Chapter 21 🍓

1.4K 223 120
                                    

පොලිස් ස්ටේශන් එකට යනකන්ම තත්වය තිබුනෙ පුදුම ආතතියකින් පිරිලා. චෝයි ජිමින්ට කාටවත් කෝල් කරන්න අවස්තාවක් දුන්නෙ නෑ. ජිමින් ඒකට කොච්චර අකමැති උනත් අනිත් අතට එයා දන්නවා ඒක වලක්වන්න බැරි දෙයක් කියලා. එයා මේක මීට මාස ගානක ඉඳලම බලාපොරොත්තුවෙන් හිටියා. එයාලා ජිමින්ව පුළුවන් තරම් ජන්ග්කුක්ට විරුද්ධව කතා කරවන්න උත්සාහ කලත් එයා ඒ හැම වතාවකම ඒක ප්‍රතික්ශේප කලා

මුන් හිතන් ඉන්නෙ මං කවුරු කියලද?

එයා විපතට පත් වෙච්ච ගෑනු ළමයෙක් නෙවෙයි. එයා කවදාවත් එහෙම වෙන්නෙත් නෑ

මින්හ්‍යුක්ගෙ කෝල් එකෙන් පස්සෙ ගොඩක් දේවල් දැන් දැන් පැහැදිලි වෙමින් තිබුනා. පොලීසියෙන් තමන්ට බලපෑම් කලේ මින්හ්‍යුක්වත් පැත්තකින් තියාගෙන කියලා ජිමින්ට තේරුනා. එයාලා හිතන් ඉඳලා තියෙන්නෙ ජන්ග්කුක්ගෙ ඔය කියන නරක පැත්ත දැක්කම ජිමින් පසුතැවෙයි කියලා. මින්හ්‍යුක් කියන්නෙ සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන ජරා ගොඩක්. එහෙම බැලුවම ඒක තමයි එකම හේතුව එයා හොඳ කෙනෙක් වගේ රඟපාලා ජිමින් එක්ක වැඩි කාලයක් ඉන්නත්. සහ ජිමින් දැන් වෙනතුරු ඒක නොදැන ඉන්න තරම් මෝඩයෙක් උනා

තමන්ගෙ නොසන්සුන්කමයි නොඉවසිලිමත් බවයි කිසිම විදිහකින් පිටතට නොපෙන්වා ඉන්න ජිමින්ට එයාගෙ ශක්තියෙන් හැම අවුන්සයක්ම වැය කරන්න සිද්ධ උනා. එයා සැහැල්ලු විදිහට හැසිරුනා. ඒත් ආයෙ සැරයක්, වතුර පාර එයාගෙ ඔලුවටම උඩින් ගිහිල්ලා ඉවරයි. එයාලගෙ සම්බන්ධෙ දැන් සාමාන්‍ය ජනතාව වගේම ජන්ග්කුක්ගෙ ගැන්ග් එකේ අයත් දන්නවා. අධිෂ්ඨානය කියන හැඟීම එයාව වැලඳගනිද්දි එයා උරහිස් කෙලින් කරගත්තෙ එයාගෙ ලාමක හැසිරීමට යන්න දෙන්න ඉඩ ඇරලා

මේක දුර්වල වෙන්න වෙලාවක් නෙවෙයි

ජිමින්ව හසුරවපු කෙනා එයාව බෙල්ල මුලින්ම හිර කලේ කාටවත් කෝල් කරන්න තියා ටෙක්ස්ට් එකකවත් දාන්න ඉඩ නොදියි. ජිමින්ට එයාගෙ ෆෝන් එකවත්, ටෙක්ස්ට්වත් එයාලට දකින්න ඉඩ තියන්න ඕන උනේ නෑ. එයා බලාපොරොත්තු උනා සෙකියුරිටි එකෙන් දැනටමත් ජන්ග්කුක්ට මේ ගැන දන්වලා ඇති කියලා

STRAWBERRY🍓 [ᴊɪᴋᴏᴏᴋ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now