💚 8 💚

534 105 76
                                    

"කුකී ඉක්මන් කරනවාකෝ...තමූසෙට මනමාලයෙක් බලන්න නෙවෙයි යන්නෙ...ඔච්චර හැඩ වෙන්නෙ මගුල...😒"

අම්මාගෙන් ආව හතරවෙනි කෝල් එකෙනුත් කන පිරෙන්න අහගත්ත හින්දා බැරිම තැන මං කූකීට කෑගැහුවා...ඒ කෑහලත් විනාඩි 10කට පස්සෙ තමා පොඩි මහත්තයා සදලුතලයෙන් පහලට බැස්සෙ...මුගෙ මේ පරක්කුව හින්දා තමා හැමදාම අම්මයි තාත්තායි කලින් ගිහින් මට මූ එක්ක එන්න කියන්නේ...

අද යුන්ගිගෙ පාර්ටි එක...එයාගෙ දැන් මාස 2කට කලින් රිලීස් උන සෝන්ග් එක Billboard hot 100 වල සති 8ක් #1 ලූ....කූකී කිව්ව විදියට ඒක සෙලිබ්‍රේට් කරන්නලු මේ පාර්ටි එක දාලා තියෙන්නේ...එයා Billboard awards එකේ අවුරුදු 3ක් නොකඩවා ආටිස්ට් ඔෆ් ද ඉයර් වෙලත් තියෙලු...මං ඉදලා හිටලා Suga කියන සිගර්ගෙ සින්දු ඇහුවට ඒ suga...යුන්ගි කියලා දැනගත්තෙ ඊයේ...මේ හොස්පිට්ල් එකේ වැඩ අස්සෙ ඕවා හොයන්න කොහොමත් වෙලාවක් නෑනේ ඉතින්...කොහොම උනත් ටේගෙ සෙලිබ්‍රිටි බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බලද්දි මං මොකෙක්ද...මට නිකන්ම පැත්තකට වෙන්න වෙයි...කමක් නැ ටේ සතුටින් නේ...නපුරු කෙනෙක් වගෙ පෙනුනත් යුන්ගි ටේට ගොඩක් ආදරේයි , සමහර විට මං ටේට ආදරේ කරනවටත් වඩා...

"හියුන්න්න්න්න්න්න්...🔊"

"මොකද ද හූ තියෙන්න...කන් ඇහෙනවා මගෙ...🙄"

"ඇහුන බව නන් පෙනුනා මටත්...😌😏"

කූකි කට කොනින් හිනාවෙලා මං දිහා අමුතු විදියට බැලුවා...

"හරි හරි...ඔය බෝක්කුව වහන් එනවා යන්න...අර කෙල්ලවත් ගන්න යන්න ඕන...අනික උබේ අහිංසක මිනිහා අතන වේලෙනවා ඇති...."

මං වෙහිකල් එකට නැග්ගට පස්සෙ කූකීත් ගස්ස ගස්ස ඇවිත් වෙහිකල් එකේ පිටිපස්සට නැග්ගා...

මුගෙ දැන් ගැස්සිලි වැඩී...යකෝ මං පරක්කු උනා වගෙ...අද ජිනත් එන හින්දා තමා මුගෙ මෙච්චර කැටයම්...

"කුක්සන්....තමුසෙ අද නෑවේ වතුරෙන් ද නැත්තං පර්ෆියුම් වලින් ද...?🙄😅"

කුකී ඒකටත් මුකුත් නොකියා මට රැව්වා..පව් හැබැයි...කොල්ලට තරහා ගිහින් ද කොහෙද...😅

හපොයි...6ට නේද එන්න කිව්වෙ දැනටමත් 5.45යි...

මං උපරිම වේගයෙන් ඩ්‍රයිව් කලේ නම්‍යුවත් අරන් ඉක්මනට හොටෙල් එකට යන්න හිතන්....

✿ ᴜɴʀᴏᴍᴀɴᴛɪᴄ ʟᴏᴠᴇ ✿ |•VHOPEGA•Where stories live. Discover now