🧊 6 🧊

139 25 25
                                    

සවස 6.20 පමණ වන විට නිවස අසලට පැමිනි හෝසොක් දැක්කෙ ඩැඩාගෙ වාහනයට අමතරව ගරාජ් එකේ නවත්තලා තියෙන අනිත් වාහනය...

"එයාලා ඇවිත් වගෙ...මං පරක්කුයි..."

හෝසොක් ශබ්ද නැසෙන විදියට හිමින් හිමින් ඇවිත් නිවස අයිනෙ කෙටි තාප්පයට නැගලා නූනාගෙ කාමරයෙ බැල්කනි එකට පැනගත්තා...ඒ වන විටත් නූනා හෝසොක්ව බලාපොරොත්තුවෙන් බැල්කනි ඩෝ එක ඇරලා දාලා තිබ්බා...හෝසොක් ඉක්මනට රූම් එක ඇතුලට ඇවිත් නූනාගෙ ෆෝන් එකට මැසේජ් එකක් දාලා බලන් හිටියෙ නූනාගෙ පැමිනීම බලාපොරොත්තුවෙන්...

"ඇයි මෝඩ පැටියෝ පරක්කු උනෙ...අර මිනිස්සු ඔයාව හෙව්වා..."

එකපාරටම දොර ඇරන් කාමරේට ආව නූනා හෝසොක්ට කියවන්න පටන්ගත්ත...

"හරි හරි වදේ...පොඩ්ඩක් පරක්කු උනා....ඩැඩා බැන්නාද...🙂"

"නැ...බනින්න කලින් හියොන් කිව්වා ඔයා කාමරේට වෙලා යුනිවර්සිටි එකෙ ඔන්ලයින් ලෙක්චර් එකක , ඒක ඉවරවෙලා ඉක්මනට පහලට එයි කියලා..."

"අම්මො ඇති යන්තන් ඔයින් ගියා..."

"හරි....හරි....දැන් ඔය කියෙව්ව ඇති ඉක්මනට වොෂ් එකක් දාන් ලෑස්ති වෙලා පහලට එන්න...මං ඇද උඩ ඇදුම් ටික තිබ්බා ඔයාගෙ..."

"මේ රූම් එකේද..."

"ඔව් ඔව් පිස්සො...දැන් අර ඇවිත් ඉන්න මිනිස්සු මැද්දෙන් ඔයාට ඔයාගෙ රූම් එකට යන්න බෑනෙ..ඒකයි මං මෙහෙන් තිබ්බෙ...දැන්වත් ඉක්මන් කරනවාකො මල්ලි..."

නූනා හෝසොක්ව ඇදන් ගිහින් බාතෲම් එකට තල්ලු කරලා ඇදුම් වල අඩුපාඩු ටිකත් බලලා ලෑස්ති කරලා ඉක්මනට පහලට ආවා...

හෝසොක් පැය භාගකින් විතර වොෂ් දාන් නූනා ලෑස්ති කරපු ඇදුමත් ඇදන් ෂූස් එහෙමත් දාන් කන්නාඩි අසලට ඇවිත් ප්‍රියමනාප පෙනුමක් එන විදියට කොන්ඩෙත් පිලිවෙලට හදාගත්තා...

"කෝ ලෑස්ති ද..."

කන්නාඩි ඉදිරියට වෙලා හැඩ බලමින් හිටිය හෝසොක් නූනාගෙ හඩට ගැස්සිලා ඒ පැත්තට බැලුවා...

"වාව් මල්ලි...ඒන්ජල් කෙනෙක් වගෙ...😉"

"මේක අවුලක් නැනෙ නූනා...😁😁😁😁😁"

COFFEE WITH BUTTER COOKIES | •VHOPE•Where stories live. Discover now