🍂05🍂

13 2 0
                                    

ගේ පුරා ම පාළු නිහැඬියාවක් පැතිරිලා තිබුණා..ඔම්මයි බාප්පයි ආරිම් නංගී උදේම කොහෙද යනවා මං දැක්කා..ජින් ඔප්පා private bank එකක විධායක නිලධාරියෙක් විදිහට වැඩ කරන්නේ ඩේගු වල නිසා එයා ගෙදර එන්නේ weekend එකේ විතරයි

මම බැල්කනි එකේ කොනක තිබුන තිබුණ පුටුවේ වාඩි වුනා..මන් දැක්කා ගෙදර වටේට තියෙන උස තාප්පය ට ඉස්සරහින් තියෙන  පාරේ ඔම්මා කෙනෙකුයි අප්පා කෙනෙකුයි පුංචි ගෑනු ළමයෙක්ව අතින් අල්ලගෙන පාර දිගේ එක්කන් යනවා...ඒ ගෑනු ළමයාට වයස අවුරුදු 5 ක් විතර ඇති..එයා ඇවිදින විදිහ හරිම ලස්සනයි.. මම ඒක දැකලා කාමරේට ආවෙ මගේ ඇස් කඳුලින් පිරිච්ච නිසයි...මට කවදාවත් ඔම්මගෙයි අප්පාගෙයි අතේ එල්ලිලා දඟ කරපු පුංචි කාලයක් තිබුණෙ  නෑ..ඒ නිසයි මට දුක හිතුනෙ..

මම කබඩ් එක ඇරලා ඔම්මට හොරෙන් හංගලා තියාගෙන හිටපු අප්පාගෙ ෆොටෝ එක අතට ගත්ත..ඒ ෆොටෝ එකේ අප්පා තරුණ පාටයි..මං හිතන්නේ ඒක අප්පා තරුණ කාලෙදි ගත්ත ෆොටෝ එකක්...මගේ අප්පා ගොඩක් handsome

මගේ අප්පා ගොඩක් handsome

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(අප්පා තරුන කාලෙ)

ඒ හිනාවට හිත ඇදිලා යනවා..අප්පා ගැන මට පැහැදිලි මතකයක් නෑ...ඔම්මා වගේම අප්පාත් මට නපුරු කම් කළාද දන්නැහැ..ඒ උනාට මං අප්පාට ගොඩක් ආදරෙයි..අප්පා ජීවත් වෙලා හිටිය නං මට මේ වගේ තනි වෙන්න සිද්ධ වෙන්නේ නැහැ...මං අප්පාගෙ ෆොටෝ එක තුරුළු කරගෙන ඉන්න කොට මට නිකංම ඇඬුණා..

"සුදු බේබි"

මින් අජුම්මාගෙ කටහඬ දොර ලඟින් ඇහුන නිසා මන් කඳුළු පිහිදා ගත්තා..

"එන්න අජුම්මා"

මින් අජුම්මා  මගේ අතේ තිබුණ ෆොටෝ එක අත් දෙකෙන්ම අරගෙන අල්ලගෙන කඳුළු පිරිච්ච ඇස් වලින් ඒක දිහා බලාගෙන හිටියා..

You've reached the end of published parts.

⏰ Last updated: Nov 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Mine Princess | KSJ | girlxboy (Onhold)Where stories live. Discover now