❄ 1 ❄

149 16 4
                                    

නොවැම්බර් මාසෙ පලවෙනි සතිය...

සෝල් නගරයේ පලවෙනි හිම පතනය..

අමුතුම හීතල හුලඟක් ගත කිතිකවාගෙන හමාගෙන ගියා..

ලංකාවෙ හිටපු කෙනෙක් ට මේක වෙනස්ම අත්දැකීමක්..

කවදාවත් නොලැබුණු අත්දැකීමක්..

ඒත්........

ඕයි ලියා....තමුසෙ අදත් පස්ස පැත්තට ඉරපායනකම් නිදිද ?

මේ සීතල උදේ අපේ අපාර්ට්මන්ට් එකෙන් හැමදාම ඇහෙන සුන්දර ගීතය ඇහෙන්න ගත්තා..

ඒ සුන්දර හඬේ හිමිකාරිය චමෝ..

මෙච්චර වෙලා භූතයෙක් වගේ තඩි රෙද්දක් ඇඟ වටේ ඔතාගෙන හීතලට ගුලි වෙලා නිදන් හිටපු අසලියා ගේ කනේ කන් බෙරේ පලාගෙන ආපු චමෝ ගේ අති ඉමිහිරි නාදය නිසා බල බලා හිටපු හීනෙත් අතෑරල අසලියා ඇඳ උඩින් ඉඳගත්තා..

ඇයි ඕයි කෑ ගහන්නේ..මං තව ටිකකින් ඇහැරෙනවනෙ ?

යැයි යැයි ඇහැරෙයි කියල තමයි බය මට , ඒක නෙවේ ලියා අපි යන්කො අද ඇවිදින්න.. අද මෙහෙ first snow එකනෙ..යංද park එක පැත්තෙ වත්..

අපෝ...මේ හීතලේ එලියට බැහැල යන්නෙ කෝමද ඕයි..මේ චමෝ අපි අද ගෙදරට වෙලා ඉඳන් නිදාගමු..🙂

ඕකනෙ බැරි තමුසෙ එක්ක..අපෝ මෙවන් මිතුරියක ලැබීමට මා කෙතරම් පිනක් අර ඇත්ද?🤨

චමෝ මටත් ගස්සල කාමරෙන් එලියට ගියා..

වාව්.................

මම දැනුයි හරියටම එලිය දැක්කෙ..
මෙච්චර වෙලා නිදිවිකාරෙන් හිටපු මගෙ නිදිමතත් නැති උනා ඒ ලස්සන දැකල...

මෙච්චර වෙලා නිදිවිකාරෙන් හිටපු මගෙ නිදිමතත් නැති උනා ඒ ලස්සන දැකල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිම මේ තරම් ලස්සනද?
අනේ ජීවිතෙ පලවෙනි වතාවට නේද මං මේ හිම දකින්නේ..එලියට යන්න තියේ නම් මරු තමා හැබැයි..අපරාදෙ මං අර මෝඩිට බෑ කිව්වෙ..දැන් ගිහින් පොඩි ඇඹරිල්ලක් දාල එලියට එක්කන් යන්න ඕනෙ..

❄ FIRST SNOW ❄Where stories live. Discover now