🌸 Chapter 13 🌸

1.1K 195 42
                                    


හිමින් සැරේ ඇස් ඇරලා මන් හිටපු ඇදේම වාඩිවෙලා මන් වටපිට බැලුවේ රිදුම් දෙන ඔලුවත් අල්ලගෙන...

ආයිශ් මොකද්ද උනේ...

මන් ශීට් එක අයින් කරගන්න හදන කොටම අත රිදෙන්න ගද්දි මන් දැක්කෙ අතටගහලා තිබ්බ සේලයින් කට්ට...

ඒත්
-
ජන්ග්කුක්...
-
ජන්ග්කුක්ට කොහොමද..

ආයිශ්..මන් මොකද්ද මෙතන කරන්නෙ...😣

මන් අතේ ගහලා තිබ්බ කට්ට ගලවලා ඇදෙන් බැහැලා රූම් එකේ දොරත් ඇරගෙන දිව්වෙ ජන්ග්කුක් ගාවට..

ඒත් එක්කම ඉස්සරට ආවේ ටේයොන්..

"ටේ...ජ-ජන්ග්කුක්ට කොහොමද...එයා හොදින් නේද..🥺"

මන් පැන්න ගමන් ටේයොන්ගෙ උරහිස් වලින් අල්ලගෙන හොලවන ගමන් ඇහුව..

🐯"ඒ..ඒ..මුලින් මාව හොල්ලන එක නතර කරනවා...කාගෙන් අහලද රූම් එකෙන් එලියට ආවේ...මන් බොන්න කොෆී එකක් අරන් එන්න ගිය ටිකට කටුත් ගලවගෙන ඇවිත්..."

"අනේ..කියන්නකො ජන්ග්කුක් හොදින්ද..🥺"

🐯"ඒයි..අයියෝ ආයෙත් ටැප් එක ඇරගන්න එපා හලෝ..ජන්ග්කුකාට අව්ලක් නෑ...එයාගේ ඔපරේශන් එක ඉවර කරලා වෝඩ් එකට මාරු කලා..ඩොක්ටර් කිව්ව ලොකු හානියක් නෑ කියලා...ඒත් ගොඩක් බ්ලීඩ් වෙලා තිබ්බ නිසා ලේ දෙන්න උනා...ඌ තව ටිකකින් නැගිටීවි..."

ටේ එහෙම කිව්වම මන් ගැහෙන පපුවටත් අත තියාගෙන ලග තිබ්බ පුටුවකින් වාඩි උනා..

පණ්ඩිතකමට කටුව ගලවලා ඇද්දට මොකෝ දැන් අත කැක්කුමයි..

මන් වාඩි වෙලා අතේ කටුව ගහලා තියෙන තැන හිමීට පිරිමදින්න ගත්තා..

🐯"ආ මෙන්න...මේක බොනවා.."

ටේ මගේ පැත්තට කොෆී එක දික්කලාම මන් මුකුත් නොකියම ටේගේ අතින් කොෆී එක ගත්තෙ මන් ඇත්තටම තිබහෙන් හිටිය නිසා...

🐯"දැන් කොහොමද..ඇගට හොදක් දැනෙනවද.."

"හ්ම්..."

🐯"මන් යන ගමන් ඔයාව ගෙදරින් ඩ්‍රොප් කරන්නන්..ඔයා කාර් එක ගෙනාවේ නෑනෙ නේද.."

"හ්ම්.."

🐯"බලාගෙන කොෆී එක උණු ඇති හොදටම.."

"හ්ම්..."

THE TURN 🚩[COMPLETED] 🚩Where stories live. Discover now