'කොරෝනා තත්වය මැද වුණත් අපිට පොඩි මැචස් වගයක් තියෙනවා. ඒ මැචස් ටිකට ඔයාලගේ ටීම් එක තමයි අපිට අරන් යන්න වෙලා තියෙන්නේ. මොකද මේ සැරේ අයියලගේ ටීම් එකට යන්න විදිහක් නෑ ඉස්කෝලේ වැඩ නිසා.'
චතුර සර් කියද්දි අපේ ටීම් එකෙන් එකපාරට ලොකු සද්දයක් නැගිලා ආවා. මොන දේවාලෙන්ද අපි වගේ අලුත් මිනිස්සුන්ව එක පාරට මැච් එකක් ගහන්න දාන්නේ.
හරි ඉතින්... අපි මැචස් ගහලා තියෙනවා තමයි කලින්. ඒත් ඉතින් එහෙමයි කියලා එක පාරට මේ වගේ ඒවා කිව්වහම අපි බය වෙනවනේ.
'සර් කවදද ඕක තියෙන්නේ?' පිටි පස්සේ හිටපු කවීෂ අත උස්සලා ඇහුවා.
අපි හැමෝම කවීෂ දිහාට හැරුණා.
'මේ මාසේ විසි අට. හරියටම දවස් දහසයක් තියෙනවා අද ඉඳන්. අපි සතියට දවස් පහක් ප්‍රැක්ටිස් කරන්න බලාපොරොත්තු වෙනවා. සඳුදා උදේ. අඟහරුවාදා හවස, බ්‍රහස්පතින්දා හවස, සිකුරාදා උදේ සහ සෙනසුරාදා දවසම වගේ. පුළු පුළුවන් විදිහට අවම දවස් තුනක්වත් හැමෝම ප්‍රැක්ටිස් එන්න ඕන.'
මම ඔළුව වැනුවේ මට දවස් පහම එන්න පුළුවන් නිසයි.
'එහෙනම් දැන් තව වෙලා නාස්ති නොකර අපි යමු ප්‍රැක්ටිස් කරන්න! යමු ළමයි!' චතුර සර් අපි හැම එක්කෙනාගෙම ඔළුවට මෘදු ටොක්ක ගාණේ ඇනගෙන යන ගමන් කිව්වා.
එකිනෙකා අතරේ පුංචි පුංචි මුණු මුණු පැතිරුණත් අපි එළියට ගිහින් පිට්ටනිය වටේ දුවන්න ගත්තේ වෝම් අප් කරන්න කලින් දුවන එක අනිවාර්ය වුණ නිසයි.
'ඒ බං අනුල...' මගේ එහා පැත්තෙන් එක පාරට කවීෂ මතු වුණා. 'අපිට පුළුවන් වෙයිද බං මැච් එකක් ගහන්න?'
මම දුවන ගමන්ම එයාට ඔළුව වැනුවා. 'පුළුවන් වෙයි. මැච් එක පැරදුණත් නැතත් සහභාගී වීමයි වැදගත් කියලා හරි ගිහින් ගහලා එමු බං.'
'මොන ඉස්කෝලෙත් එක්කද දන්නෑනේ තියෙන්නේ ඕක.'
'සර් කියයිනේ හවසට.' මම වචන දෙකෙන් එයාට උත්තර දුන්නේ කාත් එක්කවත් කතා කරන්න තරම් මගේ මනස නිදහස් නොවුණ නිසයි.
කවීෂ එයාගේ වේගේ බාල කරලා අනික් අයට එකතු වෙද්දි මම මගේ පාඩුවේ දුවගෙන ගියා.
එදා ප්‍රැක්ටිස් වලදි නම් අපිට කිසිම නිදහසක් හම්බුණේ නෑ. මාස්ක් එකත් එක්ක හුස්ම ගන්න බැරි තරම් අපි ප්‍රැක්ටිස් කළා. කොච්චර අමාරු වුණත් මම නම් මාස්ක් එක ගැලෙව්වේ නැත්තේ ගැලෙව්වට පස්සේ ඇති වෙන ප්‍රශ්න වලට උත්තර බඳින්න මෙනත් අයියා නම් නොඑන නිසයි.
ගහන්න හොඳයි, එන්න බෑ.
මම පැවිලියන් එක දිහා බලලා මෙනත් අයියට රැව්වා. 'මෝඩයා. ඇඹලයා. කණ්ණාඩියා.'
'කාටද ඔය බනින්නේ.' මගේ පිටිපස්සෙන් ඇහුණ හඬ නිසා මම ගැස්සිලා පිටිපස්ස බැලුවා.
මගේ පිටි පස්සේ හිටගෙන හිටියේ අපේ කෝච් චතුර.
'කාටවත්... නෑ... සර්.'
චතුර සර් මෙනත් අයියා දිහා බැලුවා.
'අනුල... ඔයා දන්නවද දෙයක්?'
'මොකක්ද සර්?'
'වෙනස් වුණාට කමක් නෑ. අනික් අය වෙනුවෙන් ඒ වෙනස නැති කරගන්න එපා.'
____________
'මම ඔයාට කියන්න හිටියේ, ඔයාටයි හැමෝටමයි තමයි... ඔයාලා වෙනස් වෙන්න පුළුවන් අනික් අයට වඩා. ඒ වෙනසට අනික් අය කැමති නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් ගණන් ගන්න එපා.'
'ඒත් අනික් අය වෙනුවෙන් අපිට වෙනස් වෙන්න වුණොත්?'
'අනික් අය නිසා වෙනස් වෙන්න එපා. ඔයාගේ ඒ වෙනසට, ඔයාගේ විදිහට ඔයා ආදරේ කරන්න.'
____________
Meraki
2021 - 12 - 18
YOU ARE READING
ᴍᴇʀᴀᴋɪ - ʙʟ [completed]
Non-Fictionඔයාට කරන්න පුළුවන් කියලා හිතෙන ඕනම දෙයක් ඔයාට කරන්න පුළුවන්.