🍂03🍂

52 6 4
                                    

" ඔයා ඉතින් කාර් එකට නැග්ගොත් නිදිනේ.."

ජින් ඔප්පා එහෙම කියලා පාර අයිනට කරලා කාර් එක නැවැත්තුවා..මං කාර් එකෙන් බැහැලා නංගිට පිටිපස්සට එන්න දීලා මං ඉස්සරහට ගියා..ආරිම් නිදිමතේ ඇස් දෙක පොඩි කර කර පිටිපස්සට ගියපු හැටි දැකපු මට එයාට ගොඩක් ආදරේ හිතුනා..

"සුදු නංගි ඔය කොට්ටෙත් ලගින් තියන්න..වැටේවිද දන්නෑ.."

එයා වැටෙන්නෙ නැති වෙන්න කොට්ටෙත් හදලා ටෙඩි බෙයාවත් දීලා මං ඉස්සරහින් වාඩි වුනා...මොකද්දෝ අමුතු නුහුරු සිතුවිල්ලක් හිත ඇතුලෙ හොල්මන් කරන්න පටන් අරන්..ඒත් මං ඒක පිටට පෙන්නන්න ගියේ නෑ..ජින් ඔප්පා කල්පනාවක ගිලිලා drive කරනවා  එයා මං දිහා දෙතුන් පාරක්ම බැලුවා..ඒත් මං දැක්කෙ නෑ වගේ හිටියේ එයාව අපහසුතාවට පත් කරන්න බැරි නිසා..

"සුදු නංගි..ඔයා දුකින් නේද බබා ඉන්නෙ.."

ජින් ඔප්පා මං දිහා බලලා ඇහුවා..මං දුකින් කියලා එයාට දැනෙන්න තරම් එයා මං ගැන හිතනවද..🙄

"මං දන්නවා නංගි..ගෙදර ගිහින් ඉන්න ඔයා ආස නෑ කියලා..වෙලාවකට මටත් හරි පුදුමයි ඔයාගෙ ඔම්මා මේ තරම් ඔයාට වෙනස්කම් කරන්නෙ ඇයි කියලා..ඔයාට කරන වෙනස්කම් මට කරා නම් මං පුදුම වෙන්නෙ නෑ..මොකද එයා මගෙ කුඩම්මා නිසා. .

ජින් ඔප්පා කියන්නේ ඇත්ත..මාස දහයක් බඩේ තියන් ඉදලා උපත දීපු ලමයෙක්ට ඔම්මා කෙනෙක් මෙච්චර නපුරු වෙන එකට පුදුම හිතෙන්නේ නෑ කිව්වොත් ඒක අමූලික බොරුවක්..ඒත් කරන්න දෙයක් නෑ..මේ මං ලබා උපන් හැටි..ඔම්මගෙ අප්පාගෙ ආදරේ ලබන්නත් පිං කරන්න ඕනේ..හැමදේම නැතිවුනේ මගේ පව්කාරකමට..මං තනි වෙලා කියන හැගීම ආපහු මගේ හිතට දැනුනා..

මෙච්චර කල් පොත් එක්කම හිටපු නිසා මට ඒ ගැන හිතන්න වැඩි කාලයක් තිබුනෙ නෑ..ඒත් ගෙදර ගියාට පස්සෙ මට ඒක කොහොම දැනෙයිද කියලා මං කල්පනා කලා..

හිතට දැනුනු දුක එක මොහොතකින් කදුලු වුනා..ඒ කදුලු ජින් ඔප්පාගෙන් හංගන්න ඕනෙ නිසා මං දනහිස් උඩින් ඔලුව තියාගත්තා..ඒත් මගේ උත්සහයෙන් වැඩක් වුනේ නෑ..

"සුදු නංගි ඔයා ආයෙත් අඩනවා නේද"

හැම දේටම කදුලු පිරෙන ඇස් , පොඩි දේටත් දුක හිතෙන හිතක් ලැබෙන එක මහ අවාසනාවක්..

ජින් ඔප්පා කාර් එක නවත්තනවා දැනුන නිසා මං ඔලුව උස්සල බැලුවා..පාර අයිනෙන් කාර් එක නවත්තපු ජින් ඔප්පා පහසු විදියට වාඩි වෙලා සීට් එකට හේත්තු වෙලා මං දිහා බැලුවා..අඩලා රතු වුන මගෙ ඇස් එයා දකින්නැති..හේතුවක් නැතුව මගෙ හිතට දැනුනු බය නිසා මං පිටිපස්ස බැලුවෙ ආරිම් ඇහැරිලාද බලන්න..ඒයා හොදටම නිදි ..

" ඇයි ඔප්පා නැවැත්තුවෙ.."

ජින් ඔප්පා දිග හුස්මක් අරන් ඇස් තද කරලා පියාගත්තා..වෙන්නෙ මොනද කියලා මට තේරෙන්නේ නෑ..මේ දේවල් මගෙ හිතට ගොඩක් බර වැඩී..ජින් ඔප්පා ඒක තේරුම් ගන්නෙ නැත්තේ ඇයි...😓

"අඩන්න එපා කියලා මං කියන්නෑ සුදු නංගි..මං දන්නවා ඔයාට දුක වැඩී කියලා..ඒත් ඔයාගෙ ඔප්පාට බලන් ඉන්න පුලුවන් කියලා හිතනවද..??"

එයා දුකින් ඇහුවා...එයා දුක් වෙන්නෙත් මං දුක් වෙන නිසා..මගෙ දුක මං තනියම විදිනවා මිසක් ඒකට තව කෙනෙක් හවුල්
කරගන්න මට ඕනේ නෑ..

"මේ අහන්න මගෙ සුදු නංගි..ගෙදර ගිහිල්ලත් අඩ අඩ ඉන්නද ඔයා හිතාගෙන ඉන්නෙ..ඔම්මා කරන වෙනස්කම් ඔයාට දරාගන්න බෑ කියලා මං නොදන්නවා නෙමෙයි..සමහර විට ඔයා හිතනවා ඇති මායි ආරිම් නංගියිත් ඔයාට වෙනස්කම් කරයි කියලා..නෑ සුදු නංගි..කවදාවත් එහෙම කරන්නෙ නෑ..ආරිම් කොහොම වෙයිද කියලා මං හරියටම දන්නෙ නෑ..ඒත් විස්වාස කරන්න..මං හැමදාම ඔයාට ඔප්පා කෙනෙක් වෙනවා..ආරිම් නංගිත් ඔයාට ගොඩක් ආදරෙයිනේ..ඔයා මගෙ තාත්තාගෙ දුවෙක් නොවුනත් ආරිම්ගෙයි ඔයාගෙයි අතර මට වෙනසක් නෑ..තේරුම් ගන්න නංගි...ඔයාලා දෙන්නම මගේ නංගිලා..ආරිම්ට වගේම ඔයාටත් මං හුගාක් ආදරෙයි..."

මං ඔප්පා දිහා බැලුවා..එයාගෙ ඇස් වල සහෝදර බැදීම..ඒ ආදරේ මිසක් බොරුවක් ගෑවිලාවත් නෑ ..මං වෙනුවෙන් මෙච්චර ආදරයක් ඒ හිතේ තියනවා කියලා මං කවදාවත් හිතුවෙ නෑ..ජීවිතේ පලවෙනි වතාවට මට තනිවෙලා නෑ කියන හැගීම මට දැනුනා...

______________________________________

ඔන්න මං දුන්නා..
හෙට ඉදන් දිග ඒවා දෙන්නම් දැනට මේක බාරගන්න..
හැමදාම රෑ 12න් පස්සෙ කතාව දෙන්නෙ..මොකද මං එන්නෙ night time data වලින්..

මං ඔයාලගෙන් cover එකක් හදලා ඉල්ලුවනේ.. ඔයාලා හැදුවට වැඩක් නෑ මට ඒවා එවන්න විදියක් නෑනෙ..ඒ නිසා covers එපා හොදේ..එක්කෙනෙක් කිව්වා හදලා දෙන්න පුලුවන් කියලා එයාට තැන්ක් යූ..

එහෙනම් බායි..

Dewmi🌹

Mine Princess | KSJ | girlxboy (Onhold)Tempat cerita menjadi hidup. Temukan sekarang