🥀1️⃣0️⃣🥀

326 83 27
                                    



..



..



..






පැයක්..සමහර විට පැය ගාණක්..හරියටම කියන්න දන්නෙ නැති උනත් මං හුඟක් වෙලා ඉඳන් වීදුරු ජනේලෙන් පේන පාර දිහා බලාගෙන හිටියා..කාලගුනේ වෙනස් වෙලා මේ පැත්ත ගොඩක් ලස්සන වෙලා තිබුණත් එයා නෑ කියලා ගෙවන තප්පරේ පවා මට දැනුනෙ මගෙ හුස්ම හිර කරනවා කියලයි..ඔව්..ඒක වෙන්න එපැයි..මට ජීවත් වෙන්න හේතුවක් දීලා මගෙ හුස්ම උනු එයා එක තප්පරේකින් ආය නොඑන්නම මගෙන් ඈතට ගිහින් තියෙද්දි මං කොහොමද සැනසීමෙන් හුස්ම ගන්නෙ..එයා ගැන මට එක රෝම කූපෙකින්වත් අයිතියක් තිබ්බෙ නැති බව ඇත්ත..අපි දෙන්නා කතා කරනවා තියා එක්කෙනාගෙ මූන දිහා කෙලින්වත් බලලා නෑ..අඩුම තරමෙ හැමදාම පරිස්සමෙන් ගෙදර එයි කියලා මග බලන් ජනේලයක් ගාවට වෙලා කෙනෙක් ඉන්නවා කියලවත් එයා දන්නෙ නැතුව ඇති...කොහොම කියලා දැනගන්නද..මහ මෙරක් වගේ හිතේ හංගන් ඉන්න ආදරේ බැල්මකින්වත් පෙන්නගන්න බැරිව ඒ ආදරේ දුවගෙන ගිහින් ඒ ඇස් දිහා බලන් කියාගන්න පණක් නැතුව මේ ගෙයක් ඇතුලෙම හිර වෙලා ඉන්න මං ගැන එයා කොහොම දැන ගන්නද..දැනගත්තත් වැඩක් තියෙනවද..මං වගේ අබ්බගාතයෙක්ට ඒ දවසම දුවලා පැනලා ඉන්න කොල්ලා ආදරේ කරයිද..ඇරත් එයාගෙ වයස..තව අවුරුද්දකින් මට තිහක් වෙද්දි එයාට දහ අටයි..ජීවිතේ හොදම කාලෙ යාලුවො එක්ක ගෙවන්න ඕන එයා මට ආදරේ කරලා ඉතුරු කාලෙ අබ්බගාතයෙක්ගේ රෝද පුටුවක් තල්ලු කර කර නාස්ති කර ගන්න ඕනද....එයාට ලස්සන අනාගතයක් තියෙනවා..අතාරින්න මොන තරම් ලෝබ උනත් මට බෑ මං නිසා එයාගෙ අනාගතේ විනාශ වෙනවා බලන්න..ආදරේ කියන්නෙ ලබාගෙන ළඟින් තියන් ඉන්න එක විතරක් නෙවේ ..ආදරේ කියන්නෙ අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් කැප වෙන එක..විශ්වාසයක් නැති තැනක ආදරයක් නෑ වගේම අයිතිවාසිකම් ලබා නොදෙන තැනක බැදීම්වල පැවතීමකුත් නෑ..ඒක හරි අපූරුවට එයා මට යන්න කලින් තේරුම් කරලා දීලා ගියා.. එයා නැති උනත් මොකද..මට එයාගෙ මතක හරි තියෙනවනේ..ඒ ඇති මට මැරෙනකම් හුස්ම අල්ලන්න..






..බෝ..ගේ...




හැරෙන්න ඕන නෑ ඒ පර්ෆියුම් සුවදෙන්ම දන්නවා මං ආවෙ කවුද කියලා ..මගෙ ඩිඩි..මගෙ හදවත ගැහුනෙ ජාන් නිසා වෙද්දි ඒ හදවතට හිතන්න කියලා දුන්නෙ ශියෑන්..අවුරුදු දහයක් කියන්නෙ ලේසි කාලයක් නෙවේ..අනාතයෙක් විදිහට ඉපදුනු එයාට ජීවිතේ ගොඩ නගාගෙන සතුටින් ඉන්න ඕන තරම් පුලුවන්කම තිබිලත් කාටවත් වැඩක් නැති මං වෙනුවෙන් එයාගෙ ජීවිතේ හොඳම කාලෙ කැප කලා..මං ලගට නාව නම් එයා මේ වෙද්දිත් කැම්පස් ගිහින් ඩ්‍රිග්‍රිය අරන් හොද තැනක සතුටින් ජීවත් වෙනවා..මට දුකයි මං නිසා ඒ අහින්සකයගෙ ජීවිතේ නාස්ති උනු එක ගැන මට දුකයි..ඒ නිසාමයි මට බය මං ලංවුනොත් ශියන්ට උනා වගේ මගෙ ජාන්ටත් එයාගෙ හොඳම කාලෙ නාස්ති කර ගන්න වෙයි කියලා..මං හින්ද ශියනුත් අවුරුදු දහයක් මේ ගේ ඇතුලෙ හි‍ර වෙලා හිර කාරයෙක් වගේ හිටියා..මං දන්නවා එයා ඒකට කවදාවත් මට දොස් කියන්නෙ නෑ..මොකද එයාට ඉන්නෙ මම විතරයි වගේම මට දැන් ඉන්නෙත් එයා විතරයි ..නොකිව්වත් මං දන්නවා එයා ඕනම දෙයක් කරලා මගෙ මූනට හිනාවක් ගේන්න ලෑස්ති කියලා..ඒ තරමට එයා මට ආදරෙයි ..ජාන් නැති උනත් මං මෙහෙම හරි ඉන්නෙ එයා නිසා..ඇත්තටම මට සහෝදරයෙක් හිටියත් ශියන් තරම් කවදාවත් මාව තේරුම් අරන් මාව බලාගන්න එකක් නෑ..මගෙ ඩිඩි නැත්නම් සමහරවිට මං මේ වෙද්දිත් මොනා කරන්ද කියන්න දන්නෙ නෑ..ශියන් ...මට තේරෙනවා එයා උන්නෙ දුකින්..අපි දෙන්නව එකතු කරන්න හැමදාම හීන මවපු එයා අද දුකින්.. මට සමාවෙන්න ..ඒත් මං මොනා කියලා කරන්නද ..මට බෑනෙ මං නිසා එයාට උනා වගේ ජාන්ගෙ ජීවිතෙත් විනාශ වෙනවා බලන්න...


🌹WAITING FOR YOU ( Short Yizhan Ff ✔ )🌹Where stories live. Discover now