🥀0️⃣7️⃣🥀

259 75 19
                                    

..

..

..

(මට අඩන හැඟීම් එන්නෙ නටන්න පුලුවන් සින්දුවක් ඇහුවාම..ඇඩෙන සින්දුවක් ඇහුවාම හොඳටම හිනා යනවා...meanwhile වටේ යන බස් නවත්තන්න ඩිපෝ හොයන  මං 😎😎 )

..

..

..

  හැමදේම වෙන්නෙ දෛවයට අනුව කියලා කිව්වට හැමවෙලාවකම ඒ දෛවය සාධාරණයි කියලා හිතනවද...දරාගෙන ඉවසන් ඉන්න කෙනාටම ඉවරයක් නැතුව ප්‍රශ්න පිට ප්‍රශ්න වැටෙද්දි දෙවියො කියලා කවුරුත් නෑ කියලා හිතන තරමට මිනිස්සු අසරණ වෙනවා..දෛවය අපට හැමදේම දරාගෙන ජීවත් වෙන හැටි උගන්නනවා ඇති ..ඒත් ඒ දරාගන්න පුලුවන් සීමාවත් පැනලා ගියපු වෙලාවට...තවත් දරාගන්නවද නැත්නම් ජීවිතෙන්ම පැනලා යනවද කියලා තීරණයක් ගන්න වෙද්දි හැමපැත්තෙන්ම කඩන් වැටුණු මිනිස්සු තෝර ගන්නෙ ලේසිම මාර්ගෙ..ඒ තමා හැමදේකින්ම අයින් වෙන එක..සමහර විට සදාකාලයටම..ඒක ප්‍රශ්නවලට විසඳුමක් නොවුනත් වෙන විකල්පයක් හොයා ගන්න බැරි තරමට දෛවය මිනිස්සුන්ව අසරණ කලාම අකමැත්තෙන් හරි තෝර ගන්න වෙන්නෙ ඒ තීරනේම තමා..වැරැද්ද කාගෙ උනත් සමහර දේවල් මිනිස්සුන්ව ජීවිතේ අන්තෙටම වට්ටද්දි මං හුස්මක්වත් ගන්නෙ නැතුව බෝගේ ලගට දිව්වා..මං ලොක් කරලා ගිය දොර මටම ඇරගන්න බැරි විදිහට අත වෙවුලද්දි බයටම මට ඉකි ගැහුනා..අමාරුවෙන් උනත් දොර ඇර ගෙන ඇතුලට පනිද්දි දැක්ක දේ නිසා මට කෑ ගැහුනා..

...බෝගේ....

තප්පරයක්වත් නොයිද මං එයා ලගට දිව්වා..මගෙ ගේගේ ...එයා වැටිලා ...එයා බිම වැටිලා හොඳටම අඩනවා..එයාට නැගිට ගන්නවත් බෑ..මං ලගට ගිහින් නැගිට්ටවන්න හැදුවත් එයා මගෙ කොලර් එක බදාගෙන කෑ ගහන්න ගත්තා..

..ආ- ශියන් ...මගෙ..ජා...න්...එයා.. කොහෙද ...එයා..ට මොකද උ..නේ..අ..අ..අර..පිච්..චිලා..තියෙන්නෙ එයා..ල..ගෙ..ගෙදර... වි..තරයි..නේ..ද ..කිය..පන්..මට..ජා..න්..ඉන්නවා..කියලා..එයා..ට මුකුත් උ..නේ..නෑ කියලා..මට..කියපන්...ඇයි කට වහ..න් ඉන්නෙ..මොනා හරි කියපන් මිනිහො...මට කියප..න්..මගෙ කොල්ලට..මුකුත් උනේ..නෑ..කියලා..කියපන්..යකෝ...

දෙන්න ඕන උත්තරේ හිතා ගන්න මං එයා දිහා බලාගෙනම හිටියා...මොකක්ද මං දෙන්න ඕන උත්තරේ ...මොනවා කියලා මං එයාට කියන්නද...එයාගෙ පළවෙනි ආදරේ, එයාගෙ පණ,එයාගෙ නසරානි පොඩි එකා ...එයා යන්නම ගිහින් කියන්නද..තවමත් දන්නෙ නැති උනත් එයා පාර දිගේ උඩ පැන පැන  එනකම් මග බලන් ඉන්න බෝගේටවත් නොකියා ගිහින් කියන්නද..මං මොනාද කියන්නෙ ...හැමදාම උදේට බෝගේගෙ මූනෙ හිනාවක් ඇති කරන එයා ඒ මූනෙ අන්තිම හිනාවත් අරන් යන්න ගිහින් කියන්නද...

🌹WAITING FOR YOU ( Short Yizhan Ff ✔ )🌹Where stories live. Discover now