරූ තරුණිය හිතළුවක් කියා පිලිගන්නද?

නැතිනම් ඔහුගේ මුළු ජීවිතයම මිරිඟුවක් කියා පිලිගන්නද?

~~~~~~~~~~~~~~~~~~
2015 වර්ෂය අප්‍රේලය

කාලයක් ගත වෙද්දි ඔහු සාමාන්‍ය තත්වයට පත් වුනා.

ජන්ග් හේසොල් කියන තරුණිය ඔහුගේ මතකයෙන් සදහටම ඈත් වී ගියා.

අනෙක් සාමාජිකයන් පවා ඔහුට ඒ මතකවලින් ඈත් වීමට උපකාර කරා.

ඔහුට සතුටක් ගෙන ඒමට උත්සහ කරා.

ඔවුන් දිගටම පුහුණුවීම්වල නිරත වෙමින් රසිකයන් වෙනුවෙන් උපරිමය ලබා දීමට කැප වුනා.

කාර්‍යමණ්ඩලයේ සාමාජිකයන් පවා ඔහුට උපකාර කරා.

ඔහුට හැකිවුණා හොඳ නායකයෙකු වීමට..

දුක්,කම්කටොලු හමුවේ ජීවිතයම ජය ගැනීමට ඔහුට හැකි වුනා.

නාම්ජූන්,යූන්ගි සහ හොසොක් අතින් ලියවූ I Need you ගීතය ඔවුන්ගේ ප්‍රථම ජයග්‍රහණය වීම මේ දිනවල කාගෙත් කතාබහට ලක්වුන කාරණය වුනා.

𝐌𝐈𝐑𝐀𝐆𝐄 || KNJ [Completed]Where stories live. Discover now