💗°•~15~•°💗

882 178 35
                                    

~~~~~Feelings~~~~~

A/N ; හදිස්සියට කියවන්නැතුව,හිමීට හැමවචනෙම කියවන්න.නැත්නම් තේරුන් ගන්න අමාරුවෙයි 🙂

Back to story _______

"මං!!
ඇත්තටම මං කවුද ??
ජියොන් ජන්කුක් කියන්නෙ මීට අවුරුදු විසි හයකට කලින් මේ ලෝකෙට ආපු කෙනෙක්.
ජියොන් කම්පැනි එකෙ අනාගත අයිතිය අතේ තියාගෙනමයි මං ඉපදුනෙ.
ඉපදිලා විනාඩියක් යන්නත් කලින් මට ජීවිතේ දුන්න මගෙ ඔම්මා මාව දාලා ගියා.
මං මහ අවාසනාවන්තයි නෙ.
ඔව් කෙනෙක්ට එහෙම හිතෙන්නෙ පුලුවන්
ඔම්මා මරාගෙන ඉපදුන කාලකන්නි ලමයෙක් කියලා
ඒත් මගෙ අප්පා මට එහෙම කියන මිනිස්සුන්ගෙන් මාව ඈත්කරා.
ඉපදුන දවසෙ මං එකදිගට පැයගානක් අප්පගෙ තුරුලේ ඇඩුවලු
අප්පාට තියා කාටවත් මාව නලවගන්න බැරි වුනාලු.
දන්නවද සෝ?
එදා ඉදන් මං අඩලා නැ.
අඩන්න මගෙ ඇස් වලින් කදුලු ඇවිත් නැ.!"

ජන්කුක් කියද්දි සෝයුන්ගෙ කට ඇරුනෙ මනුස්සයෙක්ට එහෙම ඉන්න පුලුවන් ද කියලා හිතන ගමන්.අඩන්නැතුව ජීවිත කාලයක්ම.කිසිම දෙකට කදුලක් පිටනොකර.ඒ හිත එච්චර ශක්තිමත් ද?නැත්නම් දුක ඒ හිතට පුරුදුයිද?

"කවදාවත්ම?? අඩුම ලෙඩක් හැදුනම , තුවාලයක් වුනාම"

"ලෙඩක් හැදුනම අප්පා මං ලගින් හිටියා ..මට මගෙ අප්පා ලග ඉද්දි ලෙඩ මතක නැ .එතකොට තුවාල වුනාම බෙහෙත් දාගන්නවා."

"එතකොට පොඩිකාලෙ සෙල්ලන්බඩු කැඩුනම"

"ඒක අයින් කරලා අලුත් එකක් ගන්නවා."

"ඔන්නි හරි ඔප්පා හරි බැන්නොත්??"

"හිනාවෙලා එයාලාට වදදෙනවා"

ජන්කුක් කියද්දි සෝයුන් ජන්කුක්ගෙ ඇස් දිහා බලන් හිටියෙ ගොඩක් පුදුමවෙලා.

"ඊට පස්සෙ??"

"ම්ම් ඒත් මට තමයි ලෝකෙ හොදම හියුනුයි නූනයි අප්පයි හම්බුනෙ.එ තුන්දෙනාගෙ ආදරේ නිසා ඔම්මා කෙනෙක්ගෙ ආදරේ මට අවශ්‍යවුනෙ නැ.ලොකුවෙද්දි මම ස්කුල් ගියා .ලකුනු ගන්නවා.පලවෙනියා වෙනවා.ඒක නිකම් සාමාන්‍ය දෙයක් වගෙ වුනා.මිඩ්ල් ස්කුල් යන කාලෙ පන්තියෙ පලවෙනියා වෙනවා.හැමදාම මගෙ ලොකර් එකේ ආදර වදන් පිරුනු කොලවලින් ,ලව් ලෙටර්වලින් පිරෙනවා.එ ඔක්කොම ගෙදර ගෙනැත් මං දෙන්නෙ හියුන්ට."

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now