🌟Chapter 03🌟

106 27 10
                                    

3Rd.....

Author pov....

වීහු එහෙම ඇහුවත් ටාරා කියපු දේ නිසා වීහුගේ මූන බෙරි වෙලා ගියා....

ටාරා - " මටත් වඩා කොට එකෙක් එතන ඉන්නවා කියලා තමා ඌ උඹ දිහා බලන් හිතුවේ..."😂

වීහු - "මූසල කොට තාරාවා...පස්සෙ හම්බෙයිනෙ ඕකා...😒"

සමා - "කටවහල් වහගනියව්..."

සමා ටිකක් කට්ටිය දිහාම බලලා ඔරවලා ඉවර වෙලා කෙලින්ම ටාරා දිහාවට හැරුනා...

සමා - "මේ...මහලොකු වවුලෝ...පොඩ්ඩක් මනසින් ගිහින්වත් බලහන්කො ඔෆිස් එක තියෙන්නෙ කොහෙද කියලා...."

ටාරා - "අඩෝ සිරාවට...පොඩ්ඩක් හිටාන් මේ යනවා "

ටාරා - " ලඟ ඉඳල තියෙන්නෙ යකූ...යමන් ඉස්සරහට ගිහින් දකුනට කෙලින්ම "

ටික වෙලාවක් ඇස් පියාගෙන හිටපු ටාරා ඊලඟ තප්පරේම එහෙම කියලා ඉස්සරවෙද්දී කෙල්ලො ටිකත් ටාරාගේ පස්සෙන්ම යන්න ගත්තා...

කොහොමින් කොහොම හරි අන්තිමේදී ඔෆිස් එක හොයාගත්තු කෙල්ලො ටික තමන්ගේ හොස්ටල් එකත් හොයාගෙන ගියේ හෙඩ්මාස්ටර්ගේ අනුදැනුම යටතෙයි...

කොල්ලො ටිකත් අන්තිමේ තමන්ගේ හොස්ටල් වලට යද්දී  කට්ටියගෙම ඇස් උඩ ගියේ කෙල්ලෝ.කොල්ලෝ බේදයක් නැතුව හැමෝටම එකට ඉන්න තියෙන නිසයි...

ටේ - ට #කන්න මේ මොකක්ද මේ...😵

ජින් - ඒලියන් තෝ මගෙන් කන්න යන්නෙ ඔය කටට බ්‍රේක්එකක් නැතුව කියවලා...

ටේ - අයිම් අ ගුඩ් බෝයි ජිනා...

ජේකේ - අනේ තොගෙ ගුඩ්

ජිමින් - ඒකනම් සිරා

ජෙනී - ඕ නෝ....කොල්ලො කෙල්ලො එකට🤤

ජෙනී එහෙම කියලා වටපිටාව බලද්දී හිරූයි වීහුයි දෙන්නම මූනට මූන බලාගත්තේ නිකන් ට්වින් ටෙලිපති කියන්න වගේ.

හිරූ - මට හිතෙන දේමද ඔයාට හිතෙන්නෙත්...

වීහු - එසේයි අක්කන්ඩිය....

යශී - මොකක්ත උඹලට දැන් හිතෙන්නෙ...

වීහු & හිරූ - මේකි ලඟදිම මෙතන ඉන්න කොල්ලෙක්ව දූශනේ කරනවා..අර බලහන් කෙල පෙරන හැටි...

ජානු - ඒ ජෙනී..මෙහෙ වරෙන් කිකිලි

කට්ටියම තමන්ට වෙන්වුනු ඇඳවල් වලින් තමන්ගේ බඩු තියලා වටපිටාවේ ඉන්න අයත් එක්ක කතා කරහම තමා වැදගත්ම දේ දැනගත්තේ....

මායා පාසලේ තමන් කරන ක්‍රියාකාරකම්වලට අනුව ලකුනු දාන පොතක් තියෙනවලු..ඉතින් ඒ ගන්න ලකුනු වල හැටියට තමාලු සැපපහසුකම් හම්බෙන්නේ..හුඟාක් ලකුනු ගන්න අයටත් මට්ටම් පහක් තියෙනවලු....ඒ ලකුනු වලට ආවම එයාලටම ආවේනික වෙච්චි බැජ් එකක් හම්බෙනවා වගේම සැපපහසුකමුත් වැඩිවෙන බව මෙයාලා දැනගත්තේ දැනුයි...

පස්වෙනි මට්ටමේ අයට නිල් බැජ් එකකුත් 💙

සිව්වැනි මට්ටමේ අයට කොල බැජ් එකකුත් 💚

තෙවැනි මට්ටමේ අයට කහ බැජ් එකකුත් 💛

දෙවැනි මට්ටමේ අයට තැඹිලි බැජ් එකකුත් 🧡

පලමුවැනි මට්ටමේ අයට රතු බැජ් එකකුත් ❤️

පිලිවෙලින් හම්බවෙනවා ප්‍රධාන මට්ටම් පහේ අයට....

පස්වෙනි මට්ටමේ බැජ් එකක් හම්බවුනොත් ඒ කෙනාට මේ ලොකු හොස්ටල් රූම් එකෙන් අයින් වෙලා යන්න පුලුවන් දහදෙනෙක් විතරක් ඉන්න හොස්ටල් රූම් එකකට....

එතකොට සිව්වැනි මට්ටමේ බැජ් එකක් හම්බුනු අයට ඉන්න පුලුවන් කලින් මට්ටමටත් වඩා සැපපහසු කාමරේක..ඒ කාමරේ අටදෙනෙක්ට විතරයි ඉන්න පුලුවන්....

තෙවැනි මට්ටමේ අයට ඊටත් වඩා සැපපහසු කම් වැඩියි...ඒ වගේ කාමරේක ඉන්න පුලුවන් හතරදෙනෙක්ට විතරයි...

දෙවැනි මට්ටමේ අයට හම්බෙන කාමරේක ඉන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි...සැපපහසුකමුත් උපරිමයි...

පලමුවැනි මට්ටමට ආපු කෙනෙක්ටනම් තනි කාමරේක ඉන්න පුලුවන්...තමන්ට කැමති විදියට....ඒක තමා මෙහේ තියෙන සැපපහසුම කාමරේ....

ටාරා - අම්මට හුඩු...ලකුනු අනුව ඒ කියන්නෙ අපිට වෙන් වෙන්න වෙනවා නේ....😑

වීහු - ඒ වගේ...

සමා - දැන් ඔය ගැන හිතන්නෙපා..ආව විතරනේ....

හිරූ - අන්න අර සෙට් එක දැන්මම කෙල්ලො අතරෙ ප්‍රසිද්දයි වගේ..

ජෙනී - එයාලා ලස්සනයිනෙ🤤

ජානු - අනේ නිකන් පල යන්න...

යශී - එයාලා මොනාට ප්‍රසිද්ද වුනාද මන්දා..මටනම් වෙනසක් පේන්නෑ...හා දත් දෙකක් තියෙන මනුස්ස හාවෙකුත් ඉන්නව එතන අර😒

_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

    කාලෙකින්න්න්න්න්න්න්🤭

𝙼𝚊𝚐𝚒𝚌 𝚂𝚌𝚑𝚘𝚘𝚕 ||Ongoing||Where stories live. Discover now