10

383 90 0
                                    

මම හිටියේ ජිමිනවයි තව යාලුවෝ ටිකකුයි එකතු කරගෙන කොලේජ් එකේ ගෑනු ළමයි ටිකක් ගැන කියව කියව...

ඒත් හදිස්සියේම ටේටේ අපේ පැත්තට එනව දැක්කම මම කිය කියා හිටිය දේත් මට අමතක උනා...

මට ඕන උනේ ඉක්මනට ඒ මාතෘකාව වෙනස් කරන්න...
හේතුවක් නොදන්නවා උනත් ටෙයොංග් වෙන අය ගැන එයා කතා කරනවට මම ආසම නෑ....

මම නං ඕන තරං වෙන අය ගැන කතා කරනවා... ඒත් එයා වචනයක් කිව්වත් මට නිකං කට්ටකින් අනිනව වගේ හිතෙනවා.....

සමහර දාට එයා ඉන්නකොට අපි ගෑනු ළමයි ගැන කතා කරනකොට එයා එතනින් නැගිටලා යනවා.. මට ඒ වෙලාවට හිතෙනවා එයා අපිට වඩා කොච්චර හොඳ කොල්ලෙක්ද කියල... ඒත් මටත් එයා වගේ වෙන්න ආසයි..

ඒම වෙලා හරි මට එයාගෙ ලග ඉන්න ආස හිතෙනවා. එයා හැමදේම මගේ එක්කම බෙදා ගන්නව දකින්න මම ආස උනා...

.
.
.
.
.
.
.

ටික වෙලාවක් යනකං මම හොරෙං ටේ දිහා බලං හිටියා... එයා ඇත්තටම ගොඩාරියක් හොඳ කෙනෙක්... මට දැනෙන්නෙ මම එයාව සෑහෙන්න කාලෙක ඉඳලා අදුරනව වගේ....

හරියට මේ ඉන්න ඔක්කොටම වඩා මම එයා ගැන දන්නව කියල මට වේලාවකට හිතෙනවා....

ඒත් ඒවා හිතන්න ගත්තම මට කිමිහුම් යනවා... යාලුවො ඉස්සරහ මට කිවිහුමක් යන්න ගිය නිසා ලේන්සුව තියල මම ඒක නතර කලා....

ඉක්මනට වොශ් රෑම් එකට ගිය මම බැලුවෙ ලේන්සුව දිහා.. ඒ මල් පෙත්තක් අපේක්ෂාවෙන්මයි.

ඒත්... අද....

.
.
.
.

මගේ සුදු පාට ලේන්සුවෙ මල් පෙත්තක් නම් තිබ්බා.. ඒත් ඊට අමතරව රතු පාට ලොකු පැල්ලමකුත් තිබුනා..

.
.
.

ලේ...... මල් පෙත්තත් එක්ක මගේ නහයෙන් ලේත් ඇවිත්....

.
.
.
.
.
.
.
.

🍃

HanaHaki [ TK]Short Story  ✅ Where stories live. Discover now