Chapter 05

100 37 4
                                    

නාම්ජූන් ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුනත් ඇය සිටි ලෙසම ඇගේ සටහන් පොත දෙස බලා සිටියා.

සමහරවිට ඇය අකමැති වේවිද?.

"සොල්....."

හේසොල් ඇගේ සටහන් පොත නාම්ජූන් අත තැබුවා.

එහි එක් පිටුවක ඇය නාම්ජූන්ව අැඳ තිබුනා.

නාම්ජූන් මෙහි එනවිට හේසොල් අඳිමින් සිටියේ නාම්ජූන්ව.

ඒක ලස්සනයි.

කිසිදු වැරැද්දක් නොවී ඇය එ්ක වර්ණවලින් හැඩ ගන්වා තිබුනා.

ඇත්තටම හේසොල් දක්ෂ චිත්‍ර ශිල්පිනියක්.

"සොල්-ආහ් ඇත්තටම මේක හුඟක් ලස්සනයි.ස්තූතියි."

එහි තවත් යම් කිසි දෙයක් ලියා තිබෙන බව දුටු නාම්ජූන් එයට අවධානය යොමු කරා.

"ජූනී....මම ඔයාට ආදරෙයි."

නාම්ජූන්ගේ දෑස් සතුටු කඳුලුවලින් තෙත් වී ගියා.

හේසොල්ගේ දෙකොපුල් රත්පැහැ වී ගිහින්.

පරිසරයේ තිබෙන සීතල අඩුවී ඔවුන්ගේ ගත රත්වී ගියා.

නාම්ජූන්,හේසොල්ගේ දෑත් තද කර අල්ලගත්තා.

පලමුවතාවට ඔවුන්ගේ හදවත් තවකෙකු වෙනුවෙන් ගැහෙන්නට ගත්තා.

මුළු විවේක සති කිහිපය පුරාම නාම්ජූන්,හේසොල්ව මුණ ගැසුනා.

පාසල තුල වගේම පිටතදීත්.

ලෝකයටම හොරෙන් ඔවුන් ආදරේ කරා.

කවුරුත් නොදන්න හේසොල්ගේ සහ නාම්ජූන්ගේ ආදර කතාව ලෝකයටම රහසක් වුනා.

නාම්ජූන් අනෙක් සාමාජිකයන්ටද හේසොල්ව මුණගස්සන්නට පොරොන්දු වුනා.

අනිවාර්යයෙන්ම ඔවුන් හේසොල්ට කැමැති වේවී.

ඇය ආකර්ෂණීය ගති පැවතුම් තිබෙන සුන්දර තරුණියක්.

එනමුත් මෙය දැනගත් වෙලේ ඉදන් හේසොල්ගෙන් දිස් වුනේ කලබලකාරී ස්වරූපයක්.

සමහරවිට ඇය තුළ චකිතයක් ඇති.

නාම්ජූන් පවා සිතුවේ එලෙස.

නමුත් සැබෑ තත්වය දැන සිට්යේ හේසොල් පමණක් වුනා.

~~~~~~~~~~~~~~~~

දිනක් රාත්‍රී කාලයේදි නාම්ජූන්,හේසොල් සමඟ නගරයට යමින් සිටියදී නාම්ජූන්,හේසොල්ගේ දෑත් ඔහුගේ දෑත් සමඟ පටලව ගත්තා.

"දවසක මම ලෝකෙටම පේන්න ඔයාගේ අත්වලින් අල්ලගන්නම්."

"මම පොරොන්දු වෙනවා."

"එදාට තවදුරටත් අපිට හැංඟෙන්න ඕන වෙන එකක් නැහැ."

ඒ වචනවලින් ඇගේ මුවේ රැඳුනේ සන්සුන් සිනහවක්.

ඔහු හැමදාමත් දකින්න ආස කරපු ඒ පියකරු හිනාව.

අදත් ඒ සිනහවමද?.

නැත්තම් වේදනාව හංඟන්න බලෙන් නඟාගත්ත සිනහවක්ද?.

එහෙමනම්...

සමහරවිට ඇය අනාගතය ගැන දැනගෙන ඉන්න ඇති.

~~~~~~~~~~~~~~~~~~
_Saruu_🌸

𝐌𝐈𝐑𝐀𝐆𝐄 || KNJ [Completed]Where stories live. Discover now