Chapter 02

127 38 25
                                    

නාම්ජූන්ට දුකක් දැනුනා.

තමන් වරදක් කරා වගේ හැඟීමක් නාම්ජූන්ට වද දෙන්න ගත්තා.

"මට සමාවෙන්න මම මේ..ඇත්තටම...මේ..."

තවදුරටත් කතා කිරීමට නාම්ජූන්ට වචන මතකයට ආවේ නැහැ.

"ඔයා ඒක⁣ට මොනවා කරන්නද..ඒක ඔයාගේ වරදක් නෙවෙයිනේ.අපිට පුළුවන් නේද යාළුවෝ වෙන්න?."

"අනිවාර්‍යයෙන්ම."

නාම්ජූන් ලැජ්ජාශීලිව පිළිතුරු දුන්නා.

"ඔයා ලස්සනයි."

නාම්ජූන් එසේ පවසද්දි ඇය ස්තූති කරන්නට මෙන් සිනහ වුණා.

මෙතෙක් ගත වුනු විනාඩි ගානටම පසු ඇගේ සිනහව දැක ගැනීමට නාම්ජූන්ට හැකි වුනා.

ඒ සිනහවෙන් ඇයව තවත් සුන්දර වුනා.
ඇගේ දෑස් තරුකැට මෙන් දිලිසෙන්න ගත්තා.

ඇය ඇත්තටම සතුටින්.

නාම්ජූන් නිසා ඇයට සැහැල්ලුවක් දැනුනා.

"එතකොට ඔයා අලුතෙන් ආපු ළමයෙක්ද?මම කවදාවත් ඔයා මෙහේ ඉන්නවා දැකල නෑනේ."

නාම්ජූන්ගේ සියලු පැනවලට ඇය කරේ හිස සලපු එක විතරයි.

ඇයට වෙන විකල්පයක් තිබුනෙත් නැහැ.

ඔවුන්ගේ සුහදශීලි කතාබසින් ඇගේ සටහන් පොතේ පිටු පිරිලා ගියා.

ඒ කතාබහට කෙටි විරාමයක් දෙන්න වුනේ නාම්ජූන්ගේ දුරකථනය නාද වීම නිසා.

"හ්යෝන්ග්....ඔයා කොහෙද ඉන්නේ?....ප්‍රැක්ටිස්වලට පරක්කුයි."

"ආහ්...ඉන්න...මම ඉක්මනටම එන්නම්."

ඔහු දුරකථන ඇමතුම විසන්ධි කර හේසොල් දෙසට හැරුනා.

"ආහ්..ඇත්තටම මට දැන් යන්න වෙනවා.අපිට පුලුවන් තවත් දවසක හම්බ වෙන්න."

නාම්ජූන් සුහදශීලිව පවසද්දි හේසොල් ඔහුට අවසර දෙන්න මෙන් හිස සැලුවා.

"පරිස්සමින් ඉන්න."

නාම්ජූන් අවසාන වතාවට එසේ පවසද්දි හේසොල් ඔහුට අත වැනුවා.

ඒ විදිහට ඔවුන්ගේ මිතුදම පාසල් පුස්තකාලය තුල පමණක් සීමා වුනා.

නාම්ජූන්ට කිසි දිනක පුස්තකාලයෙන් පිටදි ඇයව මුණ ගැසුණේ නැහැ.

ඔහු පුස්තකාලයට යන ඕනෑම වෙලාවක හේසොල් පුස්තකාලයේ ඇගේ සුපුරුදු ස්ථානයේ රැඳී සිටියා.

~~~~~~~~~~~~~~~

"ජූනී මොකද මේ?."

නාම්ජූන් පියවි සිහියට ආවේ සොක්ජින්ගේ කටහඬින්.

මොකද ඒ වෙනකොටත් නාම්ජූන් පුහුණුවීම් කාමරයේ බිත්තියක් දෙස බලාගෙන තනියම සිනහවෙමින් සිටියා.

"ආහ්... හ්යෝන්ග් මේ debut එක ළගයිනේ..ඉතින්..මට සතුටුයි...ඒකයි."

ඒ වන විටත් නාම්ජූන් රතුවී දහදිය පවා දමා තිබුනා.

"ඇයි හ්යෝන්ග් දැන් මම දිහා ඔය විදිහට බලාගෙන ඉන්නේ?."

නාම්ජූන් එසේ අසද්දි සොක්ජින් මෙතෙක් වෙලා සිරකර ගෙන සිටි සිනහව එළියට පැන්නා.

"ජූන්....අපි අඳුනගෙන හුඟක් කල් නෑ තමා ඒත්,ඔයාලා හය දෙනා හැරෙනකොට මට කියන්න පුලුවන් මොකක්ද කියලා."

සොක්ජින් සිනහව අතරින්ම පිළිතුරු දුන්නා.

"දැන් මට කියන්නකෝ කවුද ඒ කෙල්ල?."

සොක්ජින් එහෙම අහද්දි නැවතත් නාම්ජූන් රතුවුනා.

"මේ එයා අපේ ඉස්කෝලේ ⁣කෙනෙක් හ්යෝන්ග්..එයා ලස්සනයි..ඒ වගේම ආදරණීයයි."

හේසොල් ගැන මතක සියල්ලම නාම්ජූන් පවසද්දි ඒවාට සොක්ජින් අවධානයෙන් සවන් දුන්නා.

"ඕහෝ....මේ කොල්ලා සුරංගනාවියක්නේ දැකල තියෙන්නේ...ඉතින් අපිට එයාව පෙන්නන්නේ නැද්ද ආ?"

"ආහ් හ්යෝන්ග් එයාව එහෙම එක්කගෙන එන්න බෑනේ...තව ටික දවසකින් මම එයාව අනිවාර්යයෙන් පෙන්නන්නම්..එයා මගේ යාළුවෙක් විතරයි හ්යෝන්ග් ඔන්න."

"හාකෝ හාකෝ ඔන්න මම විශ්වාස කරා."

සොක්ජින් නැවතත් කොක්හඬලා සිනාසුනා.

~~~~~~~~~~~~~~~~~

_Saruu_🌸

𝐌𝐈𝐑𝐀𝐆𝐄 || KNJ [Completed]Donde viven las historias. Descúbrelo ahora