3.

285 50 8
                                    


'ආහ්~ම්ම් ම්ම්....මගෙ ඔලුව.......'  මූණට දැනුන තෙත ගතිය නිසා හෙමින් ඇස් ඇරපු ටේ දැක්කේ එයා දිහාට එබිලා ඉන්න හතර දෙනෙක්ගේ ඡායාවක්...ටිකක් වයසක ආච්චි කෙනෙකුයි රවුම් බෝල මූණක් තියෙන කොල්ලෙකුයි

' මන් හිතන්නෙ එයාට සිහිය එනවා !!!' 

'ඉන්නකො ටිකක් සද්ද නොකර ඒ ලමයා බය වෙයි ඔයා ඔහොම කෑ ගැහුවොත් '

'මගෙ දරුවෝ ඔයාට කොහොමද දැන්...ඔයා හොදින් නේද...' කරුණාවන්ත නිවුනු කටහඩකින් ටිකක් වයසක ආච්චි අම්මා එහෙම අහනකොට ටේ හිමිට තමන්ගේ ඔලුව හෙලෙව්වෙ ඔව් කියන්න වගේ....

'හොදයි විස්තර පස්සෙ කතා කරන්න බැරියෑ.. ඉස්සෙල්ලම අපි මේ සුප් එක බීල ඉමුකො..'

'මම මේ ක්..කොහෙද ඉන්නෙ..එතකොට ඔයාලා කවුද?

'දරුවෝ මම පාර්ක් සූහි..එතකොට මේ ඉන්නෙ මගේ මුණුබුරා පාර්ක් ජිමින්..එතකොට ඔයා දැන් මේ ඉන්නේ අපේ හාමු මහත්තයගේ බංගලාව ඇතුලේ.....එතකොට දැන් ඔයා මේක ඕක්කොම බොන්න ඕනේ....' කරුණාවන්ත විදිහට උත්තර දුන්න ආච්චි අම්මා හෙමීට සුප් කෝප්පය පොවන්න ගත්තා...

'අනේ බොහොම ස්තූති ඔයාලට මාව මේ විදිහට බලාගත්තට...' ටේ ඔලුව බිමට නවාගෙන ඇස් වලින් බිමට වැටෙන්න දගලන කදුලු හැංගුවා....

'අනේ දරුවෝ..මට ඔයත් මේ මගේ මුණුබුරා වගේම පුංචි දරුවෙක්..ඉතින් මොකටද ස්තූති කරන්නෙ..ඉතින් මට මේ දරුවා කිව්වෙ නෑනේ මේ දරුවගේ නම මොකක්ද ආවේ කොහෙ ඉදන්ද.. මොකද උනේ කියලා..'

'ඒක තමයි..කිව්වෙ නෑ...එක පාරට ඇවිත් දඩස් ගාල වැටුනා මිසක්.. හොද වෙලාවට ඔයාව උස්සගෙන එන්න මට හයිය තිබ්බෙ නැත්තන් තාම එතන '

මුනත් රතු කරගෙන කෝච්චිය වගේ කියවන කොල්ලා දිහා ටේ නම් බලාගෙන හිටියේ මූ මොකෙක්ද වගේ ලුක් එකකින්..ඇයි යකඩෝ මේහෙමත් කියවනවද මිනිහෙක්ට උදව්වක් කරලා ඉවර උනාම....

'අනේ මට සමාවෙන්න..මම කිම් ටේහියුන්..ම්...මට අම්මා විතරයි ඉන්නේ..හැදුනේ අනාත නිවාසෙක...මෙහෙට ආවෙ......'


 .

.

.

𝗛𝗶𝘀 𝘀𝗺𝗶𝗹𝗲   ||𝘁𝗮𝗲𝗸𝗼𝗼𝗸||Where stories live. Discover now