₵Ⱨ₳₱₮ɆⱤ15

510 76 6
                                    

"වගීෂ...අපේ තාත්තා සේරම දැනගෙන..."

"I'm sorry  දේවින්ද..අපේ තාත්තා තමයි කියන්න ඇත්තේ..ඔයාට බැන්නද? අහන්න දේවින්ද..ඔයා දුක් විඳගෙන මට ආදරේ කරන්න ඕනි නෑ. ඔයා විඳව විඳව මට ආදරේ කරන හැටි බලන් ඉන්න මට බෑ. ඔයාට පුළුවන් මාව අමතක කරන්න..."

වගීෂ බිම බලාගෙන එසේ කියන විට ඔහුගේ නෙතඟින් ගිලිහුණු කඳුලු බිඳුවක් කම්මුල දිගේ පහළට ගලා විත් මුතුවක් වී පහළට වැටිණ.

"අයියෝ චූටි මැණික...අඬන්න එපා දෙයියනේ...ඇහුවේ නෑනේ ඉතින් ඉතුරු ටික ඔයා...අපේ තාත්තා මට ඔයාව අතාරින්න කිව්වේ නෑ අයියො..."

"මට තේරෙනවා ඒකට කමක් නෑ- හෑ මොකා?? අතාරින්න කිව්වේ නෑ?? ඒ කියන්නේ..අපිට එකට ඉන්න පුළුවන් ද??"

වගීෂ ගේ දෙනෙත් සතුටින් දිලිසෙන ආකාරය දේවින්ද සිනා සෙමින් බලා සිටියේය. වගීෂගේ දිගැටි දෑස් සතුටින් බැබලුනේ අහසේ තරු, සඳ, හිරු සියල්ලකගේම ආලෝකය පරදවමිනි. තම ප්‍රාණ සම පුද්ගලයාගේ සතුටින් දිලිසෙන දෙනෙත දුටු දේවින්ද හට අනාගතයේ ඔවුන් මුහුණ දීමට යන සියලුම ගැටළු පිළිබඳ ව අමතක වී ගියේ ය.

.
.
.

"මේ ඉන්න ඔයාගේ චූටි පුතා දැන් මේ හෙන ලොකු එකෙක් වෙලානේ.."

"ඇයි මොකක්ද වුණේ? චූටි පුතා?? කෙල්ලෙක් එක්ක පැටලුනා ද?"

"කෙල්ලෙක්?? හහ්..කෙල්ලෙක් නෙමෙයි රාධිකා මේකා යාලු වෙලා තියෙන්නේ කොල්ලෙක් එක්කනේ. සුපුන් ගේ පුතා එක්ක..."

"මොකක් ද? චූටි පුතා මේක ඇත්තද?"

රාධිකා එක එල්ලේ දේවින්ද දෙස බලා සිටිද්දී දේවින්ද ඒ බැල්ම මඟ හැර බිම බලාගත්තේ ය. නමුත් ඔහුගේ හදවතට වරදකාරී හැඟීමක් ඇති නොවුණේ ආදරය යනු වරදක් නොවන බව ඔහු විශ්වාස කළ බැවිනි.

"මනුස්සයෝ කතා කරනවකො! මුට වගීෂට ආදරේ කියන්න කටට පණ තිබ්බා ඒක පිළිගන්න පණ නෑ"

"ඔව් තාත්තේ මම වගීෂට ආදරෙයි. එයාට විතරමයි මගේ ජීවිතේ මම ඔයාලට ඇරෙන්න ආදරේ කළේ. ඒ වගේම කරන්නෙත්"

දේවින්ද තමාගේ ශක්තිය එක් කොට කීවේ තම මව සහ පියා දෙස එක එල්ලේ බලමිනි. තමාට මේ දැන් හොඳින් ම බැනුම් අසන්නට සිදු වන බව දේවින්ද හොඳින් ම දැන සිටියේය. තමාට ගෙදරින් යන්නට සිදු වුවත් වගීෂව නම් අමතක නොකරන බව දේවින්ද තරයේ අධිෂ්ඨාන කර ගෙන සිටියේ ය. කුමක් සිදු වුවත් ඔහුට වගීෂ කෙරේ තමාට ඇති ආදරය පිළිබඳ විශ්වාස විය.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now