₵Ⱨ₳₱₮ɆⱤ 03

1.1K 153 38
                                    

සඳුදා දිනයේදී පාසලට ගිය දේවින්දට ඔවුන්ගේ විද්‍යා සංගමය භාර ගුරුතුමා කතා කර කීවේ ලබන සතියේ ඔවුන්ගේ Science day එක පවත්වන බව දැනුම් දීමටයි. ආරාධිත පාසලක් ලෙස stephan විද්‍යාලයටත් ආරාධනා පත්‍ර යවා තිබෙන බව ගුරුතුමා ඔහුට දැනුම් දුන්නේය. මෙය ඇසූ තෙනුජගේ නම් කට කොනට ඔහුගේ සිනහව නැගුණේ අනිවාර්යයෙන්ම මීට නෙතීශ එන බව සහසුද්දෙන් ම දන්නා බැවින්. නෙතීශ යනු Stephan විද්‍යාලයේ විද්‍යා සංගමයේ භාණ්ඩාගාරික වන අතර සමුද්‍ර එහි ලේකම් ය. ඔවුන් තිදෙනා නිසැක වශයෙන්ම පැමිණෙන බව තෙනුජ දැන සිටියේ එබැවින්.

"යකෝ අන්න අරුන්ගේ science day එකට අපිට ආරාධනා පත්‍ර එවලා. මට නං බෑ යකෝ ඔතන ගිහින් අර දේවින්ද කාරයගේ ගෑස් බලන්න" වගීෂ කන් කෙදිරි ගෑවේ ඔහුට Lennon එකට යෑමට නොහැකි බැවින්. උජාරුවට එහෙට මෙහෙට යමින් උත්සවේ වැඩ කරන දේවින්ද ව දැකීමෙන් ඔහුගේ ඇඟේ මාලු නිසැක වශයෙන්ම Thunderous නටන බව ඔහු දැන සිටියේය.

නමුත් වගීෂ Science society එකේ සභාපති බැවින් ඔහු ඒ සඳහා යා යුතුමය. කුමක් හෝ ලෙඩක් කියා ගෙදර නතර වුවහොත් එදින science day එකට යන අය පාසලේ නම්බුව නිසැක වශයෙන්ම කාබාසිනියා කර පැමිණේවි. අනිත් අතට දේවින්ද සිතාවි ඔහුට බියේ වගීෂ නොපැමිණිය බව. ගස් ගෙම්බන්ට බය වෙයි වගීෂ!

"යන්න බෑ ඕයි. මන් ආස නෑ අර තෙනුජ කාරයාගේ මූණ වත් දකින්න. ඌ මහ වදයක්" නෙතිශ මූණ ඇඹුල් කරගනිමින් කීවේය.

"නොයා බෑනේ ඕයි. අපි නොගියොත් society එකේ නසරානියෝ ටික ඉස්කෝලේ නම උන්ට විකුණලා එයි"

"අයියෝ මොන මඟුලක් ද!!"

"එව්වා ලබන සතියෙනේ.දැන් යමන් පන්තියට" සමුද්‍ර නෙතිශව සහ වගීෂව පන්තියට ඇදගෙන ගියේ physics period එක පටන් ගන්න බෙල් එක ගහපු නිසා. පාසල අවසන් වුණු පසු නිවසට ගිය වගීෂ කල්පනා කළේ දේවින්දව නිතරම මුණ ගැසීමට තරම් ඔහු කළ පාපය කවරක්ද කියා. මොනතරම් කල්පනා කළත් පූරුවේ කළ පව සොයාගැනීමට නොහැකි වූ වගීෂ අවසානයේදි කල්පනා කළේ මේ අපල කාලය දුරු වන්නට බෝධි පූජාවක්වත් කරන්නට ය. හුදෙක් ම ඔහුගේ සිතේ තිබුණේ අන් අය ඔහුගේ ඔලුවට දැමූ වෛරය පමණක් විය. එහෙත් වගීෂ දේවින්ද සමඟ අහේතුකව වෛර බැඳ එය වර්ධනය කරගන්නේ කුමක් නිසාද යනවග ඔහුටත් නොපැහැදිලි විය.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now