🌸 Chapter 1 🌸

2.7K 237 24
                                    

"ඩිං ඩොං"
"ඩිං ඩොං"
"ඩිං ඩොං"

ආයිශ්...කව්ද මේ උදේ පාන්දර ගෙදර බෙල් එක කඩන්න හදන්නේ...

මන් එහෙමම ඇදෙන් බැහැලා අලි ඈනුමකුත් ඇරලා වෙලාව බැලුවේ ඇස් දෙකත් භාගෙට ඇරගෙන...

හුටා...පාන්දර නෙවේ..උදේ 10.40....ඊයා ජියා ඔයා මෙච්චර වෙලා නිදාගත්තද...

කෝමත් නැගිට්ට කියලා කරන්න වැඩකුත් නෑනෙ දැන් 🙄

"ඩිං ඩොං"

ආයෙත් වතාවක් ගෙදර බෙල් එක වදිද්දි මන් ඇදෙන් පැනලා පිජාමා එක පිටින්ම ගියේ කව්ද බෙල් එක ටෙස්ට් කරන්නෙ කියලා බලන්න..

මන් පහලට ගිහින් දොර අරිනවත් එක්කම හිටියේ මන් බලාපොරොත්තු නොවුනු කෙනෙක්...

"ඕ මයි ගෝඩ්...අජුශ්ශි ඔයා...එන්න ඇතුලට.."

මන් ටක් ගාලා දත් සැට් එකම එලියට දාලා හිනා වෙලා එයාට ගේ ඇතුලට කතා කලා...

ඔයාලා බලනවා ඇති මේ කව්ද කියලා නේද..මිස්ට ජියොන්..මගෙ සිල්වෙස්ටර්..එතකොට මන් එයාගෙ ට්විටි..😂 අපි එහෙම නම් දාගත්තෙ ඇත්තටම මගේ වැඩේම එයාව අව්ස්සන එක..එයාගෙ වැඩෙත් මාව අව්ස්සන එක...

මිස්ටර් ජියොන් කොටින්ම මගේ අප්පා වගේ මට..ඒත් අපි ඊටත් වඩා යාලුවො..මිස්ටර් ජියොන් අවුරුදු පනස්පහක මනුස්සයෙක් උනාට වැඩනන් තාම අවුරුදු දාහතක කොල්ලෙක්ගේ වගේ..
මීට අවුරුදු හතරකට කලින් විශේෂ සිදුවීමකින් තමයි අපි හම්බුනේ...

මන් ජීවත් වෙන්නෙ සෝල් වල තනියෙන්..මගේ ඔම්මයි අප්පයි දෙන්නම ඉන්නෙ ගොඩක් ඈත..ඉතින් මගේ අප්පා වගේ මන් ගැන හොයලා බැලුවේ ජියොන් අජුශ්ශි තමයි..ඒකටත් හේතුවක් තියෙනවා...එව්වා පස්සෙ කියන්නන්..ඊටකලින් ගෙදරට ආපු මනුස්සයට සලකලා ඉන්න එපැයි...

මන් කූල් ඩ්‍රින්ක් එකකුත් හදාගෙන අජුශ්ශි ගාවින් ගිහින් වාඩි වුනා..

"ඉතින් ඉතින්..මොකෝ මේ කුකුලත් අතින් අරගෙන උදේ පාන්දර මෙහෙ ආවෙ...මොකක් හරි තවත් මරාලයක් ද? "

👨 "කුකුලා...කුකුලා අතින් අරන් උදේ දහයට එන්නෙ නෑ මෝඩ කෙල්ලෙ...මන් ආවේ ඉතින් කාලෙකින් මගේ ලේලිගේ මූන බලලා යන්න..."

THE TURN 🚩[COMPLETED] 🚩Where stories live. Discover now