"ජිමින් අපේ ජීවිත වලට එනකන් මං දැනන් හිටියෙ නෑනෙ ඔයාට ඔය තරමට සොෆ්ට් විදිහට කෙනෙක්ට ලං වෙන්න පුළුවන් කියලා"
යුන්ගි පිටිපස්සෙ සීට් එකේ තියෙන දේවල් දිහාට බැල්මක් හෙලලා හුස්මක් පිඹින ගමන් කිව්වා
"ජිමින් අපි හැමෝගෙම ජිවිත වල හොඳම දේවල් එලියට ගත්තා. ඒක පිලි අරන් කට වහගෙන යං"
ටේහ්‍යුන්ග් ඕනවට එපාවට ඇස් කරකවලා එයාගෙ නියපොතු දිහා හරි වුවමනාවෙන් බලාගෙන කිව්වා
"ස්පා එකට යන්න කාලෙ හරි"
එයා එයාටම මුමුනගත්තා
"මගේ හෙයා කලර් එක වෙනස් කලා නම් හරි. මොන කලර් එකද හොඳ?"
යුන්ගි උරහිස් අකුලවලා පාරටම අවධානෙ යොමු කරගෙන කිසිම හාවක් හූවක් නැතුව පාරවල් වලින් හැරෙව්වා
"ඔයාට ඕන කලර් එකක් හොඳයි. ඔයා සෑහෙන කාලෙක ඉඳලා බ්ලොන්ඩ් කලේ නෑනෙ. නැත්තන් බ්ලූ කලර් එකත් අවුලක් නෑ ට්‍රයි කරලා බැලුවට"
යුන්ගි යෝජනා කලා
"හ්ම්ම්.... මං ජිමින්ගෙන් අහන්නම්"
ටේහ්‍යුන්ග් ජනෙල් වීදුරුවෙන් එලිය බලාගෙන කිව්වා
යුන්ගි ආයෙමත් හුස්මක් පිම්බා. ජිමිනි මේක ජිමිනි අරක. එයා දැනගෙන හිටියා කොහොමත් එයාගෙ යෝජනා කිසිම අගයක් නැතුව වාෂ්ප වෙලා යයි කියලා. ටේහ්‍යුන්ග්ට ජිමින්ව හම්බුන දවසෙ ඉඳන්ම එයා මේ වගේ අළුත් පුද්ගලයෙක් විදිහට වෙනස් උනා. ගොඩාක් මෘදු වගේම විනෝදයෙන් පිරුනු කෙනෙක් හැටියට. ඒත් යුන්ගි ඒ ගැන මැසිවිලි නගන්න ගියේ නෑ. මොකද එයා ආදරෙන් බැඳුණ හැඟීම් තද කරගත්ත මනුස්සයාට වඩා හැමතිස්සෙම හිනා වෙලා ඉන්න, ටේහ්‍යුන්ග් ගෙ මේ පැත්තට ගොඩක් ආදරෙයි. එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට තවමත් පරන ගති තිබුනත් දැන් ඉන්න තත්වෙ හැටියට එයාට ඒක පහසුවක්
මාෆියාවට සම්බන්ධ මුදුන් මුල් විදිහට හඳුන්වාගන්න පවුල් පරිසරයක් එක්ක හැදෙන වැඩෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. එයාලාගෙ අනගතේ කොහොම වෙනවද කියන එක ඒ වෙනකොටත් එයාලා වෙනුවෙන් තීරණය වෙලා ඉවරයි. සහ එයාලාට ඒ අනාගතේ එයාලගෙ ලමා කාලෙදිම පිලිගන්න වෙනවා. ඉතින් එයා ඒ ජීවිතේට පුරුදු වුනේ ඒ විදිහට
![](https://img.wattpad.com/cover/290581474-288-k967347.jpg)
YOU ARE READING
STRAWBERRY🍓 [ᴊɪᴋᴏᴏᴋ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
Fanfiction"ඔට ඔයාව ඕනෙ...," ජන්ග්කුක් ජිමින්ගෙ කන යට සංවේදීම තැනක හැඟීම් අවුස්සන ගමන් රහසින් කෙඳිරුවා. "ඔයා මාව අමාරු දේවල් කරන්න පොළඹවනවා, මගේ ස්ට්රෝබෙරි ගෙඩිය" ජිමින් පිටිපස්සට වකුටු උනේ හීනි කෙඳිරිල්ලක් එක්ක. "මගේ දිවෙනුයි, ඇඟිලි වලිනුයි ඔයාව කම් කරවලා ඊට...