❄2❄

86 10 3
                                    

මොකෝ ලියා බුම්මං ඉන්නෙ?කොරියන් කලු කුමාරයවත් ගැහුවද ඔයාට?

නෑ චමෝ....මට අපේ යාලුවො සෙට් එක මතක් උනා..එයාලත් අද මෙතන හිටියනම්....☹️ අපිව කොරියාවෙනුත් පන්නලා 😁

අපි දෙන්න මීට මාස 8කට කලින් කොරියාවට ආවෙ උසස් අධ්‍යාපනය ට.මායි,චමෝ යි දෙන්නම ඉස්සර ඉඳන් කොරියන් භාෂාව ඉගෙන ගත්තා ආසවෙන්..ඒ නිසා අපේ අම්මල අපිව කොරියාවෙ යුනි එකකට එව්වෙ අපේ ඉදිරි අධ්‍යයනය හොඳට කරගන්න..
චමෝයි මායි දෙන්නම යුනි එකේ it degree එකක් කරනවා..මේ අපෙ first year එක..ඒ වගේම අපි දෙන්න වෙනම photography course එකකුත් කරනවා..මොකද අපි දෙන්නම photography පිස්සො 😌😁 කැමරාවක් කොතනද එතන අපි දෙන්නා ඇත..

අපි කොරියාවට ආව නිසා අපේ යාලුවො අපිට මගහැරුනා..ඒත් පුලුවන් හැම වෙලාවකම අපි එයාලත් එක්ක කතා කලා..මෙහෙ වෙන දේවල් එයාලට කිව්ව..එයාල ගොඩක් අය k-pop fans ලා..ඔහොම කිව්වට චමෝ ත් එහෙම තමයි. 🤭

ඔන්න මම නම් යක්ඛ කෙල්ලෙක්..ඒ නිසා ඔය කොරියන් කාරයන්ගෙ සින්දු මං අහන්නෙ නෑ..නිකන් කෙල්ලො වගේ මේකප් දාගෙන ,කරාඹු දාගෙන..🥲
ඔහොම තමයි මම යාලුවන්ට කිව්වෙ..
හැබැයි මාත් හොරෙන් හොරෙන් එයාලගෙ සින්දු ඇහුවා..ඇත්තම කිව්වොත් ඒ සින්දු වල තේරුම් වලට,ඒ තාල වලට,ඒ හඬවල් වලට මං ගොඩාක් කැමති උනා..(ඇයි ඒ කට්ටියගෙ ලස්සනට😌 )
හැබැයි චමෝ නම් ඒ ගැන  දැනගෙන හිටියෙ 😁

මං යාලුවන්ගෙ මතක අස්සෙ හිරවෙලා ඉන්නකොටයි මට චමෝ ලස්සන දර්ශනයක් පෙන්නුම් කලේ..
ඒ අර බලනවකො.....🙂 සෝයි නේ..

චමෝ අත දික් කරපු පැත්තට හැරිල බලපු මයෙ දෑස් කන උනා මං හිතන්නේ..සැක් මේකි park එකට ඇවිල්ලත් මට පෙන්නන ඒවා..අනික තව සෝයි අනේ කියලත් කියනව..
චමෝ අත දික්කරපු පැත්තෙ ඒ ඇස් මට්ටමට පේන්න උන්නු ජෝඩුව බදාගෙන වැළඳගෙන තොලින් තොල තියන් ඉන්න දර්ශනේ දැකල මට දෙලොව පොල් පෙනුණා..

ඊය චමෝ....මෙතනට ඇවිල්ලත් ඔයාගෙ කැත සිත විවර කරන්නෙ නැතුව ඉන්න බැරිද?

කැත සිත?🥲

මෙච්චර වෙලා සෝයි ගගා හිටපු එකී මෙන්න පුදුම වෙලා..අද චමෝ නැගිටල තියෙන්නෙ සුබ දිසාවෙන් නෙවේ..මරු සිටින දිසාවෙන්ද කොහෙද?නැත්තම් මෙහෙම විකාර වෙලා බලන් ඉඳීද?🤨

❄ FIRST SNOW ❄Where stories live. Discover now