⚫Chapter 28⚪

18 4 0
                                    

Kuroshiro Academy එකේ හැමෝටම නිවාඩුව දීලා ලමයි හැමෝම ගෙවල්වල ගියාට පස්සෙ කට්ටිය එක්ක ලෑස්ති උනේ Yashiro Academy එකට යන්න. Keiko, Sousuka, Natsu Ni, Subaru, Haru, Himiji හයදෙනා එක්ක උදෙන්ම ලෑස්ති වෙලා Teikaටත් කලින් කියල Yashiro Academy එකට ආවා. කට්ටියව දැකපු Akira පුදුම උනේ කවුරුත් එනව කියල කලින් කිව්වෙ නැති නිසා.
Akira එක පාරට Teikaගෙ පිටට ගහගෙන ගහගෙන ගියේ කට්ටියම ඒ දිහා බය වෙලා වගේ බලන් ඉද්දි.

" ඇයි මම දිහා ඔහොම බලන්නෙ." Akira ඇහුවෙ අනිත් අයගෙන්

" ඔයාල දෙන්න මේ මොකෝ මරා ගන්නෙ." Himiji ඇහුවා.

" ආදරේ වැඩිකමට. දන්නෙ නැද්ද ඉතින්." Teika කිව්වා

" ආදරේ නෙමේ. මට එකෙක්වත් කිව්වෙ නෑ අද ඔයාල එනව කියල." Akira කිව්වා

" ඕකද? අපි නොකිය ආවෙ ඔයාව සප්‍රයිස් කරන්නනෙ අක්කේ." Natsu Ni කිව්වෙ ලස්සනට හිනා වෙලා.

" හැමෝම ඇතුලට යමු. Keiko මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා." Teika කිව්වා

" මොකක්ද?" Keiko ඇහුවා

" ඒව පස්සෙ අහන්නම්." Teika එහෙම කියලා ඇතුලට ගියා

" කන්න මුකුත් නැද්ද? මට බඩගිනී. මේ යස්සනී මට උදේට කන්න දුන්නෙ නෑ." Subaru එහෙම කියල Keikoව පෙන්නුවා.

" මගෙ කෙල්ලට යස්සනී යස්සනී ගාගෙන එන්න එපා Subaru." Sousuka එහෙම කියලා කෑ ගැහුවා.

" Sousuka පොඩ්ඩක් කට වහගන්නවකෝ. මගෙ කන ගාව ඉදල කෑ ගහන්නෙ." Keikoත් කිව්වා

" හොද වැඩේ උබට." Subaru කිව්වා

" යකූ මේකට උදව් කලාමත් මමමද බැනුම් අහන්න ඕනෙ." Sousuka කිව්වා

" මේ Subaru ඔයත් ඔය විකාරෙ නවත්ත ගන්නවද? පරක්කු උනේ කවුරු නිසාද එතකොට." Natsu Ni ඇහුවා

" ඔය ඩබල නිසා." Himiji කිව්වෙ Natsu Niවයි Subaruවයි පෙන්නල.

" දැන් ඔය රණ්ඩු ඇතී." Haru කිව්වා

" කාලා ඉන්න ඔයාල එහෙනම්." එහෙම කියපු Akira තේ එක්ක කේක් ගෙනාවා.

" අනේ මගෙ Akira පැටියා." Subaru කිව්වා

" Subaru. Akira දැන් බැදල ඉන්නෙ." Haru කිව්වා

" ඉතිං කොහොම උනත් මගෙ පැටියා තමයි. Keiko Himiji දෙන්නත් එහෙමයි." Subaru කිව්වා

⚪⚫ KUROSHIRO ACADEMY '⚫⚪ (COMPLETED)Tempat cerita menjadi hidup. Temukan sekarang