❄️11❄️

29 6 3
                                    

මාසයකට පසු...

මේ චමෝ මාර වැඩේනෙ.ඒ පාර අර සූමින් කාරය මට මහ ජරා photo ටිකක් එවල.උදේ පාන්දර..🙂

උදේම phone එක අතට ගත්තු ලියා මහහය්යෙන් කෑ ගහන්න ගත්තෙ චමෝගෙ අතේ තිබුනු පොත් ටිකත් බිමට වට්ටල.

ඇයි මොනාද එවල තියෙන්නෙ..?

මේ... බලහන් උඩට මුකුත් නෑ..ඒ අස්සෙ යට රෝම පේලියකුත් පේනව.. සැක් ඔච්චර අමාරු නම් එවන්න එපැයි කෙලින්ම මුකුත් නැතුව. ජරා සතා...වල් කුකුලා.. 😠😑

සූමින් එවල තිබ්බ උඩුකය නිරුවත් සේයරුව චමෝට පෙන්නන ගමන් ලියා මහා හය්‍යෙන් සූමින්ගෙ පරම්පරාවටම බනින්න ගත්තා.

හරි බං.දැන් නවත්තගනිම්කො ඔය බැනිල්ල.හරියට අදම එකක් එව්ව වගේනෙ. කලිනුත් ඔය වගේ මගුල් ඌ එව්වනෙ. උදේ පාන්දර සූමිනාගෙ හැඩිදැඩි සරීරෙට බනින්න එපා බං.

ඈ යකෝ චමෝ..ඔහේ කවද ඉඳන්ද සූමින් කාරයව සුද්ද කරන්නෙ,එන්න එපා ඕවට..

ලියා ගස්සගෙන ගියෙ එලියට. අද මේ දෙන්න මේ උදේ පාන්දර ඇහැරිලා යුනි යන්නෙත් නැතුව යන්න ලෑස්ති වෙන්නෙ රන් එපියක ෆොටෝ ගහන්න.සුභ මොහොතින් එලියට යන්න හදනකොටයි ලියා සූමින්ගෙ විකාර සේයාරුව දැකල කෑ ගහන්න ගත්තෙ.

දෙන්නම ගේ ලඟටම ඇවිත් තිබ්බ ස්ටාෆ් වෙහිහල් එකෙන් හයිබ් එක ඇතුලට ගියා.මොකද අද රන් එක ශූට් කරන්නෙ හයිබ් එක ඇතුලෙ.

හයිබ් එකේ මේ වැඩේට සූදානම් කරපු ස්ටූඩියෝව නම් එකම විකාරයක් වෙලා මේ වෙලාවෙ.මොකද අපේ අයියල හත්දෙනාම එතනට ඇවිල්ලයි උන්නෙ.

නම්ජූන් මහතා මේසෙකට හේත්තු වෙලා එතන තිබ්බ මල්වාස් එක අල්ල අල්ල අධ්‍යක්ෂක තුමා එක්ක සාකච්ඡාවක්..🙃

ඒ දෙන්න දිහා බලාගෙන ජින් තුමයි ජිමින් තුමයි නම්ජූන් මහතා මල්වාස් එක කඩන වෙලාවට ඔට්ටුවක් අල්ලනව.😂

එතන තිබ්බ සෙටියක දිගෑදිලා බිලාල මහත්තය සැප නින්දේ..😴

හොබී එක්ක ටේ එකතුවෙලා ආර්මිලා එයාලට කරපු එඩිට් බල බල හිනාවෙනව බිත්තියට හේත්තුවෙලා..😆

ජන්කුක් ඇවිත් දොරගාව හිටගෙන ස්ටාෆ් එකේ අය ඇතුලු වෙන දිහා බලන් කාවදෝ හොයනව..

අහම්..

කාව්දෝ හොයනව..

කාවද දන්නෙ නෑ...????


























චරස්..!

එකපාරටම ආපු වීදුරු බිඳෙන සද්දෙට එකතු උනේ වීදුරු පිහින සද්දයක්..ඒකත් එක්කම ඒකට එකතු උනේ තරහ ගියපු හුරතල් තාරාවෙක් කාටදෝ බනින සද්දයක්..

මොකද්ද ඒ උනේ..?

නම්ජූන් මහතා අල්ල අල්ල හිටපු මල්වාස් එක එකපාරටම පෙරලිල ගිහින් බිම වැටිල කුඩු උනා..එතකොටම දැන් වැටෙයි කියල කිව්ව ජින් තුමා හිනා වෙන්න ගත්තෙ එයා වෙලාව හරියටම කිව්ව නිසා...ඊට මොහොතකට කලින් ඒක වැදෙයි කිව්ව ජිමින් තුමා කෑ ගහන්න ගත්තෙ එයත් වෙලාව හරියටම කිව්ව කියල.

මේ කලබල සද්දෙට සෙටියෙන් බිමට පැන්න බිලාල මහත්තය ජිමින්තුමාට කෑ ගහන්න ගත්ත සද්දෙ වැඩී කියල..ඒ අස්සෙ ආර්මි ලගෙ එඩිටකට හයියෙන් හිනා වෙන්න ගත්තෙ හොබී ටේ දෙන්නා.. ඒ අස්සෙ දොර ගාව හිටපු ජන්කුක් කෑ ගැහුවෙ ලියා කියලා.

ජන්කුක් ගෙ සද්දෙට අනිත් හය දෙනාම කරපු වැඩ නවත්තල,සද්ද බද්ද නවත්තල ජන්කුක් දිහා බැලුව..ඒත් එයාල දැක්කෙ පුදුමාකාර සුන්දර දර්ශනයක්..ජන්කුක් ලියාව පලවෙනි වතාවට මුලු ස්ටාෆ් එකක් ඉස්සරහම බදාගෙන හිටියා.. ඒ විතරක් නෙවේ චූටිම චූටි උනුසුම්ම උනුසුම් හාදුවක් තිබ්බ ලියාගෙ නලලතින්..ලියා ගැස්සිල ගියා.. ලියා විතරක් නෙවේ එතන හිටපු ඔක්කොම පුදුමෙන් බලන් හිටිය ජන්කුක් ගේ මේ වැඩේ නිසා...

ලියාවත් තුරුල් කරන්ම ජන්කුක් හැරුනේ ස්ටාෆ් එක දිහාට..

මට ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනව......

You've reached the end of published parts.

⏰ Last updated: Mar 08, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

❄ FIRST SNOW ❄Where stories live. Discover now