🍂04🍂

67 11 8
                                    

මං මේ ලෝකෙ තනිවෙලා නෑ කියන හැගීම මට පලවෙනි පාරට දැනුනා..ඒ නිසාමද කොහෙද මට පොඩි හිනාවක් ගියා...

"පිස්සු කෙල්ල...අඩලා අඩලා දැන් බොරුවට හිනා වෙනවා.."

ජින් ඔප්පා හිනා වෙවී කිව්වා...

මගේ ලෝකෙට මේ සතුට අරන් ආවෙ ඔයායි ඔප්පා..

මං ඒක කිව්වෙ නෑ...හිතුවා විතරයි.....

"අපි යමු...ලේට් වුනොත් ඔම්මාගෙ විසිපැන වලට උත්තර දෙන්න වෙයි.."

අපි ගෙදර යද්දී ඔම්මායි බාප්පයි ගෙදර හිටියේ නෑ...ඒක මගේ හිතට ලොකු සහනයක්...

"මගෙ සුදු බේබි..."

මින් අජුම්මා ඉස්සරහට ආවෙ ඇස් වල ආදරේ පුරවගෙන..තාමත් මං සාලෙ ඉන්නෙ..ඔම්මා ආවොත් අනිවාර්යයෙන්ම බැනුම් අහන්න වෙනවා..මං පහල තට්ටුවට එනවට ඔම්මා කැමති නෑ..ගාර්ඩ්න් එකේ ඉන්නවටත් කැමති නෑ...ගෙදර ඉන්නකොට මං ගොඩක් වෙලාවට ඉන්නෙ උඩ තට්ටුවෙ මගේ කාමරේට වෙලා..එහෙම නැත්තං බැල්කනි එකට වෙලා...මේ ගෙදර හිර ගෙයක් වගේ මට දැනෙන්නෙ ඒ නිසා..මොනා වුනත් මං දැන් මේකට පුරුදු වෙන්න ඕනෙ..

"ඔන්න බේබි මං කාමරේ ආයෙ අස් කලා..මහන්සිත් ඇතිනේ...ගිහින් ඇදුම් මාරු කරගන්න.."

"අජුම්මා..ජින් ඔප්පාටත් එක්ක බොන්න මොනා හරි හදන්න.."

"මං අයිස් කොෆී හැදුවා..දෙන්නම ආසයිනේ ඒවා බොන්න..ආරිම් බේබි නම් කිරි එකක් බිව්වා.."

මගේ පුංචි කාමරේ අජුම්මා ලස්සනට අස් කරලා තිබුනා..ගෙවුනු අවුරුදු 19ටම මං මේ කාමරේ හිටියේ ගනන් කරන්න පුලුවන් දවස් ගානක්..මං වැඩිපුරම හිටියේ හොස්ටල් එකේ..අදින් පස්සෙ මට ආයෙ එහෙ ඉන්න වෙන්නෙ නෑ..ඒත් නැති වෙච්ච දේ ගැන හිතනවට වඩා ඉස්සරහ වෙන දේවල් වලට මූන දෙන්න මං හිත හයිය කරගන්න ඕනේ...
______________________________________

හායි..

ගොඩ දවසකින්..

මං username වෙනස් කලා හොදේ..
අලුත් නම 👇👇👇👇👇

peachy_minYoongz

හෙන ගේමක් දුන්නා වෙනස් කරන්න..පාස්වඩ් මතක නැතුව..දගලලා දගලලා වෙනස් කරගත්තා කොහොම හරි..

ඊලග එකෙන් හම්බ වෙමු..කොට ඒවා තමයි දෙන්න වෙන්නෙ..

බායි..

peachy_minYoongz🐱🌷

Mine Princess | KSJ | girlxboy (Onhold)Where stories live. Discover now