🍂01🍂

97 24 21
                                    

Hana pov.

Last year exam එකත් ඉවර වුනා..හැමෝම ගොඩක් සැහැල්ලුවෙන් ඉන්නෙ...ඒත් මට පොඩි සැනසීමක්වත් දැනෙන්නෙ නෑ...exam එකට හරියට ලිව්වට මගෙ හිතට ලොකු වේදනාවක් දැනෙනවා...

Hostel එකේ හිටපු ගොඩක් අය ඊයෙම ගෙදර ගියා..අනිත් අයත් අද උදේම ගියා..මුලු hostel එකේම දැන් ඉන්නෙ මං විතරයි..school නිවාඩු නිසා වෙන කවුරුත් නෑ...ගොඩාක් අය hostel එක දාලා යන්නම ගියේ හිර ගේකින් නිදහස් වුනා වගේ..ගොඩාක් සතුටින්...ඒත් මට එහෙම සතුටක් දැනෙන්නෙ නෑ..මොකද...මං hostel එකෙන් යන්නෙ හිර ගෙයක් වගේ ගෙදරකට නිසා...
ගොඩාක් අය hostel ජීවිතේට වැඩිය කැමති නෑ..ඒත් මං මේ ජීවිතේට ගොඩක් කැමතියි..

ඒ වුනත් මං හෙට මේ ආදරණීය නවාතැනට සමුදෙන්න ඕනෙ..මොකද මාව එක්කන් යන්න ගෙදරින් එන්නෙ හෙට නිසා...

අවුරුදු 13ක් ඉගෙන ගත්ත මේ ඉස්කෝලේටයි hostel එකටයි සමුදෙන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බෑ...මට ඇඩෙනවා..ඒත් මං මේ කදුලු නවත්තන්න හදන්නෙ නෑ...මාත් එක්ක එකම කාමරේ හිටිය මගේ හොදම යාලුවො දෙන්නත් ටික වෙලාවකට කලින් යන්න ගියා...එයාලගෙ සුවද මට මේ කාමරෙන් තාමත් දැනෙනවා...

ඇස් වල තිබුණ කදුලු පිහිදාගෙන මං කාමරෙන් එලියට ආවා...mrs.jung පේන්න හිටියේ නෑ..කුස්සියේ වැඩ කරන  do-hwa අජුම්මාත් බඩු ගේන්න ගිහින්ද කොහෙද....මං හෙමින් හෙමින් වත්ත කෙලවරේ රෝසමල් පාත්තිය ලග තිබුන bench එක ලගට ගිහින් වාඩි වුනා...ඒ රෝස මල් සුවද දැනෙද්දි හිතට හරිම සහනයක් දැනෙනවා..මෙතනත් එක්ක බැදිලා තියෙන මගේ පරන මතක මතක් වෙද්දී මගේ කදුලු අලුත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

"හනා..අඩන්න එපා දරුවෝ...මං දන්නවා...හොදටම දන්නවා..හැමෝටම වඩා ඔයාට දුකයි කියලා...මේ ඉස්කෝලේට ආපු දවසේ ඉදලා ඔයා හිටියේ මේ hostel එකෙ. මේ වෙන්වීම ඔයාට දරාගන්න අමාරුයි තමයි..හිත හදාගන්න මගෙ දුව..ඒ ඇරෙන්න වෙන මොනා කරන්නද..."

මැඩම් කියන්නේ ඇත්ත..හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..ඒත් වචනෙන් කිව්වට ඒක කරන්න අමාරුයි..
මැඩම්ගෙ ආදරේ දැනෙද්දි මගේ ඇඩිල්ල තවත් වැඩිවුනා..මං මැඩම්ගේ උකුලේ ඔලුව තියාගෙන ඇඩුවා..මට දැනුනා මගේ කෙස් අතරින් මැඩම්ගේ අත යනවා..එහෙම ඔලුව අත ගානකොට හරි සනීපයි...

Mine Princess | KSJ | girlxboy (Onhold)Tempat cerita menjadi hidup. Temukan sekarang