ජන්ග්කුක්..මීරා..එයාලා හිටියෙ කිස් කරන ගමන්...
දොර ඇරුන සද්දෙට දොර දිහා බලපු ජන්ග්කුක් මාව දැක්කා..
ඒත් එක්කම ජන්ග්කුක් මීරාව තල්ලු කරලා ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා..
🖤"ජි..ජියා පොඩ්ඩක් ඉන්න මෙතන එහෙම දෙයක් උ-"
"සොරි..මන් ආවෙ මේ ෆයිල් එක දෙන්න...සොරි.."
මන් ටක් ගලා වැටුන ෆයිල් එක අහුලලා දීලා එතනින් අඩියට දෙකට එලියට ආවේ තව වෙලා හිටියොත් ඇස් වල එකතු උන කදුලු මට පාලනය කරගන්න බැරි වෙයි කියලා..
හදවත මිරිකෙනවා තරන් වේදනාවක් දැනෙද්දි මන් ඔෆිස් එකෙන් එලියට ඇවිත් කාර් එක අරගෙන ආවේ මට තවත් ඒ ඔෆිස් එකේ ඉන්න හිත නොදුන්න නිසා..
ඔයා වැරදී ටේයොන්...ජන්ග්කුක් වෙනස් වෙලා නෑ..එයා මාත් එක්ක එකතූ උනේ ජීහූන්ව අල්ලගන්න විතරමයි...එයා තාමත් කලින් හිටිය සෙල්ලක්කාරයමයි..
මන් වෙනදටත් වඩා ඉක්මනට ගෙදරට ආවේ වේගෙන් ඩ්‍රයිව් කරපු නිසා වෙන්නැති...
එකපාරටම දැනුනු දුකට ගෙදර ආවට මොකද මට හිතාගන්න බෑ මන් මොනවා කරන්නද කියලා..
මට දැනුනෙ මහ හිස් කමක්..
මන්...ශවර් එක යටට ගිහින් අඩන්නද..?
අනී..හෙම්බිරිස්සාව කියන්නෙ මහ කරුමයක්..🙂ඒනන් මන් පාර දිගෙ ඔහේ ඇවිදගෙන යන්නද...
අනී..පස්සෙ කකුල් කැක්කුම ඇල්ලුවොත් තෙල් ගාන්නවත් මොකෙක්වත් නෑ මට..😒
රූම් එකේ දොර ගාව හිටගෙන හිටපු මම එතනම බිම වාඩිවුනේ කිසි දෙයක්
හිතාගන්න බැරුව..එතකොට දැන් මන් ජන්ග්කුක්ව අමතක කරන්න ඕනෙද..?
මන් එහෙමම ෆෝන් එක අතට අරගෙන දැක්ක දැක්ක කෑම ජාති ඕර්ඩර් කලා..
Few mins later..
මට දැනුනෙ මන් හොග්වාර්ඩ්ස් වල හැලෝවීන් පාර්ටි එකකට ගිහින් වගේ...ඒ තරන් කෑම තොගයක් මගේ මෙසේ ගොඩ ගැහිලා..මන් මෙච්චර ඔර්ඩර් කරලද..🙂
මන් පුටුවල් ඇදගෙන මේසේ උඩින් වාඩිවෙලා කන්න පටන් ගත්තා..
හරි ජියා...ඔයා දැන් හිතහදාගන්න ඕනේ..