🍂02🍂

55 12 2
                                    

"ඔ..ඔයා..."

මං එයාව කොහොමටවත් බලාපොරොත්තු වුනේ නෑ...දොන්වූ අජශ්ශී ඇරෙන්න වෙන කවුරුත් මාව එක්කන් යන්න එන්නෙ නෑ...ජින් ඔප්පා ආපු එක මට ඔක්කොටම වඩා පුදුමයි...

"සුදු නංගි..මොකද බය වෙලා වගේ..ජින් ඔප්පාව මතක නැද්ද ඔයාට..."

"එහෙම දෙයක් නෑ ඔප්පා..ඇත්තටම මට හිතාගන්න බෑ ඔප්පා ඇයි ආවෙ කියලා"

එයා මුකුත්ම නොකියා බෑග් දෙකම අත් දෙකට අරන් ගියා..ජින් ඔප්පා පස්සෙන් කාර් එක ලගට එනකම්ම මං කල්පනා කලේ මේ පුදුමෙ ගැන...

"සුදු අක්කා..."

ස්ට්‍රෝබෙරි ගෙඩි ගොඩාක් අතේ තියන් මැඩම් එක්ක ආවෙ ආරිම් නංගි...මාව දැක්ක ගමන් අතේ තිබුණ ස්ට්‍රෝබෙරි ගෙඩි ටික පැත්තකින් තියලා ඇවිල්ලා මගේ අතේ එල්ලුනා..අවුරුදු 4ක් විතර වුනු ආරිම් දැන් ඉස්සරටත් වඩා හුරතල්..මං පහත් වෙලා එයාගෙ කම්මුල් ඉම්බා...

"අපි සුදු අක්කිව ගෙදර එක්කන් යන්න ආවෙ.."

ආරිම් කියන්නේ ගොඩාක් සතුටින්..

"ඇයි දොන්වූ අජශ්ශී ආවෙ නැත්තේ..අපරාදෙ ඔප්පා කරදර වුනේ.."

"දොන්වූ අජශ්ශීට උන හැදිලා"

ජින් ඔප්පා වෙනුවට ආරිම් උත්තර දුන්නා..මං එහෙම ඇහුවෙ ජින් ඔප්පාට රිද්දන්න නෙවෙයි..ඒත් එයාගෙ දුකෙන් මැලවුන ඇස්, මගේ වචන වලින් එයාට රිදුනු බව පෙන්නුවා...

"මම නම් හිතුවා පුතා හනාව එක්කරගෙන යන්න අදවත් එයාගෙ ඔම්මා ඒවි කියලා..ඇත්තටම පුතා මං මේ රස්සාව කරපු අවුරුදු 15ටම විවිධ අදහස් තියෙන දෙමව්පියෝ දැකලා තියනවා..ඒත් හනාගෙ අම්මා වගේ කෙනෙක් කවදාවත් හම්බ වෙලා නෑ.."

මැඩම් කිව්වේ දුකෙන් වගේ..ජින් ඔප්පා මුකුත් කිව්වේ නෑ..එයාට කියන්න දෙයක් නෑ කියලා මං දන්නවා..තව වෙලා මෙතන හිටියොත් අසරණ වෙන්නේ ජින් ඔප්පා..මං නිසා එයාව අසරණ කරන එක පව්...

මං මැඩම්‍ට ඔලුව පහත් කරලා ආචාර කරලා එයාව බදාගෙන ඇඩුවා..

"දුව..ඔයා හොදටම අඩනවා නේද.."

මං තවත් එයාට තුරුල් වෙලා ඇඩුවා..

"ඔයාට කවදාවත් වරදින්නෙ නෑ දුව...ජේසු පිහිටයි..ඔයා කොහොමත් හොදට හැදුනු හොද දරුවෙක්...මං දන්නවා ඔයා exam එකත් ඉහලින්ම පාස් වෙනවා..ජින් පුතා..මං කෙල්ලව බලාගත්තේ හුගාක් ආදරෙන්..හනාට එයාගෙ අම්මා වෙනස් කම් කලා..ඒ දේවල් දැනෙන්න නොදී මං එයාව පරිස්සම් කලේ..ඒත් අදින් පස්සෙ ඒ වගකීම කවුරු බාරගනීද"

Mine Princess | KSJ | girlxboy (Onhold)Where stories live. Discover now