❄️9❄️

43 7 9
                                    

මේ ගෙවෙන්නෙ ජනවාරි මාසේ.....

කොරියාවට අනුව සීතලම මාසෙ...

හැම පැත්තම වහගෙන හිම...

මුළු සෝල් පුරවරයම කිරි සුදු පාටයි..සීතලයි..

විටින් විටේ තදින් හමන හුලන්,ඉවරයක් නැතුව පොලොව සිපගන්න හිම,ඇඟ හිරිවැටිල යන තරම් හීතල..

මේ අතරෙ හැමෝම හෙව්වෙ උණුහුමක්,හීතලෙන් මිදෙන්න උණුහුමක්..

දරුවො අම්මලගෙ තුරුලේ තාත්තලගෙ තුරුලේ, බිරින්දෑවරු ස්වාමියගෙ උණුහුමේ,ස්වාමිපුරුෂයෝ බිරිඳගෙ උණුහුමේ,ආදරවන්තයෝ තමන්ගේ ආදරේ තුරුලේ..

ශරීරයට විතරක් නෙවේ හිතටත් දැනෙන උණුහුමක්..,

ඒත් ආදරේ කියන දේ තේරුම්ගන්න බැරුව ඉන්න දෙන්නෙක්ට කොයින්ද ඒ උණුහුම..

ඇය ඔහුටත් ඔහු ඇයටත් ආදරේ බව දැන දැනත් ඒ බව නොතේරුණා වගේ ඉන්නකොට කොයින්ද ඒ උණුහුම ගතට දැන්නේ..හැබැයි ඒ උණුහුම මදි නොකියන්න හිතට නම් දැනෙනවා...ඒත් මේ ජනේරුවේ සීතල බිඳින්න නම් ඒ හිතේ උණුහුමට අමාරුයි..ඒත් ඒ උණුහුම ගතින් විඳින එක ඒ ආදර යුවලට ප්‍රායෝගිකව ත් ටිකක් අමාරුයි..

කෙනෙක් ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච පුද්ගලයෙක්,අනිත් කෙනා ඒ පුද්ගලයාගෙ යටතේ ඉන්න කෙනෙක්..කොහොමද ඉතින් ඒ දෙන්න හිම වැටෙන වෙලාවක තද සීතලේ සෝල් නගරෙ ලස්සන තැනක තියන අවන්හලක ඉඳන් උණුසුම් කෝපි කෝප්පයක් තොලගාමින් නිදහසේ උණුහුම විඳින්නෙ..? හිම වැටිලා තනිකර සුදු පාටින් බබලන උයන් තෙරක ඉඳන් හිමවලින් බෝල හදල එකිනෙකාට ගහගනිමින් සතුටු වෙන්නේ..? හිම මිදිලා තියන විල්තෙරක් අයිනට වෙලා උණුසුම් හාදුවක් හුවමාරු කරගන්නේ..?අඩුමගානෙ එක ගෙදරකට වෙලා දවසක් වත් ගත කරන්නෙ..?

හැම තැනම පවුරු, ආරක්ෂක පවුරු,ආයතනික පවුරු,නීති පවුරු..

ඒ දෙන්න වටකරගෙන පවුරු..,

ඒ හැම පවුරක් ම බිඳගෙන ඒ දෙන්න ආදරේ විඳින්න නම් අඩුම තරමේ දෙන්නට දෙන්න ආදරෙයි කියල කියල වත් තියෙන්න ඕනේ......

ඒත් ඒ දෙන්න අද මේ වෙලාවෙ සෝල් නගරය සීතලෙන් පුරවන්න වැටෙන හිම කැටි දිහා කවුළු දෙකක් ලඟට වෙලා බලාගෙන ඉන්නවා..

❄ FIRST SNOW ❄Where stories live. Discover now