🧊 1 🧊

474 37 9
                                    

ලා හිරු වෙනදා වගේම කැලිෆෝනියා අහසම ආලෝකමත් කරද්දී මුලු නගරයේම වැසියන් නගර කරා ඇදෙන්න පටන්ගත්තෙ අලුත් දවසක ප්‍රබෝධමත් හෑගීම සනිටුහන් කරමින්...

ටේහියුන් පුරුදු පරිදි ජසෙරා උද්‍යානයේ කොනේ තිබුන බෙන්ච් එකේ වාඩිවෙලා පොතක් කියවමින් උන්නේ කවුරුන්ගෙ හෝ පැමිනීමක් බලාපොරොත්තුවෙන් වගේ...

"ටේ හියොන්...."

ටේ හියොන් කියවමින් හිටිය පොත වහලා බෙන්ච් එක මතින් තියලා වාඩි වුනා හෝසොක් දෙස බැලුවා...

"මොකද හොබි අවුලෙන් වගෙ...ප්‍රශ්නයක් ද...?"

වෙනදා ආවාම නොනවත්වා කියවන හෝසොක් වාඩිවෙලා නිහඩව සෙල්ලම් කරන ළමයින් දිහා බලන් ඉද්දි ටේහියුන්ට ඉවෙන් මෙන් දැනුනා හෝසොක් හොදින් නොවන බව...

"එහෙමමත් නැ....ඇයි හියොන් එහෙම පේනවාද..?"

"ම්ම්ම්ම්...පේනවාටත් වඩා මට දැනෙනවා..."

"හ්ම්ම්ම්...😕"

"දන්නවාද හොබි ප්‍රශ්න වලට විසදුම් තනියෙන් හොයන්න බැරි නම් කරන්න තියෙන හොදම දේ තව කෙනෙක්ගෙන් උදව් ගන්න එක...."

"ඉතින් කියන්නකො...මොකක්ද අවුල...?"

ටේහියුන්ගෙ වචන වලින් , අදුරුවෙලා තිබ්බ හෝසොක්ගෙ මුහුණට ලස්සන හිනාවක් ආවා..
හෝසොක් හිනාවෙවිම ටේහියුන් දෙසයි දෑත් දෙසයි මාරුවෙන් මාරුවට බැලුවේ ඇගිලි පටල පටල...

"මේකයි...අපේ නූනා ඉන්නෙ..."

"හ්ම්...ඉතින්..."

"එයා දැන් මාස කීපෙකට කලින් ජොබ් එකකට ගියානෙ...ගෙදරින් කියලා තිබ්බා ජොබ් එකක් කරන්න ගත්තම මැරි කරන්න කියලා...අනික දැන් එයා 26ක්නේ...ඒ නිසා එයාට ඩැඩා ප්‍රපෝසල් එකක් ගෙනල්ලා... ඉක්මනට මැරි කරන්න කියලා ගෙදරින් බල කරනවා දැන්..."

"ඒක හොදයිනෙ ඉතින්...
ඉගෙනගෙනත් ඉවර නන් වයසත් හරි නන් ජොබ් එකකුත් කරන එකේ මැරි කරාම මොකද...අනික එයා ගෑනූ ලමයෙක්නෙ ඒ නිසා වෙන්නැති ගෙදරින් හදිස්සි කරන්නෙ..."

"ඒ නිසා තමා මාත් හිතන්නෙ...ඒත් නූනා කැමති නෑ මේ ප්‍රපෝසල් එකට...මට තේරෙන්නෙ නැ මොකක්ද කරන්න ඕන කියලා...නූනා ටිකක් අවුලෙන් ඉන්නෙ..ඉතින් මටත් අවුල්..."

COFFEE WITH BUTTER COOKIES | •VHOPE•Where stories live. Discover now