💗°•~10~•°💗

918 179 42
                                    

"නැහ්හ්හ්හ්...."

සෝයුනුයි ජන්කුකයි දෙන්නම එකට අත්දෙකෙන්ම නැ කියන ගමන් කැගහද්දි ආච්චි හිනාවුන විදිහෙන් දෙන්නටම තේරුනා ආච්චි හිතින් මොකක්ද හිතුවෙ කියලා

"මම ඇහුවෙ ඔයා අපෙ සෝගෙ මස්සිනා නේද කියලා ..ඒත් ඉතිම් ඔය දෙන්නා වෙන දෙයක් හිතාගෙන වගෙනෙ"

ආච්චි කියද්දි ජන්කුක්ගෙ වගේම සෝයුන්ගෙත් ඇස් බෝල වුනෙ හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා නේද කියලා හිතන ගමන්.

"ඔය කරෙ සෝ..තමුසෙගෙත් කට ඔක්කොටම වඩා හපන්නෙ"

"ආශ් ජන්කුක් පිස්සුද මනුස්සයො නැ නැ කියන්න ගිහින් නැත්තට නැතිවුනානේද?"

දෙන්නා දෙන්නාට බැනගනිද්දි ආච්චි හිනාවෙවීම කිචන් එකට ගියෙ දෙන්නට බොන්න දෙයක් හදන්න.ආච්චි බොන්න දුන්න ඒවා බීපු ජන්කුකයි සෝයි නැගිට්ටෙ ආපහු සෝල් යන්න ඔනෙ නිසා.

"එහෙනම් හැල්මොනි අනිවාරෙන් එන්න හොදෙ."

ආච්චිට ඇහැක් ගහන ගමන් සෝයුන් කියද්දි ආච්චි හිනාවෙලා සෝයුන්ගෙ මූන අතගෑවෙ ගොඩක් ආදරෙන්.

"අනිවාරෙන් එනවා සෝ..පොඩ්ඩක් ඉන්නකො දෙන්නම."

ජන්කුක්ගෙ අතිනුත් අල්ලගත්ත ආච්චි දෙන්නට ඉන්න කියද්දි දෙන්නම මුනට මූන බලලා ආච්චි දිහා බැලුවෙ මොකක්ද කියලා දැනගන්න.

"දේ හැල්මොනි"

"තාම දවල්නෙ.දේගු ආපු එකේ පොඩ්ඩක් එන්ජෝයි කරලා යන්න."

ආච්චි කියද්දි සෝගෙ මූන දෙල් වෙලා ගියෙ ආච්චි කියන්න හදන්නෙ ආදිකාලෙ එන්ජෝයි එකක් වෙන්නැති කියලා හිතුන නිසා.

"ඒත් හැල්මොනි"

"ඒත් මේත් නෙමෙ සෝ.ජන්කුක් මෙහෙ ඇවිදලා නැහැනෙ.එයාව මෙහෙ පෙන්නන්න එක්කගෙන යන්න.ඔයයි ජිමිනුයි ඉස්සර ආවම පදින බයිසිකල් දෙක ගරාජ් එකේ තියෙනවා.ඒ දෙක ගන්න"

"ඔය ඇත්තමද ? ඒවා තාම තියෙනවද?"

අච්චිගෙ අත්දෙකෙන්ම අල්ලගෙන සෝයුන් හිනාවෙවි අහද්දි ආච්චි ඔලුව දෙපැත්තට වැනුවෙ ඔව් කියන්න වගෙ.

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now