5.

985 173 56
                                    

 Tae Pov 

අහස කියන්නෙත් හරියට අපේ හිත වගේ...එක එක වෙලාවට එක එක පාටින් පිරිලා යනවා...ළා තැබිලි පාටක් එක්ක රෝස පාටින් පාට වෙච්ච හැන්දෑ අහස එක්ක වෙල් යායෙන් එන වියලි හීතල හුළග එක්ක දුම් දාන කෝපි කෝප්පයක් කියන්නේ වෙනම රසයක්...

හරියටම සතියක්...ආපහු මම ළමා නිවාසෙට ඇවිත් සතියක් ගිහින් තිබුනත් තාමත් මට අර කලු ඇස් අමතක කරන්න බැරි වෙලා තිබුණා...ජිමිනි , ආච්චිඅම්මා හැමදාම වගේ කතා කරත් අඩුම මන් පරිස්සමින් ගියාද කියලා අහන්නවත් එයා කතා කරේ නෑ...

ඇත්තනේ ඉතින් එයාට මොකද මන් පරිස්සමින් ගියත් නැතත්...ඒකනේ සුදුමැලි මනුස්සයා එක්ක මාව එව්වෙ..යුන්ගි...එයාගේ නම මින් යුන්ගි..එන ගමන් මා එක්ක කිව්වෙ..කලු ඇස් වල නම අහන්න හිතුනත් යුන්ගි හ්‍යුන් මොනා හිතයිද දන්නෙ නෑ නේ...

එයා ඇත්තටම කඩවසම් පිරිමියෙක්...ඒ කලු ඇස්..කිසිම වෙලාවක හැගීමක් නෑ...ඒ පළල් උරහිස්..එයාට මාව තනි අතින් උස්සන් යන්න පුලුවන්..ඒ රාවෙන් පාට කොන්ඩේන් දාලා තියෙන පුංචි පෝනි ටේල් එක...එයාට තියෙන්නෙ වෙනම මෑන්ලි ලුක් එකක්...

හරියටම මන් එයාව දැක්කෙ එදා රෑ කිචන් එකේදී..

flashback

 කුස්සියට ආපු මම සාලේ සෝෆා එකේ මට පිටිපාලා ඉදගෙන ඉන්න කලු ඇස් දැකලා ගල් උනා..! එයා හිටියේ ශර්ට් ලස්..මම මැරෙන්නයි යන්නෙ...

.ගෝඩ් ඒ ටැටූ එක..එයාගෙ මුලු අත් දෙකේම වගේම ආර්ම් එකෙත් ඒක තිබ්බා..ඒ පිරුණු මස් ගොබ..මට හොදටම විශ්වාසයි එයාට මාව පුලුං කෑල්ලක් වගේ උඩට උස්සන්න පුලුවන්..සමහරවිට එයා මන් එනවා දකින්න නැතුව ඇති...ඉක්මනට වතුර බීලා මාරු වෙන්න ඕනේ කියන ක්ශ්නික සිතුවිල්ලත් එක්ක හෙමීට කුස්සියට අඩිය තිබ්බ මන් සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න වතුර වීදුරුව බිව්වා...මන් දන්නෙ නෑ ඇයි කියන්න ඒත් මට හැංගෙන්න ඕනේ උනා..

.හෙමීට කිචන් අයිලන්ඩ් එකෙන් ග්ලාස් එක තිබ්බ මන්  යන්න කියලා හැරුනත් මන් දිහා එක එල්ලෙ එල්ල වෙලා තියෙන ලා රතට හුරු හීනි ඇස් දෙක නිසා තව අඩියක්වත් හෙල්ලෙන්න බැරි විදිහට මාව ගල් උනා.කෑ ගැහෙයි කියන බයට අත් දෙකෙන්ම කට තද කර ගත්ත මට තේරුනා මගේ අල්ල දාඩියෙන් පෙගෙනවා කියලා...

𝗛𝗶𝘀 𝘀𝗺𝗶𝗹𝗲   ||𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸||Where stories live. Discover now