💗°•~07~•°💗

949 173 24
                                    

~~~~Invitations~~~~

"යාහ් අතාරිනවා...ආහ්හ්හ් යාහ්හ්හ්හ්හ්....ජන්කුක්ක්ක්ක්ක්....."

සෝයුන් ජන්කුක්ගෙ පපුවට ඇගිල්ලෙන් අනින ගමන් කොල්ලව නැගිට්ටවන්න හැදුවත් කොල්ලා නෙමෙ නැගිට්ටෙ එකපාරට සෝයුන්ව ඇදලා ඇදට ගත්ත ජන්කුක් කෙල්ලව බදාගනිද්දි සෝයුන් උගුර බැරැන්ඩි වෙනකම් බෙරිහන් දුන්නෙ ජන්කුක් කෙල්ලව මරන්න හදනවා වගෙ.

"ආශ් තමුසෙ මොකක්ද මෙහෙ කරන්නෙ..?? තමුසෙ මොකක්ද මගෙ ඇදේ කරන්නෙ??"

"ඒක මමනෙ අහන්න ඔනෙ තමුසෙ මොකටද මාව බදාගත්තේ.එදා කිව්වා මාව අල්ලන්නවත් එපා කියලා මම කිව්වා අමතකද වනචරයො.ශික්.තමුසෙනම් මහ රස්තියාදුකාරයෙක් ඕයි"

"යාහ් කට තිබ්බ පලියට කියවන් එන්නෙපා.අනික මම නිදිමතෙ හිටියෙ. මම හිතුවෙ නූනා ආවා කියලා.කවුද දන්නෙ උදේ පාන්දර මෝහිනි ඇද ලග ඉදී කියලා."

ජන්කුක් ඇදෙ ඉදන්ම ඇස් කසන ගමන් කියද්දි සෝයුන් තොල් උල්කරගෙන ජන්කුක්ට ගස්සලා කාමරෙන් එලියට යන්න ගියත් දොර ලගදි නතර වෙලා ආයෙම ජන්කුක් දිහාට හැරුනෙ දෙයක් මතක් වුන නිසා

"නිදාගෙන ඉවරනම් ලෑස්තිවෙලා එන්න.අද බූසාන් යන්න ඔනෙ.තමුසෙ නිසා පරක්කු වුනොත් තමුසෙට හෙට උදේට ඉර එලිය දකින්න ලැබෙන්නැ"

තමන්ගෙ ඇස්දෙකට ඇගිල්ල දිග් කරලා අනික් පැත්තට ජන්කුක්ගෙ ඇස් පෙන්නපු සෝයුන් ගස්සගෙන පල්ලෙහාට දිව්වෙ පඩිපෙලෙ පඩියෙන් පඩිය පනින ගමන්.

"Damn මේකි යකො..තර්ජනෙ කරන්නත් එනවා.ජිමිනාගෙ ෆීමේල් වර්ශන් එකද කොහෙද??"

කෙල්ලට බැන බැන ජන්කුක් වොශ් රූම් එකට ගියෙ බැරිවෙලාවත් පරක්කුවුනොත් කෙල්ල කිව්වාව් වගේම හෙට ඉර එලිය දකින්න නොලැබෙයි කියලා ලාවට වගෙ සැකයක් කොල්ලගෙ හිතෙ තිබුන නිසා.




~~~~~~~~~At downstairs ~~~~~~~~

"සෝයුනා කොහොමද ඉතිම් දරුවො??"

කිචන් එකේ ඉදන් එනගමන් මිස්ට ජියොන් අහද්දි සෝයුනා හිනාවෙලා කතාකරන්න ගත්තේ ජන්කුක් වොශ් දාලා එනකම් කරන්න දෙකුත් නැති නිසා.

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now