⚫Chapter 15⚪

39 5 0
                                    


හැමෝටම එක එක තැන් වෙන් කරල ඒ පැත්ත බලා ගන්න කියල Kent sir කලින්ම කියල තිබුනා.
Kent sir කියල තිබුනේ එකොලොස් දෙනා එක්ක ත්‍රිකෝණ තුනකට බෙදෙන විදිහට ඉන්න. එයාලගෙ මුලින්ම ඉන්නෙ Honoko, Sousuka, Keiko තුන් දෙනා. ඊට ඇතුලෙන් තියෙන ඊලග ත්‍රිකෝණෙ Shin do, Rin do, Haru තුන් දෙනා. ඊටත් පස්සෙ ඉන්නෙ Natsu Ni, Himiji, Subaru තුන් දෙනා. එතකොට Akira එක්ක Kent sir කලේ අනිත් අයව ආරක්ශා කරන එක.

" Shin do පිටිපස්සෙන්." Akira එහෙම කෑ ගහල කිව්වෙ Shin doට පිටිපස්සෙන් පහර දෙන්න ආව කෙනා දැකල.

" තෑන්ක්ස් Akira." Shin do කිව්වෙ හිනා වෙලා.

" Shin do ඔයාට එක පාරට බල කීයක් පාලනය කරන්න පුළුවන් කියලද කිව්වෙ." Honoko ඇහුවා

" මම හිතන්නෙ තුනක් වගෙ. හැබැයි මට මෙතනදි නම් එහෙමවත් කරන්න අමාරුයි." Shin do කිව්වා

" ඔයා ඒකට විතරක් අවධානය දෙන්න. අපි වටේ ඉන්න අය බලා ගන්නම්." Keiko කිව්වා

" හරි එහෙනම්." Shin do එහෙම කියල Keiko හිටපු තැනට ආවා. Shin doගෙ තැනට Kent sir ආවා.

" Subaru අල්ල ගන්න." Natsu Ni එහෙම කියල එහාට විසික් උන Subaruගෙ කඩුව ආයෙ Subaruටම අල්ල ගන්න විසික් කලා.

හැමෝම වගේ හොදට පුරුදු උන අය. තව Yashiro Academy එකේ අයට හොදට බලයන් හසුරවන්න පුළුවන් නිසා එයාල එක්ක සාමාන්‍ය සටනක් ගෙනියන එක ගොඩක් අමාරු වැඩක් උනා. මේ හැමදේම දිහා බලන් හිටපු Teika තමන්ගෙ කඩුවත් අතට අරගෙන  ආවෙ සටන මැද්දට.

" ඔයා මොකද මෙතන කරන්නෙ." Akira ඇහුවෙ තමන්ගෙ එහා පැත්තට ආව Teikaගෙන්.

" Keiko. මමත් මගෙ නංගිගෙ උදව්වට ආවා. දැන් නම් ඔයාල කොහොම හරි දිනන්නම ඕනෙ." Teika කිව්වා

" කියනකන් හිටියෙ." Sousuka Teikaට ඇද කරල කිව්වා.

" නියමයි Haru." Himiji කිව්වෙ Haru Himijiට පහර දෙන්න ආව කෙනෙක්ට දුන්න ප්‍රතිප්‍රහාරය දැකල.

හැමෝම අනිත් අයටත් උදව් කරගෙන සටන් කරන නිසා ඉක්මනින් ප්‍රතිවාදියන් දුර්වල උනා. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. ඒ එක්කම ආයෙ දොරවල් ඇරුනෙ සිංහයො, කොටියො වගේ සත්තු එක්ක තව මනුස්සයෙක් ඇතුලට එන්න.

" ඒ කවුද ඒ?" Keiko ඇහුවා

" මෙහෙ ඉන්න බයානකම බලය තියෙන කෙනෙක්. එයාට සත්තුන්ව තමන්ට ඕනෙ ඕනෙ විදිහට පාලනය කරන්න පුළුවන්." Honoko කිව්වා

⚪⚫ KUROSHIRO ACADEMY '⚫⚪ (COMPLETED)Where stories live. Discover now