-ෆෝන් එක රින්ග්ස් ගිහින්ම කට් වෙද්දි මන් ෆෝන් එක පොලේ ගහන්න බැරි කමට ඇද උඩට විසික් කලේ කේන්තියට...කේන්තියටත් වඩා දුකයි..
ඇයි ජන්ග්කුක් මාව මේ විදිහට මග අරින්නෙ..ඊයේ ඉදන් තවම කෝල් එකක් නෑ...
ජන්ග්කුක් USA ගිය මුල් සති කිහිපේ පැයෙන් පැයට කෝල් කලත් එන්න එන්න එයා කෝල් කරන එක අඩු උනා..
සමහරක්විට ආන්සර් කරන්නෙ නෑ...නැත්තන් රින්ග්ස් යද්දි කට් කරලා මැසේජ් එකක් දානවා මොකක් හරි වැඩක් කියලා...හැමදාම රෑට කෝල් එකක් ගත්තත් එන්න එන්න ඒ කතා කරන එකත් අඩු වුනා..ඒත් ඊයේ අඩුම මට ඒ රෑට දෙන කෝල් එකවත් දුන්නෙ නෑ..
මන් කෝල් එක එනකන්ම බලන් ඉදලා නින්ද ගියේ කොයි වෙලේද දන්නෙත් නෑ..උදේ නැගිට්ට ගමනුත් මන් කිහිප වතාවක් කෝල් කලත් ඒ එක වතාවකවත් ෆෝන් එක ආන්සර් කලේ නෑ...
ඒත් එක්කම මගේ ෆෝන් එක රින්ග්වෙන්න ගද්දි මන් පැන්න ගමන් ෆෝන් එක අතට ගත්තෙ ජන්ග්කුක් කියලා හිතලා...ඒත් ඒ ජන්ග්කුක් නෙවෙයි...බලාපොරොත්තු කඩවෙලා යද්දි මන් ෆෝන් එක ආන්සර් කරලා කනෙන් තියාගත්තා...
"යෙබුසෙයෝ..."
"යෙබුසෙයෝ...මේ මිස් ලී ජී-ආ ද..."
"අහ් දේ..මන් තමයි.."
"අහ් මන් කතාකරන්නෙ xxx හොස්පිට්ල් එකෙන්...ජියොන් ජේ ක්‍යොන් මහත්මයාට මේ දැන් සිහිය ආවා..මිස්ට දැන් හොස්පිට්ල් එකට එන්න පුලුවන්ද.."
"මො...මොකක්...මොකද්ද කිව්වේ.."
මන් ආයෙත් සැරයක් ඇහුවේ මට ඒ ඇහුන දේ විශ්වාස කරන්න බැරුව..
"මිස්ට ජියොන් ජේක්‍යොන්ට සිහිය ආවා මිස්.."
මට ඒ වචන ටික ඇහුන ගමන්ම මන් කෝල් එක කට් කරලා දාලා අතට අහුවුන ඇදුමක් ඇදන් ගියේ හොස්පිට්ල් එකට..
මට මතක නෑ හොස්පිට්ල් එකට ගිය විදිහවත්...මට ඇඩෙනවා..සතුට වැඩිකමට..
මන් කෙලින්ම කඩාගෙන බිදගෙන අජුශ්ශි ගේ රූම් එකේ දොර ඇරගෙන ගියත් එතනින් එහාට මට තවත් යන්න බැරි උනා..
මන් ඇතුළට ආව ගමන් අජුශ්ශිගෙ මූන ලස්සන හිනාවකින් පිරුනේ මේ දැන් කෝමා එකකින් නැගිට්ට මනුස්සයෙක් කියලා හිතාගන්නත් බැරි විදිහට..