❄8❄

53 8 14
                                    

මීට අවුරුදු පහකට විතර කලින් මම first snow එක දවසේ ටේ හ්‍යුන්ග් එක්ක පාක් එකට ආවා..එදා මම දැක්ක ඔයා වගේම නෑ ඒ ඔයාමයි,ඔයා ඉන්නව පාර්ක් එකේ, කවමදාවත් හිම දැකල නෑ වගේ කැරකි කැරකි.. ලස්සන කහපාට ගවුමකුත් ඇඳන්..මට ඒ රූපෙ මගෙ හිතෙන් දවස් ගානක් යනකන් අයින් කරගන්න බැරි උනා අසලියා..ඇත්තම කිව්වොත් ඒ කවුද කොහෙ කෙනෙක් ද නොදැන මං ඒ දැක්ක කෙනාට ආදරේ කලා..ඔව් ආදරේ කලා...හීනෙන් දැක්ක හැමදාම..ඒ නිසා දවසක් මං ඒ රූපෙ මේ විදියට ඇන්දා...ඔයා දන්නවද අසලියා මං කවදාවත් කිසිම ගෑනු ලමයෙක්ට ඒ තරම් කැමති වෙලා නෑ..එදායින් පස්සේ එයාව ඇත්තටම දකින්න තියන ආසාවට හැම first snow එකකටම මන් පාර්ක් එකට ආවා..පුරුද්දක් විදියට මේ පාරත් ආවම මං ආයෙම එයාව දැක්කා..ඒ විතරක් නෙවේ කතාත් කලා..අද එයා මගෙ ඉස්සරහට වෙලා මගෙ දිහා පුදුමෙන් බලන් ඉන්නවා....

දිලිසෙන බෝල ඇස් දෙක මගෙ දිහාවට යොමු කරගෙන ජන්කුක් ශී කියනකොට මට ඒකට දෙන උත්තරෙ මොකක්ද කියල හිතාගන්න බැරි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිලිසෙන බෝල ඇස් දෙක මගෙ දිහාවට යොමු කරගෙන ජන්කුක් ශී කියනකොට මට ඒකට දෙන උත්තරෙ මොකක්ද කියල හිතාගන්න බැරි උනා....

මං හිමීට ඇවිදගෙන ගියා චිත්‍රයක් වෙලා උන්නු මං ගාවට..

දිගටි තද දුඹුරු පාට ඇස්

කඩාගෙන හැලෙන කොණ්ඩෙ..

හිනාව

ඒ විතරක්ද,

නිකටෙ තියන උපන් ලපේ...

මේ හැම දෙයක්ම ඒ විදියටම මේ චිත්‍රෙ තිබ්බා..

කොහොමද එහෙම වෙන්නේ...?

මීට අවුරුදු පහකට කලින් මම ඉස්කෝලෙ යනවනේ...මං කොහොමද එතකොට ඒ පාර්ක් එකේ හිටියෙ...

අනික එහෙම හදිස්සියෙ දැකලත් එයා කොහොමද උපන්ලපය පවා හරියටම තියන තැන ඇන්දේ...

❄ FIRST SNOW ❄Where stories live. Discover now