💗°~•09~•°💗

939 174 39
                                    

~~~you're so beautiful~~~

ගෙදරට ආපු සෝයුන් හිනාවෙවී අහස දිහා බලන් හිටියෙ ලොකු සැහැල්ලුවකින්.අහස කියන්නෙ හිතක් නිවන්න පුලුවන් භාවනාවක් , ඒත් අහසත් නිසොල්මනෙ තියෙන්නෙ ටික වෙලාවක් විතරයි.

"සෝ...මොකක්ද ඔතන ඉදන් කරන්නෙ?"

පිටිපස්සෙන් ඇහුන හුරුපුරුදු කටහඩට සෝයුන් ක්ශනිකව අනික් පැත්ත හැරිලා හිනාවෙලා අත්දෙක පපුවට තියලා බැදගෙන බැල්කනියට හේත්තු වුනා.

"ඔප්පා..."

"සෝ..."

"දෙයක් අහන්නද ඔප්පා??"

කෙල්ල ඇහුවෙ බිත්තියට හේත්තුවෙලා සෝයුන් දිහා බලන් ඉන්න ජිමින්ගෙන්.

"අහන්න සෝ..."

"දැන් එයා කොහෙද ඔප්පා?"

සෝයුන්ගෙ ප්‍රශ්නෙත් එක්කම ජිමින් ගල් ගැහිලා ගියත් බිත්තියෙන් ඈත්වෙලා සෝයුන් ලගට ඇවිත් බැල්කනියට බර දීලා අහස දිහා බලාගත්තේ දිගු සුසුමක් හෙලන ගමන්.

"මං දන්නැ සෝ."

"ඔප්පා තාමත්??"

"ඔව් සෝ..ඉස්සරටත් වඩා."

"ඇයි ඔප්පා එහෙම වෙන්නෙ?"

"මං දන්නැ සෝ..හිමි වෙන නොවෙන එක කෙනාගෙන් කෙනාට වෙනස්.මට හිමි නැතුව ඇති.."

"ඔප්පා හිතනවද එහෙම?? ඔප්පට පුලුවන් ද හැමදේම අමතක කරන්න?? වෙනකෙනෙක්ට අවස්තාවක් දෙන්න ??"

"මම එහෙම හිතනවා සෝ.අමාරුවුනත් කරන්නම වෙනවා.වෙන කෙනෙක්ට අවස්තාවක් දෙන්න මට බැරිවෙයි සෝ."

"එහෙනම් තවත් ආදරේ කරන්නෙ ඇයි ඔප්පා"

"මට ආදරේ කරන්න අයිතිය තියෙනවනෙ සෝ...ලබාගන්න තරම් ආත්මාර්තකාමි නොවුනට හිමිනොවුන හිතට මං ආත්මාර්තකාමි විදිහට තාමත් ආදරෙයි."

බිදුනු හඩෙ සෝයුන්ට පෙනුනෙ ජිමින් හැමෝගෙන්ම හංගන එයාගෙ ආදරනීය හදවත.ඒ හිත ඇතුලින් ඉකිගගහා අඩනවා කියලා සෝයුන් එ ඇස් වලින් දැක්කා.ජිමින්ගෙ ආදරෙත් අහසයි පොලවයි වගෙ.ලංවෙන්න බැරි තරමට ඒ හිත ජිමින්ගෙන් ඈතයි.

"හැමදේම හරියයි ඔප්පා.ඔයාගෙ චූටි හැමදාටම ඔයා එක්ක ඉන්නවා.මියානෙ හිත රිද්දුවට.මගෙ ඔප්පා අඩනවා දකින්න මම ආස නැ."

INTO U ᥫ᭡|| Jjk ✔Where stories live. Discover now