🥀...Last waiting ...🥀

519 115 62
                                    

..

..

..


සැර බෙහෙත් ගඳ නාහෙ කඩාගෙන ගිහින් ඔලුවෙ පැත්තකුත් කැක්කුම අල්ලද්දි බර වෙලා තිබ්බ ඇහි පිහාටු  මං අරින්න හැදුවා..ඒත් මට බෑ..මුලු ඇගම එක තැනක් කියන්න බැරිව රිදෙන්න ගද්දි ඇස් දෙක ඇර ගන්න බැරිව මං ඇස් වහන්ම ඇස් බෝල එහෙටයි මෙහෙටයි කැරකුවා..ඇස් ඇර ගන්න තියා අත හොල්ලන්නවත් මට පන නෑ..මැණික් කටුව ගාවින් අත මොකකට හරි හිර වෙලා වගේ..මං හිතන්නෙ ආයෙත් මට සේලයින් දීලද කොහෙදො..මේ සැර බෙහෙත් ගඳ..මං ඉන්නෙ හොස්පිටල් එකකද..මෙහෙම වෙන්න තරම් මට මොනවද උනේ..මං බැරි වෙලාවක්වත් ආයෙත් අසනීප වෙලාවත්ද..වෙන්න ඇති ..මට මේ වගේ අමාරුවක් දැනුනෙ අවුරුදු දහයකට විතර කලින්..ආයෙත් ඒ වේදනාව දැනෙනවා කියන්නෙ ...හ්ම්ම්ම්...මං ලොකු පිස්සුවක් නටලා වගේ..ඇගම වේදනා දෙද්දි මං ඇස් අරින්න දගලන්නෙ නැතුව හොදට කන් ඇරන් ඇහුම්කන් දෙන්න ගත්තෙ මම ඉන්න තැන ගැන අදහසක් ගන්නයි..ඒත් එක්කම මට ඇහුනෙ ශියන්ගෙ කට හඬ..

..මේක බරපතලයිද..

..දැනට බරපතල නෑ..ඒත් ඊලග වතාව නම්..මෙහෙමයි ආය පාරක් මේ වගේ දෙයක් උනොත් යීබෝව බේරගන්න එක ගොඩක් අමාරුයි..මේ තුන්වෙනි පාර නේද..

..ඔව් මිස්ටර් යූන්..පළවෙනි පාර ගේගේ ගෙ මමා නැති උනු වෙලාවෙ...ඒ වෙලාවෙ ලෙඩේ ගැන හරියටම කියන්න දැනන් ඉදලා නැති නිසා තත්ත්වෙ ටිකක් දරුණු වෙලා...ඊලගට එයා ආදරේ කරපු කෙනා නැති උනා කියලා දැනගත්ත වෙලේ..වාසනාවකට වගේ එදා ශොක් එක නිසා පෙයින් උනු නිසා ලොකු ප්‍රශ්නයක් උනේ නෑ..මං ඒවෙලෙ ඉන්ජෙක්ශන් එකත් වෙලාවට දුන්නා ..ඒත් මේ පාර මං පරක්කු උනා මිස්ටර් යූන්..හිතේ හිර කරන් හිටිය පීඩනේ එකපාරටම එලියට දැම්මත් එක්ක ඒ තත්ත්වෙ ආය දරුණු උනා..මං හිතුවෙ නෑ එහෙම වෙයි කියලා..මේක සම්පූර්ණයෙන්ම මගෙ වැරැද්ද මිස්ටර් යූන්..මට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා..

..ඒක ඔයාගෙ පිටට දාගන්න එපා දරුවො..මේක ඉතින් මේ ලෙඩේ හැටිනේ..හැමදේම උනේ එයාගෙ මානසික පීඩනේ නිසා මිස ඔයා හින්දා නෙවේ..මීට පස්සෙවත් එයාව හොදට බලාගමු අපි..හිතට දුකක් දැනෙන්න දෙන්න එපා හැමවෙලේම එයාව සතුටින් තියා ගන්න බලන්න..


🌹WAITING FOR YOU ( Short Yizhan Ff ✔ )🌹Where stories live. Discover now