💗°•~19~•°💗

931 182 37
                                    

"මොකක්.................."

සෝයුන්ට කැගැහුනෙ දෝයුන් කියපු දේ විශ්වාස කරන්න බැරිකමට.වේගෙන් හුස්ම ගන්න සෝයුන්ගෙ ඇස් ජිල්බෝලවගෙ වෙලා තියෙනවා ජන්කුක් දැක්කෙ කෙල්ලගෙ මූන දිහාට ඇස් යවනකොට.

"නේ සෝ පැටියො...මම මැරි කරෙ නැ"

"එ..එතකොට..."

"එදා ජිමින් එයි කියලා බලාපොරොත්තු තියන් හිටියත් එ ඔක්කොම කැඩිලා ගියෙ එයා ආවෙ නැති නිසා.ඒත් මට එ කෙනාව බදින්න උවමනාවක් තිබුනෙ නැ.එදා මම ගෙදරින් ආවා.එදා ඉදන් අද් වෙනකම් මගෙ පව්ල එක්ක කිසිම සම්බන්ධකමක් තිබුනෙ නැ.මට ඔනෙ වුනා ජිමින්ගෙන් අහන්න ඇයි නාවෙ කියලා..ඒත් මම එයාව කොච්චර හෙව්වත් හොයාගන්න බැරිවුනා."

දෝයුන් කියද්දි සෝයුන් තොල්දෙකත් තදකරගෙන ඔක්කොම අහන් හිටියෙ නූල් බෝලෙ පොඩ්ඩ පොඩ්ඩ ලිහාගන්න උත්සන කරන ගමන්.

"නූනා අපි එක්ක යන්න එන්න පුලුවන් ද?"

ජන්කුක් ඇහුවෙ තුරුලේ ඉන්න සෝයුන්ගෙ කොන්ඩෙ හිමීට අතගාන ගමන්.ජිමින් වගේම දෝයුනුත් ජන්කුක්ට වඩා වැඩිමල් කියලා කොල්ලා දැනගත්තෙ සෝයුන් දෝයුන් ගැන කියපු වෙලේ.

තාමත් කෙල්ල ශොක් වෙලා ඉන්නෙ කියලා ජන්කුක්ට තේරුනෙ කෙල්ලගෙ අත වෙවුලනවා දැක්ක නිසා.ජන්කුක් හිමිට සෝයුන්ගෙ අත අල්ලගත්තෙ වෙවුලන එක අඩුකරන්න.

"ජිමින් හම්බෙන්නද??"

"දේ........"

"ඒත් එයා මාව පිලිගනීද??"

"දන්නවද ඔන්නි මගෙ ඔප්පා දවසක් මට කිව්වා.."මට දෝයුනාට ආදරේ කරන්න අයිතිය තියෙනවනෙ සෝ...ලබාගන්න තරම් ආත්මාර්තකාමි නොවුනට හිමිනොවුන හිතට මං ආත්මාර්තකාමි විදිහට තාමත් ආදරෙයි."

ජන්කුක්ගෙ තුරුලේ ඉන්න ගමන් සෝයුන් කියද්දි දෝයුන්ගෙ ඇස්වල කදුලු පටලයක් හැදෙනවා සෝයුන් වගේම ජන්කුකත් දැක්කා.

"ඒත් මට බැ සෝ"

"ඔන්නි"

"නූනා"

ජන්කුක් වගේම සෝයුනුත් එකට දෝයුන්ට කතාකරද්දි දෝයුන් බංකුවෙන් නැගිටලා යන්න ගියෙ සෝයුන්ගෙ ඇස්වලින් කදුලු හෝ ගාලා කඩන් හැලෙද්දි.

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now