₵Ⱨ₳₱₮ɆⱤ 02

1.2K 164 69
                                    

විද්‍යා තරඟය නිමවී සතියක් ගත වුණි. එම සතිය ඇතුළත දී තරහ පිරිමසා ගන්නට දේවින්දව හමු නොවූ නිසා වගීෂට ඔහුව තරමක් අමතක වී තිබිණ. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට සතියකට පසු වගීෂට නැවත දේවින්ද ව හමුවුණි.

සමුද්‍ර හා නෙතීශ සමඟ පොත් වගයක් ගන්න කියලා සෙනසුරාදා දවසක උදේම වගීෂ book shop එකට ගියේය. Book shop එකේ පොත හොයන්න ඒ පොත් වර්ග තියන section එකට ගියපු වගීෂයි අනිත් ඩබලයි පොත් රාක්කවල ඒ පොත හොයන්න ගත්තා. කරුමෙට staff එකේ එක්කෙනෙක්වත් පේන්න හිටියේ නෑ. තනියම පොත හොය හොය රාක්කයේ එක කෙලවර එකක ඉඳලා අනික් කෙලවරටම වගීෂ ගියා. රාක්කේ කෙලවරේ උඩම තට්ටුවේ එයාට ඕන පොත තියනවා කියලා වගීෂ දැකලා ඒක ගන්න උත්සහ කළත් එතනට වගීෂට උස මදි. මොනතරම් උඩ පැන්නත් ඒ පොත ගන්න එයාට බැරි වුණා.

"සැක් මුන් මේ පොත එවරස්ට් වල තියලා. උසත් නෑ. සූටිංගේ වගේ අතක් තිබ්බා නං ගන්න තිබුණා" වගීෂ තනියම මුමුණ මුමුණ පොත ගන්න උත්සහ කරනකොට කවුද කෙනෙක් පිටිපස්සේ ඉඳන් වගීෂට ඕන කරලා තිබුණ පොත ගත්තා. කවුද ඒ පොත ගත්තේ කියලා බලන්න ඉස්සරහ හැරුණ වගීෂගේ මූණ ළඟටම ඒ කෙනා ඇවිත් තිබුණා.

"තමුසේ? සැක් මගේ දවසම ඉවරයි.උඹ නැතුව සතියක් සාමකාමීව හිටියා" තමන්ගේ මූණ ඉස්සරහා හිටපු ඒ එවරස්ට් තරණය කළ පුද්ගලයා දේවින්ද විය.

"දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ. ඒත් කට නං තියනවා" දේවින්ද තවත් ටිකක් වගීෂට ලං වෙමින් කීය. කට කොනින් සිනහවක් දාගෙන වගීෂගේ මුහුණට කිට්ටු වූ දේවින්දගේ හුස්ම වගීෂගේ මුහුණේ වැදිණ.

"මොකක්ද යකෝ කිව්වේ!! මේක bookshop එක නොවුණානම් ඔය විරිත්තන තොල් දෙක පැලෙනකම්ම ගහනවා තොට...අනික ඔය පොත මුලින් ම දැක්කේ මම..මට මගේ පොත දීලා තෝ යන දිහාවක මක බෑවිලා යනවද යන්න!" වගීෂ දේවින්දගෙන් පොත ගන්න උත්සහ කළද දේවින්ද එය වගීෂට ගත නොහැකි වන ලෙස උඩට කළේය. රාක්කය පිටුපස වන කළබලය දුටු සමුද්‍ර ,නෙතිශ දෙදෙනා රාක්කයේ එක් පසකිනුත් තෙනුජ, නිම්න දෙදෙනා අනෙක් පසෙනුත් එතනට ආවේ ඔවුන්ව මුහුණට මුහුණලා හමුවෙන අයුරිනි.

"උඹලා??" සමුද්‍ර නෙතීශ දෙදෙනා දේවින්දලාව දුටුවිට එක හඬින් කෑගැසීය.
"ඔව් අපි තමා. ඇයි ප්‍රශ්නයක්ද?" තෙනුජ ඇසීය. ඔහුගේ වැකියට හොඳටම යක්ෂාවේශ වුණ නෙතිශ තෙනුජගේ දත් දෙක තුනක් බඩට යවන්නට සිතා ඉස්සරහට පැන්නද සමුද්‍ර ඔහුව නවතාගත්තේ මේ ඒකට තැන නොවන බව කියමින්.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now