₵Ⱨ₳₱₮ɆⱤ 07

928 125 31
                                    

"ඕයි තමුසෙගේ birthday එක තව සතියකනින් එනවා. Treat දියාම් okay?" නෙතිශ කීවේ කොහෙත් යාළුවො වනාහී කන්න බලාගෙන ම ඉන්න පිරිසක් බව පසක් කරමින්

"හරි ඕයි" වගීෂ ගේ කටහඬ තරමක් දුර්වල වී තිබුණි.

"වගීෂ මොකෝ අවුල. උඹට සනීප නැද්ද?" සමුද්‍ර වගීෂව වත්තම් කරගන්නා අතරතුරදී කීවේය.

"අනේ මන්දා උදේ ඉඳන් මගේ ඇඟට හරි නෑ වගේ. කැරකෙනවා මාව. මම-" වගීෂ ඉතිරි හරිය සම්පූර්ණ කිරීමට මත්තෙන් ඔහු ලේ වමනය කරන්නට විය.

"වගීෂ!!" නෙතීශ, සමුද්‍ර දෙදෙනාම වගීෂගේ නම කියා කෑගැසුවෝය. ඒ සමඟම වගීෂ සමුද්‍ර ගේ අත මතට ක්ලාන්ත වී වැටුණේය. සමුද්‍ර ඔහුව අල්ලා නොසිටින්නට ඔහු බිමට ඇදගෙන වැටී තවත් තත්වය බරපතල වන්නට ඉඩ තිබුණි.

"සත්නිඳු ගිහින් සර්ට කතා කරපන්! නෙතීශ මෙයාව සික් රූම් එකට අරන් යමු"

සමුද්‍ර එසේ කියමින් වගීෂගේ මුළු ස්කන්ධයම තම උර මතට ගත්තේය. තමාට හැකි උපරිම වේගයෙන් සමුද්‍ර වගීෂව සික් රූම් එක වෙතට ගෙන ගියේය. නෙතීශ ද ඔවුන් පසුපස දුවගෙන ආවේය. පාසලට අනුයුක්ත කර තිබූ වෛද්‍යවරයා වහාම වගීෂට ප්‍රථමාධාර ලබා දුන්නද ඔහුට සිහිය පැමිණ සෙයක් පෙනෙන මානයේ තිබුණේ නැත. එහෙයින් වෛද්‍යවරයා හැකි විගස ඔහුව රෝහලක් වෙත රැගෙන ගියේ තවත් බලා සිටීමෙන් තේරුමක් නොවන බව හොඳාකාරවම දන්නා බැවිනි. ඒ වනවිටත් වගීෂගේ ලේ වලින් නෑවී සිටි සමුද්‍ර ද නෙතිශ සමඟ වාහනයට නැග්ගේ වගීෂ ව තනියෙම රෝහලට යැවීම පිළිබඳ ව සිතේ ඒ තරම් කැමැත්තක් ඇති නොවුණු නිසා. හැරත් ඒ ඔවුන්ගේ හොඳම මිතුරාය.

ළඟ ම තිබූ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට වගීෂ ව ඇතුල් කර ඔහුව theatre room එක තුළට ගන්නා ආකාරය සමුද්‍ර සහ නෙතිශ බලා සිටියේ කඳුලු පිරි නෙතින් යුතුවයි. වගීෂ ගේ ලෙයින් පෙඟුණු තම දෑත වෙවුලනු සමුද්‍ර ට දැනුණි.  කඩා වැටුණු ඔවුන් දෙදෙනා ට අල්ලාගන්නට අත් වැටක් අවශ්‍ය වුවත්  අත්වැටක් වීමට කිසිවෙකු ඔවුන්ට සිටියේ නැත. ඔවුන්ගේ පන්ති භාර ගුරුතුමා ඒ වනවිටත් වගීෂ ගේ මවට කතා කර තිබුණි. ඇය කාර්යාලයේ අත්‍යාවශ්‍යම රැස්වීමක් මැද ම එන්නට පිටත් වුණේ රස්සාව බල්ලට ගියත් කම් නොවේ යැයි සිතාය.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now