🥀0️⃣1️⃣🥀

887 105 24
                                    


..

..

..

තාමත් උදේ ඉඳන් තිබුණු පින්න වෙනසක් නැතුව ඒ විදිහටම වැටෙනවා..නැවතිල්ලක් නැතුවම එක දිගට වැටෙන හීන් වැස්ස නිසා මට අහස එක්කත් හොඳටම තරහා ගිහින් තිබුණෙ..වහිනවා නම් වහින්න ඕන එකපාර..මේ විදිහට එහෙටත් නැතුව මෙහෙටත් නැතුව වහිද්දි මිනිස්සුන්ට විතරක් නෙවේ සත්තුන්ට පවා එපා වෙලා යනවා..සීනි බෝතලේ පොලවෙ ගහන්න ආව සිතුවිල්ල අමාරුවෙන් යටපත් කරගෙන මං කෝපි කෝප්ප දෙකම අරන් ජනේලෙ ගාවට ගියා..හරිනෙ..ඔය වෙන්නෙ මං හිතුව විදිහටම..මෙච්චර සීතල නගරෙක වහින වෙලාවෙත් මේ පිස්සා කිසිම ගාණක් නැතුව අපූරුවට ජනේලෙත් ඇරන් හිරිකඩට මූන අල්ලන් ඉන්නවා..ඔහොම ගිහින් ලෙඩ උනොත් අන්තිමට විදවන්න වෙන්නෙ මේ අසරන මටයි..මං ඉක්මනටම ජනේලෙ ලගට ගිහින් මේසෙ උඩින් එයාගෙ කොපි කෝප්පෙ තිබ්බා..

...බෝ ගේ....දැන්වත් ඕක නවත්තන්නකෝ..බලන්න ඔහොම ගියොත් ඔයා ලෙඩ වෙයිනේ..

..හ්ම්ම්ම්...අර ඔරලෝසුවේ වෙලාව හරි නේද ..

..අනේ ගේගේ දෙයක් කිව්වම කරන්නකෝ..තවත් ප්‍රශ්න අහන්නෙ නැතුව..කෝ අයින් වෙන්න මට ඕක වහන්න..පිස්සා වගේ දවසම ඕක ඇරන් ඉන්නවා..දැන් වෙලාවක මේ ජනේලෙන්ම  හොරෙක්  පැනලා ඇවිත් ගේගේව උස්සන් යයි ඈ..ඔන්න මං නම් ඒ වෙලාවට නෑ..

..කමක් නෑ..එතකොට හොරෙක්ටවත් මගෙන් වැඩක් තියෙයිනෙ..

..ඔයා ආයෙත් පටන් ගත්තද ගේගේ..

  මං මගෙ කෝපි එකත් පැත්තකිම් තියලා බෝ ගේ ළඟින් වාඩි උනා..අදත් එයා මේ පටන් ගන්න හදන්නෙ ඒ කතාවමයි..කොයිතරම් පැහැදිලි කළත්  ඒ දේ ගැනම එයා මතක් කර කර විදවනවා..මං කැමති නෑ..මගෙ ගේගේ මේ විදිහට විදවනවා බලන්න..හුඟක් වෙලාවට අපට වඩා හොඳට එයා ජීවිතේ දැක්කත් තවත් සමහර වෙලාවට පුංචි දරුවෙක්ට වඩා අන්ත විදිහට එයා මානසිකව වැටුණා..එයාව ඒ තත්ත්වෙන් මුදව ගන්න කරන්න පුලුවන් හැමදේම අපි කරා..ගෙදරට මොන තරම් මනෝ උපදේශකයො ගෙන්නුවත් වැඩක් උනේ නෑ..මොකද මගෙ ගේගේ හිර කාරයෙක් වගේ මේ ගේ ඇතුලෙම හිර වෙලා ඉද්දි එයාට මානසික නිදහස තියා සාමාන්‍ය නිදසක්වත් තිබුණෙ නෑ...ඔව්...මගෙ ගේගේට මේ ගෙදරින් එලියට යන්න තහනම්..එයාට ගෙදරින් එළියට එක අඩියක්වත් තියන්න බෑ...අඩුම තරමෙ ඉර එළිය බලන්නවත් පිටට එන එක තහනම් වෙද්දි මටවත් මගෙ ගේගේව පාලනය කරගන්න බැරි වෙලාවල් තිබුනා..හැම සැප සම්පතක්ම තිබිලත් නිදහස විතරක් නැති වෙද්දි මගෙ ගේගේ පොඩි ළමයෙක් වගේ එළියට යන්න ඕන කියලා මගෙ කකුල් දෙක බදාගෙන අඩපු අවස්ථා තිබුනා..ඉතින් මේ වෙලාවෙත් එයා ලෑස්ති වෙන්නෙ අඬන්න නම්..මට කොහෙත්ම ඒක කරන්න දෙන්න බෑ..මගෙ ගේගේ ඉන්න ඕන හිනා වෙලා මිස අඩලා ඇස් රතු කරගෙන නෙවේ ...

🌹WAITING FOR YOU ( Short Yizhan Ff ✔ )🌹Where stories live. Discover now