Chapter 04

103 38 4
                                    

දිගු කාලයක⁣ට පසු ඔවුන් සියලු දෙනාටම සති කිහිපයක විවේක කාලයක් ලැබුනා.

සියලු දෙනා නිවෙස් බලා යෑමට සැරසෙද්දි නාම්ජූන්ට ඕනෑ කරේ හේසොල්ව බැලීමට යෑමට.

ඔහු තම පරණ පාසලේ ගේට්ටුව අසලට විත් මුහුණු ආවරණය පැළදගත්තා.

ඔහු කලබල වී සිටියා.

වෙන කිසිම දිනකටත් වඩා ඔහු කලබල වී සිටියා.

පැය ගණනක් නොකඩවා ධාවනයේ යෙදුණු පුද්ගලයෙකුගේ මෙන් ඔහුගේ දෙපා වෙව්ලන්න ගත්තා.

මොකද ඔහු තමන්ගේ සිතේ මෙපමණ කාලයක් ඇය පිළිබඳ තිබූ හැඟීම ඇයට පවසන්නට තීරණය කර තිබුනා.

ඇය පාසල තුල සිටීවිද නැද්ද කියාවත් නිශ්චිත නිගමනයක් නාම්ජූන්ට තිබුනේ නැහැ.

නාම්ජූන් පලමුවෙන්ම පුස්තකාලය⁣ට ඇතුලු වුනා..

එය සුපුරුදු පරිදිමයි.

නමුත් හේසොල් එහි සිටියේ නැහැ.

ඇයගේ මේසය පාළුවට ගිහින්..

හුඟ කාලයකින් එය කිසිවෙකු භාවිත නොකරපු අන්දමින් එහි දූවිලි පවා වසා තිබුනා.

නාම්ජූන්ගේ හිතට වේදනාවක් දැනුනා.

සමහරවිට ඇය පාසලෙන් ඉවත් වන්නට ඇති.

නැත්නම් ඇය බලාසිටීම අතහැරලද?.

"නාම්ජූන් ඔයා මෙහේ?."

නාම්ජූන්ට දැක ගැනීමට හමුවුනේ ඔහුගේ පාසල් මිතුරෙකු වූ ජේවොන්ව.

"ආහ්...ජේවොන් කොහොමද ඔයාට?."

"අපිනම් හොදින් ඉන්නවා ඉතින්..මොකෝ ආයෙත් මේ පැත්තේ?."

හේසොල් ගැන දැනගැනීමට හොඳම අවස්ථාව මෙය යැයි නාම්ජූන් සිතුවා.

"ආ..මම ආවේ ජන්ග් හේසොල්ව හම්බවෙන්න...ඒත් එයා නෑනේ...එයා ඉස්කෝලෙන් ගියාද?."

"ම්.....ජන්ග් හේසොල් ?එහෙම කෙනෙක් ගැන මම දන්නේ නෑනේ.මම දන්න තරමින් නම් එහෙම කෙනෙක් මෙහේ හිටියෙත් නෑ."

"එහෙම කෙනෙක් හිටියා..මම හිතන්නේ එයා යන්න ඇති..ස්තූතියි විස්තරවලට."

නාම්ජූන්,ජේවොන්ට ආචාර කොට පුස්තකාලයෙන් පිට වුනා.

සමහරවිට ජේවොන් ඇයව හඳුනගෙන නොසිටින්නට ඇති.

නාම්ජූන් ඊළඟට පිවිසියේ පාසල් ගෙවත්තට.මේ වන විටත් පාසල ආරම්භ කර තිබූ නිසා එහි වෙන කිසිවෙකු සිටියේ නැහැ.

" සොල් ඔයා කොහෙද?."

නාම්ජූන්ගේ සිත ඒ වනවිටත් වේදනාවට පත් වෙලා තිබුනා.

ඊලග නිමේෂයේදි නාම්ජූන් සැරසුණේ නැවතත් පිටවී යෑමට.

නමුත් ඔහුගේ දෑස් එක තැනක නතර වුනා.

ඒ හේසොල් ......

ඇය ගසක් යට හිඳ ගෙන පොතක යමක් කුරුටු ගාමින් සිටියා.

වෙනදා මෙන් ඇගේ පියකරු හිනාව එලෙසමයි.

ඇය වෙනදටත් වඩා අද සුන්දරයි.

නැත්නම් ඒ ඔහු දුටු විදිහද?

" සොල්-ආහ් "

නාම්ජූන් ඇය අසලට දිව ගියා.

"ආහ්...මම හිතුවා ඔයා ගිහින් ඇති කියලා.මම බය වුනා."

නාම්ජූන්ට නැවතත් බලාපොරොත්තුවක් ඇති වුනා.

මන්ද ඇය ඔහු අසලම සිටියා.

හේසොල්,ඇගේ සටහන් පොත ගෙන යමක් ලියන්නට වුනා.

"මම හිතුවා ඔයාට මාව අමතක වෙලා ඇති කියලා."

"නෑ..මට ඔයාව කොහොම අමතක වෙන්නද?.සමාවෙන්න මම එන්න හුඟක් කල් ගත්තට"

අැය සිනහ වුනා.

නමුත් වෙනද මෙන් නෙවේ.

ඇය සිටියේ වේදනාවෙන්.

"සොල් ඔයා හොඳින් ද?."

නාම්ජූන් අසද්දි හේසොල් ඔහු දිහා බැලුවා.

ඇගේ දෑස් දිලිසෙනවා.

ඇය සිටියේ හඬමින්.

"සොල් මොකද මේ?ඇයි අඬන්නේ?."

නමුත් ඔහුට දීමට පිළිතුරක් හේසොල් ගාව තිබුනේ නෑ.

ඇය පිළිතුරක් නොදීම නාම්ජූන්ගේ උරහිසට බර වුනා.

ඇගේ එක් අතක් නාම්ජූන් අල්ලගත්තේ ඇයට සහනයක් වෙන්න.

නාම්ජූන් පළමු වතාවට හේසෝල්ව ස්පර්ශ කරා.

ඒ දෑත්  සීතල වෙලා.

මේ සීත කාලය..

හිම වැටීම පටන් ගැනීමටත් තව කෙටි කාලයක් පමණයි ඉතුරු වී තිබුනේ.

"සොල් ඔයාට සීතලයිද?."

නාම්ජූන් ඔහුගේ කබාය ගලවා එය හේසෝල්ට ඇන්දුවා.

"සොල් මම ඔයාට ආදරෙයි."

~~~~~~~~~~~~~~~~

_Saruu_🌸

𝐌𝐈𝐑𝐀𝐆𝐄 || KNJ [Completed]Où les histoires vivent. Découvrez maintenant