4.

1K 172 69
                                    

dinner time....

'දෙයියනේ ළමයි....! ඔය සීනි එක..හොද්දට සීනි දාලා කන්න බෑ..'

'අහ් එහෙමද..මන් හිතුවේ මේ ලුණු කියලා!..කොරි සුදූ තරා ගන්න එපා ඉතින්' ඒ නසරාණි ජිමින්

'පාන් පිටිද හාල් පිටිද ඕඔනේ ...දෙකම සුදු පාටයිනේ ආච්චියේ...' ඒ මෝඩ ටේ

'අයියෝ මෙ ළමයි මගේ ප්‍රෙශර් නග්ගනවා.... දුවනවා දෙන්නම කුස්සියෙන් එලියට.. නැත්තන් දෙන්නෙ මන් පස්ස පැත්තේ හැදි මිටේ පාර හිටින්නම' අහිංසක සූහි!

'දැන් මොකද කරන්නෙ..කම්මැලිනේ ටේ' 

'හුම්..ඒකනේ..' සෝෆා එකේ ෆාඩි වෙලා කකුල් දෙකත් පද්දන ගමන් ටේ කිව්වෙ තොලත් නොපිට පෙරලගෙන..

'මොකද කියන්නෙ කාටූන් එකක් බලමුද..ස්නෝවයිට්?'

'නියමයි'


විනාඩි 30කට විතර පස්සෙ කාටුන් බල බල හිටපු දෙන්නගෙ අවදානෙ බිදුනේ වාහනේක සද්දෙකට

'ආච්චේ!!!!! දොර අරින්නකෝ!'

'මොකද ජිමිනි බෙරිහන් දෙන්නෙ..මන් මේ පිටිත් අතේ ගාගෙන ඉන්නෙ දරුවෝ..පුංචි බේබි ආව නම් ගිහින් දොර අරින්නකො'

'අනේප් මට  නම් බෑ..'

'අනේ මන්දා මේ ළමයි නම් එහෙනම් ඉක්මනට ඇවිත් මේ පිටි ටික කලවම් කරන්න මන් දෙර අරිනකන්'

මූනත් දෙක කරන් එතනට ආව ජිමින් බුග් ගාලා පිටි භාජනේට අත දැම්මේ ආච්චිටත් රවන ගමන්..ඒත් ඉතින් ජිමින් කියන්නෙ ජිමින්!

හෙමීට තමන්ගෙ එහා පැත්තේ ඉදගෙන කුස්සිය වටේ බල බල හිටපු ටේගේ මූන දිහා බලල කුප්ප හිනාවක් දාපු ජිමින් තමන්ගේ බෝල අතක් හරි ලස්සනට ටේගේ කම්මුලේ තියලා පහළට ඇද්දා...එක පාරට උනේ මොකක්ද කියලා ප්‍රොසෙස් කරගන්න ටික වෙලාවක් ගියපු ටේ පිටි අහුරක් අතට ගන්නකොට ජිමින් කුස්සියේ ඉදන් සාලෙට දුවලත් ඉවරයි..අහිංසක ටේ! 

'යාආආආආආආආආආආහ්....කොට තාරාවා ඔහොම ඉන්නවා' තුවාලත් පැත්තක දාපු ටේ ජිමින් පස්සෙ එලෙව්වෙ මැරතන් දුවනවා වගේ..ඒ අස්සෙ ජිමින් තාර පැටියා වගේ සෝෆා එකෙන් සෝෆා එකට පනිනවා..ඒත් දොරෙන් ඇතුලට ආපු එක ඇස් දෙකක් මේ දිහා පුදුමෙන් බලන් ඉන්නකොට තවත් ඇස් දෙකක් මේ දිහා කිසිම හැගීමක් නැති හිස් ඇස් වලින් බලන් හිටියා..හරියට කලින් මේක දැනන් හිටියා වගේ..

𝗛𝗶𝘀 𝘀𝗺𝗶𝗹𝗲   ||𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸||Where stories live. Discover now